ගෝටා ජනාධිපති අපේක්‍ෂකයා කියා නම්කර නෑ..- මහින්දගෙන් නිවේදනයක්..

July 18, 2018 at 1:20 pm | lanka C news
ගෝටා ජනාධිපති අපේක්‍ෂකයා කියා නම්කර නෑ..- මහින්දගෙන් නිවේදනයක්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වෙයි.

ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් සමාජ ජාලා වල සංසරණය වීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ලෙස සකස් කරන ලද කූඨ ලේඛනයක් ඊයේ, එනම් 2018 ජුලි 17 වෙනිදා කිසියම් පිරිසක් විසින් සමාජ ජාලා වලට මුදා හැර ඇති බව අපි නීරීක්‍ෂණය කළෙමු. මේ කූඨ ලේඛනයෙන් කර ඇත්තේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂයා හැටියට ගෝඨාභය රාජපක්‍ෂ මහතාව නිල වශයෙන් නම් කර ඇති බව කීමය.

ඊළඟ ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් තවම නම් කර නැති බව මෙයින් අපි දැණුම් දී සිටිමු. හිටපු ජනාධිපතිතුමා සිංගප්පූරු සංචාරයක් සඳහා රටින් පිටවෙන තුරු බලාසිට මේ කූඨ ලේඛනය මුදා හැර තිබෙන බව පැහැදිළිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කරන විට එය මාධ්‍ය නිවේදනයක් මඟින් නොකරන බවත්, එය ප්‍රසිද්ධ ස්ථානයක තමන් පුද්ගලිකවම සිදුකරන බවත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දැණුම් දී සිටී.

අදාල කූඨ ලේඛනයේ සිරස්තලය වූයේ “2020 ජනාධිපතිවරණය” යනුවෙනි. නමුත්, 2020 දී මේ රටේ ජනාධිපතිවරණයක් නැත.ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ 2019 දීය. අපේ ව්‍යවස්ථාවට අනුව 2019 දෙසැම්බර් 09 වෙනිදාට පෙර ඊළඟ ජනාධිපතිවරණය පවත්වා හමාර විය යුතු වේ. මේ බව මුලින්ම ජනතාවට දැණුම් දී සිටියේද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට කලකට පෙර නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් බවද මෙහිදී පෙන්වා දිය යුතුය.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
මාධ්‍ය ලේකම්

97 views

17 Comments to “ගෝටා ජනාධිපති අපේක්‍ෂකයා කියා නම්කර නෑ..- මහින්දගෙන් නිවේදනයක්..”

  1. අයියෝ, අපේ දෙයියෝ

    • පොරියා says:

      ගෝඨභය ට මහින්ද නැතුව තනියම ස්වාදීන අපේක්ශකයෙක් ලෙස ඉදිරිපත්වුවත් ජය ගත හැකි බව කොයි කෙරුමත් දැන ගනීම නුවනට හුරුයි …

      • සදාකාලිකව බලයෙ ඉන්න පුලුවන් කියල හිතුව මහ බයියත්. රටේම සියලු විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය යොදාගෙන රාජ්‍ය සම්පත් මුදල් උපරිමව යොදාගෙනත් 2015 පරාද උනා.ඒ නිසා නිකං හීන දකින්න එපා.

      • ලතා says:

        දුකට කියන කතා.

  2. David Milli-banda says:

    Ado Lankawe lokuma vihiluwa………………………….. may ahanna….
    Rani kiyayi…. 2050 wenakota lankawa hondatama goda……………. Deiyoo sakki. may amanayage anagatha pathum iwarayak nehe………. Anjanang Eliya balalada manda may anagatha waki moo kiyanne?

  3. සීගිරි says:

    මේ පවතින රාජ්‍යයේ බලය හොබවන්නේ හොර දූෂිත පවුල් , කූඨ ව්‍යාපාරික හවුල්, NGO කල්ලි හා බටහිර ඒජන්ත බලවේගයි….. එය ජනතාවගේ ජනරජයක් නොවේ.
    රනිල් මෙෙත්‍රි හෝ මහින්ද ගෝඨා ආවා කියා ඉහත සඳහන් කල, මේ මව්බිමට හතුරැ බලවේග සතු බලය වෙනස් වන්නට යන්නේ නැත.
    උදාහරණක් ලෙස අර්ජුන ඇලෝෂියස් කූඨ ව්‍යාපාරික පවුල කොයි ආණ්ඩුව යටතෙත් යහතින් වැජබුන බලවේගයක් බව පැහැදිලිය…ඔවුන් ආණ්ඩු වෙනස් කිරිමට පවා බලයක් ඇති අඳුරැ බලවේගයකි (dark force).
    මෙවන් dark forces සතු බලය අහිමි කල හැක්කේ ඔවුන්ගේ රාජ්‍යය පෙරලා දමා ජනතාවගේ ජනරජයක් පිහිටුවීමෙන් පමණි….චීනයේ 1949දි සිදු වූයේ එයයි…එම නව වෙනස මග පාදන්නේ දියුණුවට පමණයි.

