‘සැබෑ’ නමින් අලුත් පත්තරයක්… ගෝටා වෙනුවෙන් ?

May 30, 2018 at 1:20 pm | lanka C news
‘සැබෑ’ නමින් අලුත් පත්තරයක්… ගෝටා වෙනුවෙන් ?

එළැඹෙන සතියක පමණ කාලය තුල ‘සැබෑ’ නමින් නවතම පුවත්පතක් එලි දැක්වීමට නියමිතය.

මෙහි ප‍්‍රධාන කතෘ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාගේ කටයුතු කරන අතර කුල ශ්‍රී කාරියවසම් හා මහින්ද ඉලේපෙරුම කතෘවරුන් ලෙස කටයුතු කරයි.

ගෝටාභය රාජපක්ෂ මහතා සභාපතිත්වය දරන ‘වියත්මග’ සංවිධානය විසින් මෙම පුවත්පත මුද‍්‍රණය කරන්නේ යයි රාවයක් පැතිරී ඇතත් එහි කිසිදු සත්‍යතාවයක් නැති බව නව පුවත්පතේ ප‍්‍රධානිහු කියා සිටියහ.

ටැබ්ලොයිඩ් ප‍්‍රමාණයටම මදක් විශාල සති අන්ත පුවත්පත්ක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත නව පුවත්පත ‘රාවය’ ආකෘතිය අනුව කටයුතු කරන්නේ යයිද සදහන්ය.

120 views

13 Comments to “‘සැබෑ’ නමින් අලුත් පත්තරයක්… ගෝටා වෙනුවෙන් ?”

  1. රටවැසියා says:

    සැබෑ තත්වය රටට පහදා මිනිසුන්ගේ නුවන පාදන පත්තරයක් වේවා

    • sama says:

      Yeah, and why not do a tamil paper as well, because those people need some enlightenment about why they should vote for Gota

  2. Karu says:

    ගෝඨාභය මහතාගේ ඇමෙරිකානු පුරවැසි භාවය අත් හැර ගන්න එකට යැංකියන් කටුවක් ගහයි වත්ද? ආංඩුවේ රාජිත, මන්ගල හා රනිල් වගෙ අය ලෙඩ අදියි වත්ද?
    යමක් හරියට කියන්න දන්න කෙනෙක් වෙතොත්, අපටත් දන්වන්න

    • DT says:

