ගෝටා මීලග ජනාධිපති බව තවදුරටත් තහවුරු කිරීම ගැන ජනපති අපේක්ෂක අනුර දිසානායකට පුණ්‍යානුමෝදනා කරවයි..
August 20, 2019 at 6:26 am | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
වසර විස්සකට පසු මෙවර ජනාධිපතිවරණයට ජවිපෙ විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සුබ ලකුණක්. එයින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය තව දුරටත් තහවුරු කර තිබෙනවා. ජවිපෙ පසුගිය ජනාධිපතිවරණ දෙකේ දීම සහය දුන්නේ එජාප අපේක්ෂකයාටයි. ඒ අනුව 2015 දී ජවිපෙ ඡන්ද තිබුණේ එජාපයේ ඡන්ද ලක්ෂ 62 තුල මිස අපේ ඡන්ද ලක්ෂ 58 තුල නොවේ. ඒ විතරක් නොවේ.
පසුගිය වසර පහලොව පුරාවට ජවිපෙ සාමාජිකයින්ට උදේ සිට සවස වන තුරු මතුරන්න උගන්වා තිබුණු මන්තරේ තමයි “මහින්ද හොරා” කියන එක. එහෙව් සාමාජිකයින් එජාපයට මිස අපට ඡන්දය දෙන්නේ නෑ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් එජාපයට නම්බුකාර පරාජයක් සදහා හෝ තිබූ ඉඩද මේ අවස්ථාවේ වැළලී ගොස් තියෙනවා.
පුංචි ඡන්දයේ දී අපි 42%ක් ඡන්ද ගත් විට එජාපය ගත්තේ 29%යි. එජාපයට අපිට ළං වෙන්න ගන්න තිබුණු ලොකුම ඡන්ද කුට්ටිය තමයි ජවිපෙ 6%. ජවිපෙ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් එජාපයට ඒ 6%ත් අහිමි කරලා අපේ ජයග්‍රහණය තව දුරටත් තහවුරු කර තිබෙනවා. ජවිපෙ අපේක්ෂකයෙකු ඉදිරිපත් කර අපේ ජයග්‍රහණය තව දුරටත් තහවුරු කිරීම පිළිබඳ අපි ජවිපෙට පින් දෙනවා.
– අරවින්ද අතුකෝරල
Dear Mr. Gammanpila
As I am aware most of the time you have been very correct on your predictions.
But in my opinion your prediction this time may turn out to be a fantasy.
I am very positive that AK will never contest the Presidential Election and display to the country JVP’s meager voter base. What he really achieved by his action was as always “ make hay while sun shines” and increase his bargaining power. At least he is intelligent enough to understand his waning popularity and the golden opportunity that has come his way to make a loot to last a few generation before he is kicked out of politics by his own JVPers..
රනිල්ව දිනවන්න අනුර ගේ උත්සාහයක් රැවටෙන්න එපා