ගෝටා-මහින්ද කොටවන කුමන්ත‍්‍රණයක්…

June 19, 2020 at 10:00 am | lanka C news
ගෝටා-මහින්ද කොටවන කුමන්ත‍්‍රණයක්…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ට චෝදනා කිරීම මුල් කර ගනිමින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා කෙටවීමේ කුමන්ත්‍රණයක් විපක්ෂය විසින් දියත් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රාජපක්ෂ පවුල කෙටවීමට විපක්ෂයේ හත්මුතු පරම්පරාවක් පැමිණියත් කළ හැක්කක් නොවන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් ගෙන යන වැඩපිළිවෙලට සාර්ථක නිසා විපක්ෂය විසින් ඊට බාධා කිරීමට විවිධ උපක්‍රම යොදන බව ද කළුතර දිස්ත්‍රික් පොදු ජන පෙරමුණේ අපේක්ෂක යසපාල කෝරලගේ මහතා කියා සිටියේය.

424 views