      ගෝඨාභය ගේ පුරවැසි භාවය අහෝසි කරන්න ඇමරිකාව ප්‍රතික්ෂේප කළාද? දැන් ගෝඨාභයට ඡන්දෙ ඉල්ලන්න බැරිද?
      =======
      ඉදිරි ජනාධිපතිවරණයට නාම යෝජනා දෙන්න නමි ගෝඨාභය ඇමරිකානු පුරවැසි භාවය අහෝසි කරගත යුතු බවත් , ඔහුගේ අයැදුම ඇමරිකාව ප්‍රතික්ෂේප කර ඇති බවත් එබැවින් ගෝඨාභයට 2020 දි තරග කළ නොහැකි බවටත් දැන් Fb ඔස්සේ ලොකු ප්‍රචාරයක් ලබා දෙමින් පවතිනවා.
      එය සමිපූර්ණයෙන්ම අසත්‍යක් බව මම වගකීමෙන් යුතුව කියනවා.
      ඒ සමිබන්ධ නීතිමය තත්වය ගීතා කුමාරසිංහට ද්විත්ව පුරවැසි භාවය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයේදී පැහැදිලිව ප්‍රකාශ වුනා.
      ලංකාවෙ පුරයැසියෙකු වෙනත් රටකත් පුරවැසියෙකු නමි 19 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට තරග කරන්නට නමි එම තරගයට ලංකාවෙ නාමයෝජනා දෙන්නට පෙර ඔහු හෝ ඇය පුරවැසි භාවය දරණ වෙනත් විදෙස් රටෙි තානාපති කාර්යාලයට හෝ එම රටට ගොස් තමා ලංකාවෙ මැතිවරණයකට තරග කරන්නට නාමයෝජනා භාරදීමට බාධාවක් වන සිය පුරයැසභාවය අහෝසි කරදෙන ලෙසට ලිඛිතව එම රටෙන් ඉල්ලා එම ලිපියේ පිටපතක් නාමයෝජනාව සමග මැතිවරණ තේරීමි භාර නිළධාරියාට භාරදීම ප්‍රමාණවත් බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා.
      ගීතාගෙ නඩුවෙදි වුනේ නාම යෝජනා භාර දීමට ප්‍රථම එවැනි ලිපියක් තමා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට ඉදිරිපත් කල බවට අභියාචනාධිකරණයේ පැවරැනු නඩුවට ගොනුකල උත්තරයේ අමුණා නොතිබීමයි.
      අභියාචනාධිකරණය ගීතාගෙ මන්ත්‍රී ධූරය අහෝසි කල විට ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කලා. එයට ඇමුණුමක් ලෙසට නාමයෝජනා දීමට ප්‍රථම ඇය සිය පුරවැසි භාවය අහෝසි කරන ලෙස ඉල්ලා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට යවන ලද ලිපියේ පිටපතක් ඉදිරිපත් කලා.
      අධිකරණය කීවෙි, අභියාචනාධිකරණ නඩුවට ඉදිරිපත් නොකරන ලද ලේඛනයක් තමන්ට පිළිගත නොහැකි බවත් තමන් සලකා බලන්නේ අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද කරැණු පමණක් බවත් ය.
      ඒ අනුව 2015 මහ මැතිවරණයට නාමයෝජනා භාරදීමට පෙර සිය ස්විට්සර්ලන්ත පුරවැසි භාවය අහෝසි කරන ලෙස ගීතා ඉල්ලීමක් කල බවට සනාථ කිරීමට අභියාචනාධිකරණයේදී ඇය අපොහොසත් වීම මත අභියාචනාධිකරණ තීන්දුව ස්ථිර කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළා.
      2020 ජනාධිපතිවරණයට නාමයෝජනා කැදවූ විට ඒ සදහා තරග කිරීමට සිය ඇමරිකානු පුරයැසි භාවය අහෝසි කරන ලෙසට ගෝඨාභය විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට ලිපියක් ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමානවත් වෙනවා.
      පුරවැසිභාවය අහෝසි කරන ලෙසට පුරයැසියෙකු රටකින් කරන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන්න බැහැ.
      ඒක තමයි නීතිය.
      බොරැවලට ඇන්දෙන්න එපා.
      පේනවා නේද ගෝඨාභයට ඇති භය?
      – මෙිජර් අජිත් ප්‍රසන්න

  3. Hesh says:

    ගෝටා වැඩේට බැහලා තියෙන විදිය ගැනනම් පොඩි පැහැදීමක් තියෙනවා. රටක් නිකන් හදන්න බෑ. රට හදන ගමන් මිනිස්සුත් හදන්න ඕනෙ.

    ජෙප්පො පතුරවන Negative ආකල්ප වෙනුවට Positive ආකල්ප ඇති ජනතාවක් හදන්න ඕනෙ. ජෙප්පො මේ රටට කරන ලොකුම හානිය තමයි මිනිස්සුන්ව Negative විදියට හිතන්න පුරුදු කරන එක.

    • negative Jeppa says:

      ඔබ හරියටම හරි. සියළුම ආකාරයේ රිනාත්මක දේ පතුරුවන එක විශ්ව විද්‍යාලයේ සිට අපේ ගෙදර දක්වාම කරන්නේ මෙයාලා.

  4. karu 1 says:

    Great, these efforts should be use to change the mind set of the people to bring them to the best from the worst. because in developing the nation we all have a roll to play. Please don’t use these to canves people. because the image of those who leading this project is not good. take this into account. If they follow the past tactics they will do more harm than publishing this. we need not to see another trumphet.

  5. Manel says:

    Wish you very best! Correct time to launch a news paper for the truth seeking public.

  6. frank says:

    The best name for it is ‘IDI AMIN”

  7. G.M.Nihal says:

    I have one question do you have any highly qualified peoples from Tamil, Muslim, Burger or Malay with your Wiythmaga program. Waiting for reply.

  8. hewwel says:

    වියත් මගේ කළු දෙබරු

Main News