විදෙස් ගමන් තහනම ඉවතට.. නඩුව පෙබරවාරියට කල් දමයි.. ගෝටා වෙනුවෙන් නීතීඥයන් තොගයක් එකවර නැගිටිති..

December 1, 2016 at 2:10 pm | lanka C news
විදෙස් ගමන් තහනම ඉවතට.. නඩුව පෙබරවාරියට කල් දමයි.. ගෝටා වෙනුවෙන් නීතීඥයන් තොගයක් එකවර නැගිටිති..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ඇතුළු අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර නු ලැබ තිබූ ඇවන්ට්ගාඞ් චෝදනාව සම්බන්ධයෙන් වූ නඩුව අද දිනයේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඉදිරියේ විභාගයට ගත්තේය.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ විදෙස් ගමන් තහනම් ඉවත් කිරීමට නියෝග කල අධිකරණය නඩුව 2017 පෙබරවාරි 13 දක්වා කල් දමනු ලැබීය.

හිටපු ආරක්‍ෂක ලෙකම්වරයා වෙනුවෙන් නීතීඥයින් විශාල ප‍්‍රමාණයක් එකවර පෙනී සිටියහ.

8 views

9 Comments to “විදෙස් ගමන් තහනම ඉවතට.. නඩුව පෙබරවාරියට කල් දමයි.. ගෝටා වෙනුවෙන් නීතීඥයන් තොගයක් එකවර නැගිටිති..”

  1. kamani says:

    no future for srilanka without you jayawevaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    • manel says:

      මේ නඩුව 2020 තෙක් ඇදී යනු ඇත. සෑම දිනකම නීතීඥ රොත්තක් නැගිටිනු ඇත. සරත් ෆොන්සේකාට නීති උපදෙස් දුන් රොමේෂ් සිල්වා ගෝඨාභයටත් නීති උපදෙස් දෙනු ඇත.

  2. Krishantha says:

    God bless! You are unique to our country.

  3. sisiranu says:

    Jayawewa,,,,,,,

  4. උපන් බිමට ණයනැති.
    උපන් නුපන් සැවොම ණය ඇති..
    එඩිතර යුග පුරුෂයාට අත නොතබනු…

  5. සිරගත කලත් හෙට ගෝඨාභය පුතුනී….
    සිතිවිලි නිදහසේ බව උන් තව නොදනී…
    දඟ ගෙය උරුම එඩිතර උන් හට පමණී…
    ඒ ගමනෙදිත් ජය නුඹටයි පුතුනි මගේ…

  6. Champa says:

    අරම කරන්නේ නැතුව මෙහෙම කරානම් ආණ්ඩුවට ලාබ ලබන්න තිබුනා කියලා උපකල්පනය කරලා අල්ලස් ඉතිහාසයේ දාපු දුර්වලම, තර්කයක් විදියට කිසිම පදනමක් නැති, මැටීම නඩුව තමයි ගෝඨාභයටයි තව හිටපු ත්‍රිවිධ හමුදා නිලධාරීන්ටයි විරුද්ධව දාපු Avant-Garde නඩුව. බලන්නෙවත් නැතුව වීසි කරන්න ඕනේ case එකක්.

    කාගේත් අවධානය යොමු ක‍රන්න ඕනේ දෙයක් තියෙනවා. අලුත් අල්ලස් ලොක්ක භයානක කතාවක් කියලා තියෙනවා.

    It was appeared in “The Island” dated November 29, 2016 under the caption “CIABOC DG: Laws with retrospective effect a reality – International allies’ concerns cannot be ignored – ”

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=156372

    හෙඩිම බලපුවහම තේරෙනවා, ඉතුරුවා කියවන්න යන්න ඕනේ නැහැ. අල්ලස් ලොක්ක උදාහරණයක් විදියට සේපාල ඒකනායක නඩුව ගැන කියලා තියෙනවා. කතාව තවත් භයානක දැන් තියෙන්නෙත් UNP ආණ්ඩුවක් නිසා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වුනත් ජාත්‍යන්තරය කිව්වොත් අතීතයට බලපාන විදියට අළුත් නීතියක් ගෙනැල්ල දඬුවම් කරන්න පුළුවන් කියලා “මතක් කරලා දීලා තියෙනවා”.

    මේකෙන් කියන්නේ ස්වාධීන කොමිසමක් වියයුතු අල්ලස් කොමිසමේ ලොක්ක අවනීතියට, ශිෂ්ඨත්වයට එරෙහි ක්‍රියාදාමයන්ට ආණ්ඩුව නැඹුරු වෙන්නට ඉඩක් තියෙන බව කියන එක සහ තමන් ඒ අනුව කටයුතු කරන බව කියන එක නේද? අදට ගැලපෙන විදියට ගත්තොත් දේශපාලන පලිගැනීම් දිනපතා වෙන රටක මේ කතාවෙන් කියන්නේ ඕනේ නම් පළිගැනීමටත් මේ Retrospective Law පාවිච්චි කරන්න පුළුවන් කියන එක. තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලි ගන්න දේශපාලකයෙක් කියන දෙයක් ස්වාධීන කොමිසමක ලොක්කෙක් කියන එක සදාචාරාත්මක නැහැ. මේ කතාවම ඇති මේ තනතුරට මෙයාගේ නුසුදුසු කම ගැන කියන්න. මේක බියගැන්වීමක්. අනිත් අතට ආණ්ඩුවක් වුනහම ජාත්‍යන්තරයේ සපත්තු ලෙව කෑවට කමක් නැහැ කියලයි මේ කියන්නේ. ලැජ්ජයි.

    අල්ලස් ලොක්ක 2009 ලංකාවේ නෙමෙයිද ඉඳල තියෙන්නේ? JR පණුවෙක් වගේ ඇඹරිලා බය වෙලා කකුල් දෙක mandoline ගහද්දි ඉතාලි ආණ්ඩුවේ කීමට සේපාල ඒකනායකට විරුද්ධව අළුත් නීතියක් හදලා ඒ නීතිය ආපස්සට බලපැවැත්වෙන පරිදි වෙනස් කරලා දඬුවම් දුන්නට, යුද්ධෙ නවත්තන්න කියලා ලෝකේ බලවත්ම රටවල් බලපෑම් කරද්දීත් මහින්ද එහෙම කලේ නැහැ. ජාත්‍යන්තරය කිව්ව පලියට තමන්ගේ රට පාවලා දුන්නේ නැහැ. ලෝකේ බලවත්ම රටවල් වල බලපෑමට යටත් නොවී මහින්දයි ගෝඨාභයයි ලෝකේ දරුණුම මස්වැද්දාවයි, ඌගේ ත්‍රස්තවාදී සංවිධානයයි පරාජය කරලා මුළු රටක්ම බේරා ගත්ත.

    අද එහෙම කරපු එඩිතර මිනිසුන්ව උසාවි ගෙනියනවා. කොන්ද පණ නැති JR ගේ පණු පරම්පරාව රට පාලනය කරනවා. මී පැටව් ආණ්ඩු කරනවා. සිංහයෝ උසාවී යනවා.

Main News