ගෝටා පුරවැසිකම අතහරිනවාට විරුද්දව අන්තිම උගුලත් අටවයි.. මුනුෂ්‍ය ඝාතන චෝදනා කරමින් ඇමරිකාවේ නඩු දමයි…
March 27, 2019 at 10:21 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණයක නඩු පැවරීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගනිමින් ඇතැයි වාර්තා වේ.
ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කිරීමට කටයුතු කරන්නේ වික්‍රමතුංග මහතාට සමීප සබදතාවක් තිබූ මාධ්යවෙිදිනියකි.
මෙම තත්ත්වය යටතේ ඉදිරි ජනාධිපතිවරණයට පෙර හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම අවහිර කිරීමට අදහස් කර සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමරිකානු අධිකරණයක නඩුවක් පැවරුවොත් එය අවසන් වන තුරු එරට පුරවැසිභාවය ඉවත් කරගැනීමට ඉඩ නොලැබුන්නේ යයි පැමිණිලිකාර පාර්ශවයේ විශ්වාසයයි.
කෙසේ වෙතත් මෙම නඩුව ඇමරිකානු අධිකරණය හමුවේ විභාගයට නොගැනෙනු ඇති බවත් ශ්‍රී ලංකාවේ සිදු වූ සිදුවීමක් නිසා ඇමරිකානු අධිකරණයේ නඩු පවරා වරදකරුවෙක් කිරීම ප්‍රායෝගික නොවන බව නීති විශාරදයන්ගේ මතයයි.