ගෝටා පොහොට්ටු අපේක්‍ෂක කලේ මහින්ද ඇමරිකාව සමග එකගකාවයෙන්..

August 16, 2019 at 12:00 pm | lanka C news
ගෝටා පොහොට්ටු අපේක්‍ෂක කලේ මහින්ද ඇමරිකාව සමග එකගකාවයෙන්..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට කලින් ඒ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමරිකාව සමග සාකච්ඡා කර ඇති බව ඇමැති සාගල රත්නායක මහතා පවසයි.

ඒ අනුව ඇමරිකාව සමග ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට ද පොදුජන පෙරමුණට ද යන්න ජනතාවට තහවුරු කර ගත හැකි බවද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය ඇමරිකාව සමග සාකච්ඡා කර ඇත්තේ රාජතාන්ත්‍රික මට්ටමේ පමණක් බව ද ඔහු කියා සිටියේය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ දී දෙනියායේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

298 views
Main News