ගෝටා ෆේස්බුක් ජනාධිපති කර ඉවරයි.. ගෝටා අරක කලා මේක කලා කියා බොරු කියනවා.. අවසන් මොහොතෙයි මෛත්‍රී එලියට ආවේ.. මම අවශ්‍ය මොහොතේ එය කරන්නම්..

June 16, 2018 at 10:40 am | lanka C news
ගෝටා ෆේස්බුක් ජනාධිපති කර ඉවරයි.. ගෝටා අරක කලා මේක කලා කියා බොරු කියනවා.. අවසන් මොහොතෙයි මෛත්‍රී එලියට ආවේ.. මම අවශ්‍ය මොහොතේ එය කරන්නම්..

‘සමහරු ෆේස්බුක් හරහා ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය තොරාගෙන අරක කලා මේක කලා කියලා බොරු කියනවා, සිරිසේන ජනාධිපති තුමා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුනේ හිටපු ගමන්මයි, කවුරුත් දන්නේ නැහ එතුමා එන බවක්’ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මහනුවරදී පැවසූ බැව් අද 16 ලංකාදීප පුවත්පත පල කොට ඇත.

‘ජනාධිපති අපේක්ෂකයා නම් කරන එක පසුව දන්වනවා, ඒක ඒ අවස්ථාවේදි එලියට දානවා, ජනතාවගේ මතයයි මම මේ කියන්නේ. මම කියන දෙය අනුවයි ජනාධිපති අපේක්ෂක ලෙස අයෙක් ඉදිරිපත් කරන්නේ එක තමයි ජනතාවගේ මතය’ බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූ බැව් එම පුවත්පත පවසයි.

40 views
Main News