ගෝඨාට ආදරේ කරන්නේ රටට ආදරේ අයයි.. වෛර කරන්නේ රට ගැන දැක්මක් නැති අයයි..- තෙන්නකෝන්ලා මාතලේ සටන අරඹයි…

July 3, 2018 at 5:30 pm | lanka C news
ගෝඨාට ආදරේ කරන්නේ රටට ආදරේ අයයි.. වෛර කරන්නේ රට ගැන දැක්මක් නැති අයයි..- තෙන්නකෝන්ලා මාතලේ සටන අරඹයි…

ගොඨාට ආදරය කරන්නේ  බුද්ධිමත්, උගත් , රටගැන හැගිමක් තියෙන චින්තනයක් තියෙන , දර්ශණයක් තියෙන, දැක්මක් තියෙන මිනිස්සු බවත් රට ගරහන චින්තනයක් නැති දර්ශනයක් නැති , රටගැනහැගිමක් නැති අය  ගරුකරන්නේ නැති අය ගොඨාභයට බය බව මධ්‍යම පලාත් හිටපු කාන්තා ක්‍රිඩා ග්‍රාමිය සංවර්ධන  අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා  පසුගිය දා ගලේවෙල තෙන්නකොන් ශාලාවේදි පැවැති එළිය සංවිධානයේ  වැඩසටහනනේ  පිළිගැනිමේ කතාව සිදු කරමින් පවසයි.

එහිදි ඒ මහතා සිදුකල කතාව

ගරු ආරක්ෂක ලේකම් තුමනි  ඔබතුමාට මේ රටේ  බුද්ධිමත්, උගත් , රට ආදරේකරණ රටගැන හැගිමක් තියෙන චින්තනයක් තියෙන , දර්ශණයක් තියෙන, දැක්මක් තියෙන මිනිස්සු ආදරේකරණවා ගරුකරණවා හැබැයි චින්තනයක් නැති දර්ශනයක් නැති , දැක්මක් නැති,  රටගැනහැගිමක් නැති අය ඔබ තුමාට බයයි ගරු ආරක්ෂක ලේකම් තුමනි . ඒ නිසා ඒ වගේ හිස් මිනිස්සු  අපිට නැති වුණාට කාරියක් නැහැ. අපි දැනුමෙන් අවබොධයෙන් රටගැන හැගිමෙන් සන්නද්ධවෙලා රටේ හෙට දවස වෙනුවෙන් නැගිටින්න කාලය ඇවිල්ලා  අපි එ වෙනුවෙන් කටයුතු කරණවා යැයි පැවසිය.

මෙම කතාව සිදුකරණ විට  හිටපු ආරක්ෂක ලේකම් ඝොඨාභය රාජපක්ෂ මහතා ජිඑල්පිරිස් මහතා ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා අතුලු මහත්ම මහත්මින් රැසක් සභාවේ සිටියේය

– මහින්ද දඹුල්ල

134 views

13 Comments to “ගෝඨාට ආදරේ කරන්නේ රටට ආදරේ අයයි.. වෛර කරන්නේ රට ගැන දැක්මක් නැති අයයි..- තෙන්නකෝන්ලා මාතලේ සටන අරඹයි…”

  1. Love nature says:

    මේ රට නැවත දියුනුවකරාගෙන යන්න නම් නැවතත් මහින්ද රාජපක්ෂ මැතිතුමා කොයි විධියෙන් හෝ සහභාගිවන ආණ්ඩුවක් ලංකාවට වහාම උවමනායි.
    සිරිසේන වටා සිටින ශ්‍රීලංකා නිදහස්පක්ෂයට ආදරයක් කෙසේවෙතත් කැමැත්තක් තියෙන වුන් ආත්මගෞරවයක් කියල එකක තියෙනවානම් සිරිසේනගෙන් වෙන්වී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකයත්වයෙන් පෙනීසිටින විපක්ෂයත් සමග එක් විය යුතු කාලය එළඹ තිබේ.

    • "අවර හිරු" says:

      ඊලම් ආණ්ඩුවක් ජනවරමකින්ම ගෙන්වාලා
      කොටියගෙ කොඩිය මුලු ලක්දිවෙම ලෙලදීලා
      ජාතික ගීය පොට්ටුව තියල දෙමලෙන් කියලා
      වූදාට බෙදුන සිංහලයට වෙයි රටක් නෑ කියලා

      • Darshana says:

        හැබැයි ගොඨා අදරේ අමෙරිකාවට. මහ ලොකු දෙශප්‍රෙමියාට ජනාධිපති අපේක්ශකත්වය හම්බෙන් නැත්තම් පුරවැසිබාවය අත් අරින්න බැරිලු. මුන්ට අහුවෙන එවුනුත් ඉන්නවනේ ඇත්තට

  2. Ananada says:

    Good speech, we all hope to see Gotabaya become the next president

  3. Rohith says:

    Thathalgen putalata apu deshapalanaya , hitapu araksaka Lekam nemei araksaka Lekam, pawl wandanawe, Lankawe podi minihekuta udata ennna ba, munwageee ela Harak innnakam , apit asai lankawa develop country ekak wenawata, jiwitetaaa wennne na innna harak bole pass karana eka natara kare natnam .

  4. Gotaimbara says:

    Very true.

  5. "ඇල්ලො ෂී ඉයස්" says:

    අනාවැකි කියන සැම කියයි ගෝටා රජ වෙනවා
    රටට ආදර සැමගෙ දැකුම වියත්මග රජ වෙනවා
    තුන් අවුරුදු කාලයෙම රටේම දුගීකම රජ වෙනවා
    ඉන්දියාවට රට විකුනල දතාගෙ ගිණුම රජ වෙනවා

  6. sinha le says:

    මේ ආන්ඩුව ආපු දවස්වල ඉඳන් කොලේ මහා ජාතිය බල්ලට දමා සුළු ජාතියේ උන්ටයි ලෝක ප්‍රජාවටයි ආතල් දෙන එකය.

    • jayamal says:

      sinha le ඔබ හරියටම හරි. මමත් එකඟයි. යමපාලනය බලයට ආදා සිටම සංහිඳියා නාමෙන් කලේ බහුතර සිංහලයින් හෑල්ලු කිරීම සහ බුදුසසුනට අන වින කිරීමයි.

      මේ නිජබිමේ උරුමය හිමි බහුතර සිංහලයින්ට හිමි තැන ආරක්ශා වෙමින් සියලුම ජන කොටස් ආරක්ශා වීමටත්….. බුදු සසුන බබලවමින් අන් සියලු ආගම් සහ විශ්වාසයන් ආරක්ශා වීමටත්…… ගෝටාභය මැතිඳුන් මහින්ද මැතිඳුන් මේ රට බාරගත යුතුමයි.

    • Saman says:

      Sahathika Aththa!

    • vishnu says:

      සම්පුර්ණ ඇත්ත

Main News