ගෝටා-සජිත් සුසංයෝගය නයි-පොලොන් සටනක් වෙයි.. ජනපති ගෙනා හොද යෝජනාවකට සජිත් පිල විරුද්ද වෙයි..

February 25, 2020 at 3:22 am | lanka C news
ගෝටා-සජිත් සුසංයෝගය නයි-පොලොන් සටනක් වෙයි.. ජනපති ගෙනා හොද යෝජනාවකට සජිත් පිල විරුද්ද වෙයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිසමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත දැක්වූ අදහස්.

ආණ්ඩුව කොළපාට ද, නිල්පාට ද, කුරහන්පාට ද? රතුපාට ද? මොනපාට ද? කියන එක අපට අදාල නැහැ. පාස්කු ප්‍රහාරය පිටුපස සිටි දේශපාලකයන් සහ නිලධාරීන්ට දඬුවම් ලැබෙන තුරු අපේ සටන ඉදිරියට ගෙනියනවා. ආණ්ඩුව මොන පාට ද කියන එකයි අපේ සටනයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. කවුරු කළත් වරද වරදමයි.

ප්‍රශ්නය : ජනතාව බලාපොරොත්තු වුණා නේද මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටි අය අත්අඩංගුවට ගනියි කියලා ?

පිළිතුර : මේ සටනේ අප සිටින්නේ ඒකයි. ලිපිගොනු අරගෙන පොලිසි ගානේ කොමිසම් ගානේ රස්තියාදු වෙන්නෙ ඔවුන් අත්අඩංගුවට ගතයුතු නිසා. අත් අඩංගුවට ගෙන ඔවුන්ට දඬුවම් ලබා දෙන තුරු අප මේ විදියට පාරේ අපේ අරගලය ඉදිරියට රැගෙන යනවා.

ප්‍රශ්නය : ඉදිරියේදී මැතිවරණයක් එනවා. සමගි බලවේගය ඔබතුමන්ලාට අභියෝගයක්ද ?

පිළිතුර : කිඹුලා බනිස්වල කිඹුලෝ නැහැ වගේ, වැලිතලප වැලි නෑ වගේ, මාළු පාන් එකේ මාළු නෑ වගේ, සමගි බලවේගයෙත් සමගියක් නැහැ. සමගි බලවේගය නමට පමණයි. එය බොඩ් ලෑල්ලක් පමණයි. මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ලාංඡනය පිළිබඳ සටනක් තියෙනවා. මොන පක්ෂයෙන්ද තරග කරන්නේ කියලා ගැටුමක් තියෙනවා. සැබැවින්ම නායකයා විය යුත්තේ කවුදැයි ගැටුමක් තියෙනවා. කුමන අයටද නාමයෝජනා දෙන්නේ කියලා ගැටුමක් තියෙනවා. මේක ඇත්තටම සමගි සන්ධානයක් නම් නෙවෙයි. අසමගියේ සංකේතයක්.

ප්‍රශ්නය : එජාපයේ නම් කියන්නේ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ආණ්ඩුවේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි අතරයි ගැටුම් තියෙන්නෙ කියලා නේද ?

පිළිතුර : ලෝකයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී නොවනම පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. 1999 දී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් එලවීමට පටන්ගත් සටන තාමත් කරගන්න බැරිවෙලා තියෙනවා. එතුමා මේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරන්නේ 26වන වසරටයි. එතුමා කැමැත්තෙන් අස් උනොත් මිස එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් එතුමාව අස් කරන්නට බැහැ. මේක ප්‍රජාතන්ත්‍රවාදය ද? එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා කියන අය ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා දන්නෑ කියන එකයි ඒකෙන් පේන්නේ.

ප්‍රශ්නය : එජාපය නම් කියන්නේ ඔබතුමන්ලාට අයවැයක් ගේන්නේ කියලයි. ඒ ගැන මොකද ඔබතුමා හිතන්නේ?

