ගෝඨාභයගේ, මහින්දගේ නම විකුණා ස්විස් පනින්නේ මෙහෙමයි… පනින අයට ලැබෙන සැප මෙන්න..

December 8, 2019 at 12:00 pm | lanka C news
ගෝඨාභයගේ, මහින්දගේ නම විකුණා ස්විස් පනින්නේ මෙහෙමයි… පනින අයට ලැබෙන සැප මෙන්න..

ස්විස් ජනතාව ස්විස් රජයට විශාල ලෙස බදු ගෙවති. එහෙත් මේ බදු මුදල් වලින් දේශපාලන රැකවරණ ලැබූවන්ට පිං පඩි හෙවත් ඩෝලයන් ලැබේ.

ස්විට්සර්ලන්තයේ මානව හිමිකම් මුවාවෙන් සිදුවන මේ කි‍්‍රයාදාමයේ පසුපස ඇත්තේ තක්කඩිකම්ය. අද අපි හෙළිකරන්නේ මේ තක්කඩිකම්ය.

‘‘හිටපු ආරක්‍ෂක ලේකම් තමාව මරන්න සොයනවා. හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මගේ පිටුපස පන්නනවා.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මාත් මගේ පුතා පසුපසත් පැන්නුවා.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කොටි හමුදා නායකයන්ව මරන්න යැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට පැවසුවා’’ යනුවෙන් බොරු ප‍්‍රකාශ රැසක් ස්විස් බලධාරීන්ට පවසා ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබාගත් සිංහලයන් හා ද්‍රවිඩයන් රැසක් සිටී.

මේ දේශපාලන රැකවරණ ලබාගත් පිරිස මුලින්ම යන්නේ ‘සුරිච්’ නගරයටයි. එහිදී ඔවුන්ගේ ප‍්‍රකාශ ප‍්‍රංශ සහ ජර්මානු භාෂාවන්ට පරිවර්තනය කරන්නේ ශ‍්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙකි.

මේ ප‍්‍රකාශ සෙම් හෙවත් ස්විස් සංක‍්‍රමණික කාර්යාලයට ඉදිරිපත් කෙරේ.

ඉන්පසු ස්විට්සර්ලන්ත සංක‍්‍රමණික කාර්යාලය ඔවුන්ට ‘භ’ බලපත‍්‍රය ලබාදේ. මේ බලපත‍්‍රය මත එරටින් පිටවීමට තහනම්ය.

මේ දේශපාලන රැකවරණ ලබන්නන්ට ලැබෙන පහසුකම් මෙසේයි.

1. මසකට ප‍්‍රෑන්ක් 350 ත් 400 ත් අතර දීමනාවක්
2. සමුපකාර සල් වලින් අඩු මිලට ආහාර පාන
3. ට‍්‍රෑම්කාර්, බෝට්ටුවල සහ බස්රථවල යෑමේ පහසුකම්
4. ප‍්‍රංශ හෝ ජර්මානු භාෂාව ඉගෙන ගැනීමේ පහසුකම්
5. සිය අනන්‍යතාව වසන් කිරීමේ අවසරය

ස්විට්සර්ලන්තය තුළ අප කළ විමර්ශනයේදී හෙළිවූයේ බොරු තොරතුරු ඉදිරිපත් කර දේශපාලන රැකවරණ ලබාගත් ශ‍්‍රී ලාංකකියන් විශාල සංඛ්‍යාවක් සිටින බවයි.

ඔවුන් අතර ජාතික පුවත්පතක සේවය කළ පියා සහ පුතාද විiුත් නාලිකාවක සේවය කළ අයෙක්ද පුද්ගලික මාධ්‍යයක සේවය කළ තැනැත්තෙක්ද ද්‍රවිඩ පුවත්පත් දෙකක සේවය කළ පිරිසක්ද වෘත්තීය සමිතිවල හිටපු නිලධාරීන් කීපදෙනෙක්ද ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු නිලධාරියෙක්ද නව වාමාංශික පෙරමුණේ සේවය කළ අයෙක්ද හිටපු කොටි 200 ක්ද වේ.

මේ හැමදෙනාම කියන්නේ එකම කතාවයි. ඒ සුදු වෑන් සහ හිටපු ආරක්‍ෂක ලේකම් තමන් පසුපස පැමිණි බවයි.

එහෙත් පොලිස් පැමිණිලි නැත.

