ගෝඨාට ජනාධිපතිවරණයට රට වට යන්න බැරිවෙයි.. කෞතුකාගාර නඩුව දිනපතා විභාගයට ගැනේ.. ඉක්මනින් නඩු අසා දඬුවම්..

August 30, 2019 at 11:20 am | lanka C news
ගෝඨාට ජනාධිපතිවරණයට රට වට යන්න බැරිවෙයි.. කෞතුකාගාර නඩුව දිනපතා විභාගයට ගැනේ.. ඉක්මනින් නඩු අසා දඬුවම්..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව ඔක්තෝබර් 15 වනදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර තිබේ.

මැදමුලන ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී පසුගිය රජය සමයේ ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අධිකාරිය ලේකම්වරයාව ගනිමින් රාජ්‍ය මුදල් අවභාවිත කළේයැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට එකී නඩුවෙන් චෝදනා එල්ල කර තිබේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සම්බන්ධ වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

කෙසේ වෙතත් මෙම නඩු විභාගය ඔක්තෝබර් 01 වනදා තෙක් විභාගයට ගැනීම අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇත්තේ මෙම අධිකරණයට මෙම නඩුව විභාගයට ගැනීමට බලයක් නැතැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි.

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ස්ථාපිත කර ඇත්තේ ඉක්මනින් නඩු අසා තීන්දු දීමටයි.

46 views

22 Comments to “ගෝඨාට ජනාධිපතිවරණයට රට වට යන්න බැරිවෙයි.. කෞතුකාගාර නඩුව දිනපතා විභාගයට ගැනේ.. ඉක්මනින් නඩු අසා දඬුවම්..”

  1. Sirisena Yatawara says:

    Ours judiciary has lost its independent and impartiality features of key that norms of justice system under the UNP regime. Ongoing Special High Court has which that violated court of order of law norms,its procedure by unfair justice of looking for criminal procedure.
    Therefor High Court must be stop by kangaroo court participates.
    We seek natural justice for victimizes NOT by High court hearing of so-called, that Justice.
    The ” High courts” by appointed Judges are selected by politicization of legal system.
    That wrong path that UNP high Hand intervention by Minster Of Justice. Having said that an Evil intention against accuses of GR.
    That is why has happen in Justice bias of political motivated act before court of Law.
    We are telling again and again on HIGH Court is not flowed by Natural justice.
    That Court has lost that logical grounds of legal point of view of by legal arguments.
    What I have to say all verdicts will by given by High Court nil and void…..
    People of citizens can be challenge in other court is higher than High Court “

  2. praba says:

    මේ රට ගලවගන්න මේ අයට අවශ්‍යතාවයක් ඇති බව පෙනෙන්නේ නෑ. තවමත් රාජපක්ෂලාට ඇගිලි දික්කර කර ඉන්නවා මිසක් උන් වැඩ කරන්නෙත් නැහැ. රට විනාශ කර කර ඉන්නවා මිසක්. මේ අය මොනව කිව්වත් බුද්ධිමත් ජනතාව මේ සැරේ හොද පිළිතුරක් චන්දෙදි ලබා දෙයි. බලෙන් ජන්ද අරගෙන රට පාලනය කිරීමට හිතන එක මෝඩකමක්.

  3. lion says:

    rattunge salli walin ammage thaththage sohon kotigananin wiyadam karala hadana minihekutada ogollo me rata bara denna hadanne.naduwata kelin peni hitinne nathi minhekda ogollo viswasa karanne.

  4. තරංගා says:

    මේකෙ හැමෝම කමෙන්ට් දාළ තියෙන්නේ වරදක් කළ ගානටනේ. නඩුවෙන් නිදහස් වෙන්නත් පුළුවන්නේ. ඒක හින්ද ඉක්මනට අහන එක හොඳයි.

  5. ranga says:

    hara gota mahajana mudal miliyana 33k hora kala uge appage sohona hadala waradi karayek unath wahallu kiyai desapalana pali gamin kiyala.ehew mi harak tikak inne

  6. Gotaimbara says:

    At the end courts will find Gota innocent, just like the CWE case against Johnston Fernando

  7. Saradiel says:

    මහා බැංකු හොරා නිදැල්ලේ ලැජ්ජයි

  8. BANDA says:

    බණ්ඩාරනායක සමාධිය හැදුවේ හොරගොල්ලේ වලව්වේ බුදලයෙන්ද,නැත්නම් මහා ජනතාවගෙන් සම්මාදම් කරලද?ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමා තමයි බණ්ඩාරනායක උන්නැහේට දකුණු අත වගේ UNP එකෙන් අයින්වෙන්න මුලින්ම උදවු කලේ. මේවා තමයි කුහක කම් කියන්නේ.රට දියුණු වන්නේ නැත්තේ මේවගේ වැඩ නිසයි.

Main News