ගෝඨාභයට එරෙහි නඩුවේ ප‍්‍රධාන සාක්‍ෂිකරු ලෙස ප‍්‍රකට ව්‍යාපාරික අශෝක් පතිරගේ කැදවයි..

September 11, 2018 at 10:33 pm | lanka C news
ගෝඨාභයට එරෙහි නඩුවේ ප‍්‍රධාන සාක්‍ෂිකරු ලෙස ප‍්‍රකට ව්‍යාපාරික අශෝක් පතිරගේ කැදවයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවා ඇති නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු ලෙස මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන අශෝක් පතිරගේ නම් කර ඇතැයි වාර්තා වෙයි.

මෙසේ ඔහු ප්‍රධාන සාක්ෂිකරු ලෙස නම් කර ඇත්තේ පසුගිය රජය සමයේ දී ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය හා සමාධිය ඉදිකිරීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කලේ යයි හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පුද්ගලයන් 06 දෙනෙකුට විරුද්ධව ගොනු කර ඇති නඩුව සදහාය.

අශෝක් පතිරගේ විසින් මාළු සහ මාළු ටැංකි ඒ සඳහා ලබාදුන් බව පැමිණිලිකාර පාර්ශවය අධිකරණයේදී සාක්‍ෂි විමසීමට සූදානමින් සිටින බවද සඳහන් වේ.

මෙම නඩුව ඔක්තෝබර් 09 දා විභාගයට ගැනීමට නියමිතයි.

අශෝක් පතිරගේ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන අතර වත්මන් රජය ආර්ථික ප්‍රතිපත්තිය නිරන්තරයෙන් ඔහුගේ විවේචනයට ලක් වෙයි.

132 views

16 Comments to “ගෝඨාභයට එරෙහි නඩුවේ ප‍්‍රධාන සාක්‍ෂිකරු ලෙස ප‍්‍රකට ව්‍යාපාරික අශෝක් පතිරගේ කැදවයි..”

  1. Hari says:

    Mey DRAMA AKKA ANDUWA MAHAJANAYAGE EYE WASH, NADU DAN THIYANWA RENDA GATHUWA WAGE AURUDU 3K THISE

  2. niroshan says:

    He should have told how to catch fish,by giving fish he had made a mistake.

  3. Dalit says:

    Another court in the Indian Colony.

Main News