මේ පිරිස ස්විස් රජය ගොනාට අන්දවා ඇත. ඔවුන්ගෙන් එක් අයෙක් තමා ස්විස් පැමිණි අයුරු මෙසේ හෙළි කළේය.

මම පිටස්තර පිරිසක් ගෙදරට ඇතුල්වී පොත්පත් බිමට දමා ගේ පරීක්‍ෂා කළ අයුරු දැක්වෙන ලෙසට කි‍්‍රයාකළා. ඉන්පසු වෙබ් අඩවි මගින් නාඳුනන කණ්ඩායමක් නිවසට ඇතුල්වූ බවත් ප‍්‍රචාරය කළා. මේ බව දේශපාලකයකුට දන්වා ස්විස් තානාපති කාර්යාලයට පැමිණිලි කළා. පසුව නේපාලය ඔස්සේ සුරිච් නුවරට පැමිණියා.

ඒ එම තැනැත්තා සිදුකළ පාපොච්චාරණයයි.

මේ හැර ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් 150 කට අධික පිරිසක් ඝාතනය වූ බවට ව්‍යාජ තොරතුරු ස්විට්සර්ලන්තය තුළ ප‍්‍රචාරය විය. මේ තොරතුරු වල සත්‍යතාව ගැන විමර්ශනයක් නොවුණි.

ගතවූ වසර දෙක තුළ ස්විස් රජය 642 කට දේශපාලන රැකවරණ දී තිබේ. මොවුන් හිටපු ආරක්‍ෂක ලේකම් සහ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මරණීය තර්ජන එල්ල කළ බව කියන පිරිසක්ද?

ලොව වෙනත් රටවලට වඩා ස්විට්සර්ලන්තය තුළ වරප‍්‍රසාද විශාල ලෙස ලැබෙන නිසා බොරු මරණ තර්ජන හුවා දක්වමින් මේ ද්‍රවිඩ සහ ශ‍්‍රී ලාංකිකයෝ ස්විට්සර්ලන්තයේ වාසය කරති.

ඔවුන් රැකියාවක් නොකරන අතර කරන එකම දේ ශ‍්‍රී ලංකාවට එරෙහිව කි‍්‍රයාකිරීමයි.

මේ හැර තවත් ශ‍්‍රී ලාංකිකයන් 2000 කට අධික පිරිසකගේ දේශපාලන අයැදුම්පත් නිරීක්‍ෂණ තත්ත්වයේ ඇත.

එහෙත් මේ සැබෑ තත්ත්වය මෙරට බලධාරීන්ට වසන්වී ඇත. 2017 සහ 2018 වසර වල යහපාලන රජය පැවැති අතර එම කාලවකවානුවේදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගෙන් මරණ තර්ජන එල්ල වූ බව කිව හැකිද?

මේ තක්කඩිකම් ස්විස් රජය නොදනී. ආර්ථික හේතූන් සහ ස්විට්සර්ලන්තයේ ජීවත්වීමේ අරමුණින් බොරු මරණ තර්ජන හුවා දක්වන මේ ශ‍්‍රී ලාංකිකයන් ශ‍්‍රී ලංකාවට නිගාවකි.

කිසිදු අයුරකින් මරණ තර්ජන එල්ල නොවූ මේ පිරිසගෙන් වැඩිදෙනා ‘මාධ්‍යවේදී ලේබලය’ මත කි‍්‍රයාකරයි. ඇහැලියගොඩ ප‍්‍රදේශයේ කරවල වෙළෙන්දෙක්ද මාධ්‍යවේදී මුවාවෙන් ස්විට්සර්ලන්තයට පැමිණ ඇත.

– divaina

188 views

18 Comments to “ගෝඨාභයගේ, මහින්දගේ නම විකුණා ස්විස් පනින්නේ මෙහෙමයි… පනින අයට ලැබෙන සැප මෙන්න..”

  1. Niru says:

    Why don’t you name these people?
    Then we will know if the reports are authentic

  2. kim says:

    යකෝ දැන්වත් සූරිච්, මියුනිච්, ඩෙන්ගු වගේ වැරදි උච්චාරන පල නොකර ඉමුද? දිවයිනෙ කීර්ති වගේ මෙලො ඉන්ගිරිසියක් නොදන්නා නමුත් සියල්ල දත් යනුවෙන් හිතාගෙන සිටි මෝඩ පත්තරකාරයෙක් ඉස්සෙල්ල වැරදියට ලිව්වා. අනිත් ගොන්නුත් ඊට පස්සෙ ඒ විදියටම ලියන්න ගත්තා. ඒවා සූරික් (Zurich), මියුනික්(Munich), ඩෙන්ගි(Dengue) යනුවෙන් නිවැරදි විය යුතුය.

