ගෝඨාභයට ජනාධිපතිවරණ ජයග්‍රහණයට සජිත්ගෙන් විශාල උදවුවක්..

October 25, 2019 at 3:00 pm | lanka C news
ගෝඨාභයට ජනාධිපතිවරණ ජයග්‍රහණයට සජිත්ගෙන් විශාල උදවුවක්..

ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස ගෝඨාභයගේ ජයග්‍රහණය සඳහා විශාල සහයෝගයක් ලබාදෙනවා, පසුගිය වකවානුව පුරාම ඔහුගේ ශ්‍රී මුඛයෙන් කියපු දේවල් අනුව රටේ ජනතාව සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිරූපය හොඳින් හඳුනාගෙන තිබෙනවා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ ක‍ළේ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් දොම්පෙ ආසනයේ මැතිවරණ කටයුතු මෙහෙයවීම පිණිස කිරිඳිවැල නගරයේ පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ නියෝජිත ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජනහමුව අමතමිනි.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

අපි හැමෝම එක අරමුණක ඉන්න කණ්ඩායමක්. ඒ තමයි එක රටක් එක නීතියක් යටතේ මේ රටේ ජාතික ආරක්ෂාව සපයන්න පුළුවන් වගේම මේ රටට වග කියන්න පුළුවන්, නායකයා වන ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළ යුතුයි යන්න. ඇල්පිටිය මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව 70% ක ප්‍රතිශතයක් අරගෙන තිබුණා. ඒ නිසා බියවීමට දෙයක් නැහැ.

බලන්න අපේ ප්‍රතිවාදියාගේ වේදිකාවේ ඉන්නෙ කවුද කියලා. එතැන ඉන්නෙ රට බෙදන කණ්ඩායම. පෙඩරල් රාජ්‍යක් ඕනෙ. ඒකීයභාවය පිළිගන්න බැහැ. ඒ වගේම උතුරු නැගෙනහිර ස්වයංතීරණ අයිතිය දෙන්න ඕනෙ කියන රට බෙදන කණ්ඩායම සජිත් ප්‍රේමදාසගෙ වේදිකාවේ. ඒ වගේම තමයි පහුගිය පාස්කු ප්‍රහාරයට චෝදනා ලබල සහරාන්ල එක්ක එකට කාගෙන බීගෙන හිටපු රිෂාඩ් බදුර්දීන්ලා හකීම්ලා ඉන්නෙ සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ. ඒ වගේම මේ රටේ ආර්ථිකය කඩා වට්ටන්න මහ බැංකු හොරකම කරපු රවී කරුණානායකලා ,රනිල් වික්‍රමසිංහලා ,සුජීව සේනසිංහලා, අජිත් පී පෙරේරලා, හර්ෂණ රාජකරුණ මේ මහ බැංකු හොරකමින් ප්‍රතිලාභ ලබපු අයත් ඉන්නෙ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමේ.

රටේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන්ම පවා එක්සත් ජාතික පක්ෂ නායකයන්ට ලොකු විරෝධයක් එල්ල වෙමින් පවතිනවා. පහුගිය දවසක ලග්ගල පැවැති රැස්වීමකදී එක්සත් ජාතික පාක්ෂිකයෝ කෑගහපු හැටි අපි දැක්කා. ඒ නිසා රටේම අද මේ තත්ත්වය උදා වෙලා තියෙනවා. පහුගිය ඇල්පිටිය මැතිවරණයේදී ඒ අයට ලබාගන්න පුළුවන් වුණේ 23% යි.

– aruna.lk

52 views

3 Comments to “ගෝඨාභයට ජනාධිපතිවරණ ජයග්‍රහණයට සජිත්ගