ගෝටා දේශපාලනයට එන්නට පෙර ‘ට‍්‍රම්ප්’ ගේ හැසිරීම අධ්‍යනය කරයි..

March 28, 2017 at 10:00 am | lanka C news
ගෝටා දේශපාලනයට එන්නට පෙර ‘ට‍්‍රම්ප්’ ගේ හැසිරීම අධ්‍යනය කරයි..

තමන් දේශපාලනයට පිවිසීමට කැමැත්තක් නැති වුවත් රටට සේවය කිරීමට ලැබෙන අවස්ථාවක් බැහැර කරන්නේ නැති බව ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසයි.

කොළඹදී මාධ්‍යවේදීණ් පිරිසක් හා අදහස් පල කරමින් ඔහු කියා සිටියේ තමන් මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමක් ගැන මෙතෙක් කිසිම තීරණයක් ගෙන නැති බවයි.

දේශපාලනය ගැන තමන් නොදන්නා බවත් දේශපාලන කටයුතුවලට තමන් සම්බන්ධ වී නැති බවත් පවසන රාජපක්‍ෂ මහතා තමන් මේ දිනවල වත්මන් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය අධ්‍යයනය කරන බවද කියා සිටියේය.

127 views
Main News