    • චීනය යනු රටතුල ඇති අමානුෂිකත්වය රාජ්‍ය බලයෙන් යටපත් කරගෙන සිටිනා දූෂිත රාජ්‍යයකි. එහි දියුණුව යැයි හැඳින්වුවද ඇති නැති පරතරය අහස උසටය.පරිසර දූෂණය උපරිමය. එබදු රාජ්‍යයක් වූ සෝවියට් දේශය බිඳීගියේය. චීනය තවමත් තම බලය ජනයාවෙත මුදාහරිමින් සිටී චීනය යනු සතුටින් සුවපහසුව ජනතාව ජීවත්වන රටක් නොවේ.නූතන වහල් හිමියා හා වහලුන් සිටින ජීවමාන උදාහරණයකි.

  4. Nirmal 2020 says:

    අපේ නිර්මාල් දේවසිරි සෑර්ව මේ විදියට සවුත්තු කර දැමීම අන්තිම කැත වැඩකි.

    එම නිසා, ගෝඨා එන්නේ නැතිනම්, ගෝඨා ජනාධිපති කරවීම වෙනුවෙන් තම මුළු දිවියම කැප කර සිටින නිර්මාල් දෙවසිරි සෑර් ව, එකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු යැයි මම යෝජනා කරමි.

    • Mammale MArikkar says:

      Mama ai yojanawa sthira karami. Nirmal Saar niyama mongal poraki. Lankawata ona karanne mongal porakmaya. Sewasirila bera wadana kala karueanya. Saar apita. Api Saarta.

  5. Point Blank says:

    කෝ මේ ගම්මන්පිල උන්නැහේ ඈ..? සද්දයක්වත් නැතුවට බැලුවේ…සරම ඔලුවේ හිටන් පොරවගෙන නිදිද කොහෙද….සමාජෙට මුණ දෙන්න බැරැව.

  6. walpola says:

    Oya Koota Lekane Gahapu eka Pakshe Lekam Karagannwa
    Udinnma dinannna puluwan He he ….

  7. රටට හිතවත් says:

    මොංගල් ගේ කේලම් බලකාය ක්‍රියාත්මක වෙලා රට පුරා කැළෑ පත්තර ගැහුවේ,බොරු ප්‍රචාර ඇරියේ අද විතරක් ද! මේකත් උන්ගේ වැඩක් නේ!! අනික මහින්ද මහත්තයට මේ ….යෝ කොච්චර භයද කියනවා නම්, එතුමා පොඩ්ඩකට රටින් පිටවෙනකම් කාලයක් රැකලා බලං ඉඳල තියෙනවනේ මේ කැළෑ පත්තරේ ගහන්න!!

    • පර්සි මහේන්ද්‍ර කියන්නෙ දැන් අවලංගු කාසියක්.එයාට ආයෙත් බලය ගන්න බෑ.වයස වැඩියි,. බලයත් එක්ක ආපු රැස් ක්‍රමයෙන් බහිනවා. අනාගතේදී ඔය නායකත්වය දියාරු වෙලා යනවා.

  8. darshana says:

    වාසු දේශද්‍රොහියෙක් වුනා, වෙල්ගම ද්‍රොහියෙක් වුනා, අජිත් ප්‍රසන්න කියන ඇම්බැට්යා ද්‍රොහික්යෙක් වුනා. මේ යන රේට් එකෙන් ගියොත් බය්යොන්ට තව ටික කාලෙකින් මහින්දත් දේශද්‍රොහියෙක් වෙයිද දන්නෑ. ඒ තරමට මන්ඩලේ කචල්. බලය වෙනුවෙන් මුන් මරාගන්න මරා ගැනිල්ල. විලි ලැජ්ජාවේ සන්තොශේ බැරුවා.

    • Kumara says:

      තොපි බලාගන ඉන්නෙ ඒකාබද්ධ විපක්ෂෙ කෑලි කෑලිවලට කැඩෙනකම්. එතකොට තොපිට
      පුලුවන්නෙ මේ පරගැති ආණ්ඩුවෙන් ජරාව කන්ට. තොපිට ගහන්ඩ ඕනෙ බූවල්ලට චූ කොරල
      බොලවු!

      • ඔය නැටි කෑල්ලෙන් හරියට එල්ලෙකට චූ කරන්නවත් පුලුවන් ද බං.

  9. BIMBISAARA says:

    AS SRI LANKAN WHAT WE DID WAS CHANGING PEOPLE, AND WE SAW ALL PLAYED THE SAME GAME. SRI LANKA DIDN’T HAVE INTELLIGENCE TO UNDERSTAND THIS. LOKE UTHUM RATA.

Main News