ගෝටා දින්නොත් මා මරාවි.. මගේ දරු දෙන්නා තනිවෙනවා..- හිරුණිකා

October 25, 2019 at 10:40 am | lanka C news
ගෝටා දින්නොත් මා මරාවි.. මගේ දරු දෙන්නා තනිවෙනවා..- හිරුණිකා

ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගතහොත් තමන් මරා දමනු ඇතැයි බියක් දැනෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

තමනට එවන් අතනතුරක් වුවහොත් තම දරු දෙදෙනා තනිවන නිසා තමන් බිය වන බවද ඇය සඳහන් කළාය.

එම බිය අද මෙරට සියළු මවුවරුන්ට දැනී ඇති බව තමන් විශ්වාස කරන බවද ඇය කියා සිටියාය.

මෙම අනතුරු වළක්වා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගත යුතු බවද ඇය කියා සිටියාය.

මන්ත්‍රීවරිය මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

436 views
Main News