ගෝටා-සජිත් දැන් සම මට්ටමේ.. ඉදිරියේදී පාවෙන ඡන්දත් ලැබුනාම සජිත් දිනනවා..
September 9, 2019 at 4:40 pm | lanka C news
ජනාධිපතිවරණ පූර්ව ප්රචාරයේදී මේ වන විට ගෝටාභය රාජපක්ෂ මහතා හා සජිත් පේ‍්‍රමදාස මහතා සම මට්ටමක සිටින බව ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසයි.
සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කල පසු පාවෙන ඡුන්ද දායකයන්ද ඔහුට පක්ෂ වීමෙන් පෙරමුණ ගැනීමට පේ‍්‍රමදාස මහතාට හැකි බවද ඔහු සදහන් කරයි.
එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය ඉදිරියේදී සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙනු ඇතැයිද ඔහු විශ්වාසය පල කලේය.
හිරු රූපවාහිනිය සමගින් සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.