ගෝටා-සජිත් විවාදය ගෝටා එල්ලා මරන ආකාරය ගැන..?

October 30, 2019 at 3:50 pm | lanka C news
ගෝටා-සජිත් විවාදය ගෝටා එල්ලා මරන ආකාරය ගැන..?

මෙතෙක් කිසිදු හරවත් කාරණයක් කතා නොකරන එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ වේදිකාවෙන් ප්‍රතිවාදී අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ‘එල්ලන-මරන’ ආකාරය පිළිබඳ කතා නිතරම ඇසෙන බවත් එවන් තත්වයක් තුළ සජිත් ප්‍රේමදාස, ගෝඨාභයට සජීවී සංවාදයක් සඳහා ඇරයුම් කරන්නේ ඔහු ‘මරා දමන – එල්ලන’ ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමටදැයි ජාතික නිදහස් පෙරමුණ ප්‍රශ්නකර සිටී.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ ප්‍රශ්නකර සිටියේය.

අද ගස් කපන බදියුදීන් සහ ගස් බඳින මර්වින් වැන්නන් එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට නැගීමෙන් පෙනී යන්නේ ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඇදවැටී ඇති තත්ත්වය බව ද ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා පෙන්වා දුන්නේය. රෑට රෑට ගෙවල්වලට යන ආකාරය, බොත්තම ඔබා මිඞ්වයිෆ් කැඳවන ආකාරය, නොවැම්බර් 16 වැනිදා ජන්දපොළට යාමට බැරි තරමට ගෝඨාභයගේ ඡන්දදායකයන්ට මත්පැන් පොවන ආකාරය ආදිය ගැන මිස සජිත් ප්‍රේමදාස වැන්නකු සමග විවාද කිරීමට ප්‍රතිපත්තිමය කාරණා කිසිවක් ඔහු මෙතෙක් රට හමුවේ ප්‍රකාශකර නැති බව ද මුසම්මිල් මහතා චෝදනාකර සිටියේය.

අද මර්වින් සිල්වා, සජින් වාස් ගුණවර්ධන, රිෂාඞ් බදියුදීන්, රාවුෆ් හකීම් වැන්නන් සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට නැඟ තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන්ලා සහ සම්බන්ධන්ලා රහසින් ඔහුට සහයෝගය දෙන බවත් පෙන්වා දුන් ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා මෙවැනි සමාජයේ අපකීර්තියට පත්වූවන් සහ ජාතිවාදීන්, අන්තවාදීන් සමඟ ලඟිමින් සජිත් ප්‍රේමදාස ‘දසරාජ ධර්මය’ ගැන වේදිකා දෙවනත් කිරීම හාස්‍යජනක බවත් සඳහන් කළේය.

එසේම රණවිරුවන් හිරේ දමද්දී, පන්සල්වල පිං පෙට්ටිවලට ඉබ්බන් දමද්දී, විශේෂයෙන් හම්බන්තොට වරාය විකුණ දමද්දී නිහඩව සිටි සජිත් ප්‍රේමදාස අද මැතිවරණ වේදිකාවේ සිදු කරන කතා ඇසෙද්දී සිතෙන්නේ ඔහු පසුගිය වසර හතරහමාර තුළ ‘කෝමා’ තත්ත්වයට ලක්ව සිටින්නට ඇති බව යැයි ද මුසම්මිල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා තම ආණ්ඩුවක අගමැති කවුද, යන ප්‍රශ්නය නිතර මඟ හැර ගියත් ‘මම ඉදිරි වසර පහ තුළ රට දියුණු කරනවා, නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ද සූදානම්’ බව රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ වේදිකාවේ සිදු කළ ප්‍රකාශයන්ගෙන් පෙනී යන්නේ සජිත් කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී රනිල් අගමැති කිරීමට පොරොන්දු වූ බව යැයි ද ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුවට කැස්බෑව නාගරික මන්ත්‍රී රන්ජිත් පත්මසිරි හා බොරලස්ගමුව නාගරික මන්ත්‍රී ජගත් කිත්සිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

211 views
Main News