පිළිතුර : අයවැය ගෙනාවනම් පරිපූරකයට වෙච්ච දේම තමයි අයවැයටත් වෙන්නේ. මොකද එක්සත් ජාතික පක්ෂය පහුගිය කාලේ කිව්ව පට්ට බොරුවක් හෙළි වුණා. මේ අය කිව්වා රට ගොඩනැගිය හැක්කේ ගොඨා සජිත් සුසංයෝගයෙන් කියලා. ජනාධිපතිතුමන්ට හරියටම ගැලපෙන අගමැතිවරයාත් සජිත් ප්‍රේමදාස කියලා. දැන් අපි දැක්කා ප්‍රේමදාස මැතිතුමාට විපක්ෂ නායක ධුරය ලැබිලා තියෙන කොට ජනාධිපතිතුමන් විසින් ගෙනාපු හොඳ යෝජනාවකට එනම් එක්සත් ජාතික පක්ෂය විසින් දරපු වියදම් වල බිල්පත් ගෙවීමේ යෝජනාවට වත් සහයෝගය පළ කළේ නැහැ. ඉතින් සජිත් අගමැති වුනොත් අර රනිල් මෛත්‍රී සටන වගේ නයි පොලොන් සටනක් තමයි අපට දකින්නට පුළුවන් වෙන්නේ.

– අරවින්ද අතුකෝරල

31,465 Viewers

11 Comments to “ගෝටා-සජිත් සුසංයෝගය නයි-පොලොන් සටනක් වෙයි.. ජනපති ගෙනා හොද යෝජනාවකට සජිත් පිල විරුද්ද වෙයි..”

  1. Gota says:

    I think Sajith and Gota is the best combo. Mahindha is a old coin with old crooks around him and Gota cannot build this country with him.

    • අපි විද්වත්....නොවේ...! says:

      අපි ගොන්නුත්….නොවේ…! & අපි විද්වත්….නොවේ…! එත් අපි ෙපාෙහාට්ටුවට ජන්ෙද ෙදන්ෙන තුෙනන් ෙදකක් ගන්න ..19 අෙහාසි කරන්න මහින්ද මහත්තයට ෙවච්ච අසාධාරණය වලක්වන්න මහින්ද…ෙම් රටේ ජනාධිපති කරන්න….අපිට කැමැති ෙකෙනක් අපිට ජනාධිපති කරන්න බැරි ෙවන විධියට ව්යවස්ථාව අනුභව කරපු හැම එකාවම ෙගදර යවනවා….

  2. wijebahu says:

    What has those two brothers have done since grabbed the power after giving tons of lies and false promises. country has gone backwards, could not take a inch forward. no plans to settle already a mountain of debts. but seeking approval for more loans. Gota has no political experience or vision to run a country and that’s why he has to depend on his brother still tolerating all of his crap.

    • Ratavesiya says:

      Don’t think about what the two brothers have done in two months but think about what the Ranil Sira duo has done during the last four years.

      When your government mortgaged the country beyond recovery, do you expect that the whole thing can be put back to normal within two months?

      Only the UNP brown nosers, like you, can conceive of such solutions!

  3. Sinhala-Overseas-Voter says:

    I will tell Ranil and Sajith who are pretty much responsible for killing more than 300 innocent local and foreign people at the last Easter Sunday local and Turkey based isis Terrorists and also before that killing many thousand of Sri Lankan young people combined with bloody terrorist agent Anura Kumara and other JVP bloody terrorist bastards, the Best symbol for Ranil and Sajith new party is Hitler’s Swastika,

  4. එක්නැලිගොඩ says:

    මහින්ද අගමැති කරන ගොඨා ජනපති කරන සටන් ඔබ දිනුවා. පාස්කු ප්‍රහාරකයන් ට එරෙහිව මෙම සටනක් ඔබ ඉතා ඉක්මනින් දිනනවා. ඒකෙ දෙකක් නෑ.

  5. Aurora says:

    සජිත් මේ ආණ්ඩුවට සම්බන්ධ කරගත්තොත් ඒක හරියට මෝටර්රථ එන්ජිමක රේසරයක් වෙනුවට නූල්රෝදයක් දැම්මා වගේ තියේවි.

  6. Ithali Buwa says:

    උඹලගේ රටේ මේ හොර ගොන් රැලට අමතරව රට පාලනය කරන්න එකෙක් ඇත්තෙම නැද්ද බන් ? මුන්ට මාර අමාරුවක්නේ තියෙන්නේ දුක් විඳින ජනතාවට සේවය කරන්න. හැබැයි සුද්දා ගියාට පස්සේ වසර 72ක් රට හිඟමනේ ඉහලම තැනට පත්වෙලා

  7. Yaaluwa says:

    උදය ගම්මන්පිල ලා අනුන්ගේ ඇඟට බෝලය තල්ලු කරලා තමුන් ගේ ලොක්කන්ව බේර ගන්න තමයි මෙයා සිංහයා වගේ ඇවිත් ඉන්නේ බොරු සාක්ෂි දෙන්න.

Main News