    • නියම උච්චාරනය ඒ රටට අනුව ඉගෙන ගැනීම හොදයි.. හැබැයි උච්චාරණය යම් තරමකින් වෙනස් වීම ගැන ඔතරම් ලැජ්ජා විය යුතු නැහැ. ඔය කියන සුරික් කාරයෙකුට ‘ශ්‍රී ලංකා’ කියල සිංහලෙන් කියන්න කියන්න බලන්න. දහ දෙනෙක් දහ විදියට කියයි.. Edinburgh, Calefornia.. ඔය කෝකත් එච්චරයි… කොටින්ම eastern european කට්ටිය එංගලන්තෙ කතා කරන ඉංග්‍රීසි, සුද්සුද්ද Greek වගේ. තමන් ගැන ඔච්වර විවේචනාත්මක ත්, යුරෝපීයයන් ගැන වන්දනාත්මක් ත් වෙන්න ඕන නෑ..

    • Norata Eka says:

      දැන් ඒකද ලොකුම ප්‍රශ්නෙ???

    • ධම්මික says:

      Kim තෝ නම් උපන් ගෙයි වහලෙක්. ලතින් වචන ඉංග්‍රිසිකාරයෝ උන්ගේ ඉංගිරිසියේ යොදා ගෙන තියෙන්නේ උන්ට උච්චාරණය කරන්න පුළුවන් ආකාරයට සහ උන්ගේ අක්‍ෂරමාලාවට අනුව ඒවායේ මුල් වචනයේ අකුරුද සංශෝදනය කරමිනුයි. උඹ හදන්නේ සද්දාට බැරි වුන දේ අපිටත් බැහැනේ ඒ නිසා අපි සුද්දගේ විදිහටම උච්චාරණය කළ යුතුයි කියලා කියන්න නේද?.. බඩ කපාගෙන මැරියන් වල් හැලපයා.

    • සුනී says:

      ඒ ඒ රටවල වුණත් ඒ ඒ ප්‍රදේශවල අය මෙම වචන විවිධාකාරයට උච්ඡාරණය කරනවා. සූරිච්/ සූරික් (Zurich) මියුනිච්/ මියුනික් (Munich)
      ඒ පිළිබඳව නොදන්නාකම සහ තමන් විතරයි දන්නේ අනිත් අය දන්නෙ නැහැ කියල හිතන මෝඩ තමයි ඔයා මෙහෙම කියල පෙන්නනේ.

    • සුනී says:

      ඒ ඒ රටවල වුණත් ඒ ඒ ප්‍රදේශවල අය මෙම වචන විවිධාකාරයට උච්ඡාරණය කරනවා. සූරිච්/ සූරික් (Zurich) මියුනිච්/ මියුනික් (Munich)
      ඒ පිළිබඳව නොදන්නාකම සහ තමන් විතරයි දන්නේ අනිත් අය දන්නෙ නැහැ කියල හිතන මෝඩ තමයි Kim ඔයා මෙහෙම කියල පෙන්නනේ.

    • Upul says:

      A language is a way of communication. The pronunciation of words differ from country to country. Therefore there is no global way of a standard pronunciation of words. So, my dear friend, do not get hyper about a simple minor issue like this.

  3. Mewa siyalla boruvata sanaatha nokara mesee news damanne ayi ? Meeva musaavan yai oppu karala keethumathiyata yali ovun genvaa ganiima keethumathi raajyapaalakayange parama puujaniiya yuthukamayi. Ha…. boruda ?

  4. RW says:

    මේ ප්‍රශ්න විසදන්න බලය හා හැකියාව තියෙන ජනපති කෙනෙක් , අගමැති කෙනෙක් , විදේශ ඇමති කෙනෙක් අපිට ඉන්නවා. ඒවාට බාදාවන විදියට වැඩ කිරීම මයික් උස්සන් කෑගැසීම විසදුමට බාදාවක්.

