ගෝටා නිසා අධිකරණයත් කැළඹේ.. පහල අධිකරණයේ තීන්දුව ඉහල අධිකරණයෙන් අවලංගු කරයි..

August 24, 2018 at 9:20 am | lanka C news
ගෝටා නිසා අධිකරණයත් කැළඹේ.. පහල අධිකරණයේ තීන්දුව ඉහල අධිකරණයෙන් අවලංගු කරයි..

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නිකුත් කර තිබූ සිතාසි නියෝගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ආපසු කැදවා තිබේ.

පසුගිය රජය සමයේ ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම වෙනුවෙන් රජයේ මුදල් අවභාවිත කළ බවට විභාග වන නඩුවක සැකකරුකු ලෙස නම් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාද ඇතුළු 07 දෙනෙකු සැප්තැම්බර් 07 වනදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැටි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද සිතාසි නියෝගය මෙසේ ආපසු කැදවා ඇත.

අදාල පැමිණිල්ල ගොනු කර ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.

37 views
Main News