ගෝටා ජනපති වුණත් අගමැති රනිල්මයි..- අජිත්

October 9, 2019 at 1:20 pm | lanka C news
ගෝටා ජනපති වුණත් අගමැති රනිල්මයි..- අජිත්

මීලග ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවද අගමැතිවරයා ලෙස කටයුතු කරන්නේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාම බව ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

19 සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් අවුරුදු හතර හමාරක් ගතවන නිසා ඉදිරි කාලයද ගතවන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය තිබියදී බවත් ඔහු කියයි.

ඒ නිසා ජනාධිපතිවරණයෙන් පසු නව අගමැතිවරයෙක් පත් කිරීමට කිසිසේත්ම අවස්ථාවක් නැති බවත් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

61,816 Viewers

51 Comments to “ගෝටා ජනපති වුණත් අගමැති රනිල්මයි..- අජිත්”

  1. ඹව් ඉතින් මොකෝ? නුඹලාට පුඵවන් ගෝටාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනැත් එළවා දමන්න!!!!!!

  2. upul says:

    සජිත් මහතාට අද්‍යාපන සුදුසු කම් නැහැ . ආණ්ඩුවේ සිට ඇති දේශපාලන පළපුරුද්දත් අවුරුදු 7යි . වෙනත් රැකියාවක් වත් කරලත් නැහැ . ඒත් නායකතුමා එකඟවූ පසු පොල්පිත්තකටක් වෙනුවෙන් වුවත් වැඩ කිරීමට අපි පාක්ෂිකයෝ ලෙස කටයුතු කරනවා.

  3. mc says:

    Awurudu 4 1/2 den ewarai puthe, agametith ekkama gedara yanna leshthiweyalla!!!

  4. mala says:

    කොහොමත් වැදගත් කාරණාවක් මතුකරනවා මෙයා
    දැන් අපි හිතමු මහේෂ් තුමා ජනාධිපතිඋනා කියල . එතකොට පාර්ලිමේන්තුව කොහොම හිටීවිද ?
    නිර්පාක්ෂික නඩේ මේ ගැන මොකද දන්නේ නෑ කියන්නේ

  5. Sriaiyya says:

    Parajaya danageanai oaya katawa!

Main News