  5. මේවා ගැන ස්විස් කට්ටිය දන්නෙ නෑ කියන්න බෑ.. උං ලෝකෙ කාලා වතුර බීපු කට්ටියක්.. මේ අය කලු සල්ලි වලින් දුවන ආන්ඩුවක්.. කලු සල්ලි අයිති කාරයන්ගෙ (කොටි ඩයස්පොරාවත් ඇතුලුව) අවශ්‍යතා ඉෂ්ඨ කරන්න මේ අය බැදිල්ස් ඉන්නව.. නැත්නම් බිලියන ගනන් අරමුදල් මේ අයගෙ ස්විස් බැංකු වලින් ඉවත් වෙයි කිට්ස්ල බයයි.. මස් රාත්තලම ඉල්ලපු ශයිලොක්ගෙ පරම්පරාවෙන් මේ අය පැවත එන්නෙ. මනුස්ස හැගීම් හරි අඩුයි..

  6. haramanis says:

    why you are not sending this letter to a swiss embassy with English translation

  7. හැඳි මිටේ නුවණ says:

    කියන්නා කෙසේ කීවද අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. ලොව රටකට යාමට අපහසුම රටවල් වෙතොත් ඒ යුරෝපා සංගමයට අයත් රටවල් වේ. ඔබ විසින් පවසන ලද ආකාරයට එය ඔපමනම පහසු නම් දීර්ග කාලීන විසා අයදුම් කරන්කරන්නන් හට කෙතරම් අපහසුතා විඳීමට සිදු වනවාද යන්න මඳක් විමසා බලන්න. බොහෝ විට ස්වාමියා සහ බිරිඳට එක වර පදිංචියට යාමට නොලැබේ සහ එසේ වීම සඳහා වසරක සහ මාස තුනක කලක් ඉවසීමට ද සිදු වේ. අනික් අතට තානාපති කාර්යාලයේ රාජකාරි කරන කෙනෙකු හට මෙය මෙතරම් බොරු සිදුවීමක් මැවීමෙන් තොරව වුවද කර ගැනීමට ඉඩ තිබේය යන්න මගේ තර්කයයි. යුද්දයක් අවසාන වී ඇති රටක “මට මරණ තර්ජන තිබේය” යන සිඟිති තර්ක මෙම බොරු පුවත් අන්ධව අදහන්නන් විශ්වාස කලාට තානාපති කාර්යාලය විශ්වාස කරන්නේ නැත. ඒ නිසා මේවා බලන ඔබ බුද්ධිමත්ව සිතන්න “සමාජ මාද්යන්හි පල වන සියල්ල සත්‍ය නොවන බව.
    මෙහිදී තානාපති කාර්යාලය බොරු පුවතක් මැවුවානම් මීට පිළිතුරු දිය හැකි නයිතික මාර්ග බොහෝ තිබේ. මෙවන් බොරු පුවත් පතුරනවාට වඩා නිවැරදිව සහ තදින් රට වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග නොගතහොත් අප රටේ කීර්ති නාමයට කැළලක් වීම වළක්වනු නොහැකිය…

    • don katugampala says:

      ethakota nishanthada silva kandappa giye kohomada ?

    • යකා says:

      බුද්ධියෙන් සිතීමට කිසිම දෙයක් නැත. refugee visa ගසා ගැනීමට හරිම ලෙසිය. කැනඩාවට tourist Visa මගින් පැමිණ ගෝටා මරන්න සිටිනවා කියා ඉතාම පහසුවෙන් refugee Visa ගසාගත් මගේ ලංකාවේ දමිල මිතුරෙක් සිටී. Student visa මගින් කැනඩාවට පැමිණ PR apply ගැනීමට මට වසර 2 කට වඩා මෙරට full-time අධ්‍යාපනයක් ද, අධ්‍යාපනයට ගැලපෙන රැකියාවක්ද සොයා ගැනීමට සිදුවිය.

  8. පොඩි බයියා says:

    මේ විදියෙම රඟපෑමක් කරන්න ගිහින් ශූටින් එක අතරෙ ලසන්ත වික්‍රමතුංග මැරුන, එක්නැලිගොඩ අතුරුදන් වුනා, උපාලි, කීත්, පෝදදර වගේ අය තුවාල කර ගත්ත. ඒ නිසා ස්වීස් යන්න බැරිවුනා.

    • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

      ඇයි බටලන්ද වගේ තැන්වල කොල්ලො කෙල්ලො 60000ක් විතරත් මරුනෙ.

    • Thusara Jayaratne says:

      උපාලි, කීත්, පෝදදර දැන් ඉන්නෙ යුරෝපයේ.

      උඹ ඒකවත් දන්නෙ නැද්ද ගොනෝ?

Main News