ගෝටා නවතන්න නඩු පිට නඩු.. අපේක්‍ෂකත්වය අත්හිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු හතරක් දමයි…

October 6, 2019 at 10:32 pm | lanka C news
ගෝටා නවතන්න නඩු පිට නඩු.. අපේක්‍ෂකත්වය අත්හිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු හතරක් දමයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට හෙට 07 දිනයේ තවත් රීට් පෙත්සම් හතරක් ගොනු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මෙරට ජනාධිපතිවරණයට තරග කිරීම සදහා අවශ්‍ය සුදුසුකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සපුරා නොමැති බව අදාල පෙත්සම් මගින් අභියෝගයට ලක් කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය නිසි පරිදි ඉවත් කර නැති බවත් එනිසා ඔහු තව දුරටත් ද්විත්ව පුරවැසියෙකු බවත් මෙමගින් වෙන්වා දීමට යයි.

ඇමති රාජිත සේනාරත්න මහතාද සදහන් කලේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බවයි.

අභියාචනාධිකරණය හමුවේ ගොනු වූ ගොනු කරන ලද පෙත්සම මගින් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය සනාථ වූ බවද ඔහු කියා සිටියේය.

19 සංශෝධනය අනුව කිසිදු ද්විත්ව පුරවැසි මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් නැති බවද පැවසූ ඇමතිවරයා ජනතා විමුක්ති පෙරමුණ විසින්ද ඒ සම්බන්ධයෙන් හේ‍්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ඇතැයිද කීවේය.

65 views

21 Comments to “ගෝටා නවතන්න නඩු පිට නඩු.. අපේක්‍ෂකත්වය අත්හිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු හතරක් දමයි…”

  1. උපාසක says:

    ඇයි මෙච්චර බය…

  2. RAYMOND says:

    අනේ මෙහෙමත් බයක්

  3. Premarathne says:

    Me Sri Lankadveepaye Dalada wahanse vadasitina thuru, Jayasrimaha Bodeen wahanse wada sitinathuru, siyalumama dathun vahansela vada sitina thuru, desh rohinta me rata vinasa kala nohaka,

    me karana deval unge pitatama apasu paminethva!!!!!!!!!!!!!!!!!!!!!

  4. Kamal says:

    GOTA will lose the candidacy between 2-3 pm today. Even Mahinda knows it.Chamal will be the pohottuw candidate

  5. miolan says:

    AGEE VAIRAYA PART 4 ( VERSION 2.1 )

  6. Aurora says:

    මහා නීති විකාරද රාජිත සේනාරත්න ප්‍රකාශ කරණ ලද්දේ 2005 ගෝඨාභය මැතිතුමා ද්විත්ව පුරවැසිකම ලබාගත් බව අධිකරණයේදී සනාතවූ බවය. ඒ අනුව NIC එකක් ලබාගත් බවය. එය අර්ධ සත්‍යකි. අර්ධ සත්‍ය පට්ටපල් බොරුවටත් වඩා ලොකු බොරුවකි. සත්‍යනම් ගෝඨාභය මැතිතුමා 2005 දී ලබාගත් ද්විත්ව පුරවැසිකම අනුව NIC එක ලබාගත් බවත් අනතුරුව ඇමෙරිකන් පුරවැසිභාවය පමණක් 2019 අප්‍රේල් අත්හල බවත් එය ඇමෙරිකන් රජය ලිඛිතව පිළිගෙන තිබෙන බවත්ය. පෙඩරල් ලැයිස්තුවේ පුරවැසිකම අත්හල අයගේ ලැයිස්තුවේ මෙතෙක් පලනොවුවත් ඉදිරියේ එය පළවනු ඇත. ඒ අතර ඇමෙරිකන් රජය ගොටභයගේ ඇමෙරිකානු පුරවැසිබව ඉවත්කරගැනීම පිලිගන්නපෙර ගොටභයාගේ ශ්‍රී ලංකික පුරවැසිබව සනාථ කරගැනීම අතවශ්‍යය. නැතිනම් රටක් නැති පුද්ගලයකු නිර්මාණයවේ. එය රජිතගෙන් අසන ප්‍රශ්නයක් නොව ශ්‍රී ලංකා රජයෙන් නීත්‍යනුකුලව විමසා සනතකරගත් එකකි.

  7. sathya says:

    100% sure, last moment Gotabhaya will be disqualified. Chamal will be the main Candidate.

  8. ලෙබ්බේ says:

    මේ ජේවීපී උන්ටයි හු ඇම් පී උන්ටයි එන් ජි ඕ කුකන්ටයි යුද්දේ තියන කාලේ කොටි බෝම්බ ගහල මුන්ට දෙකට නවල අරින කාලේ ගෝටාභය රාජපක්ෂ ලංකාවේ තියා කොහේ පුරවසියෙක්ද කියලවත් හෙවුවද? කාලකන්නි හැත්ත සින්ගපුරුවෙන් හොරෙක් ගෙනල්ල මහා බැංකුවට කෙලිය ජප්පෝ NGO කුක්කෝ කතා කලාද විරුද්දව එක වචනයක්, ඒ ටිකම ඇති මොලේ කළදක් තියන එක සිංහලයෙකුට තොපිට චන්දෙ නොදී ඉන්න,

Main News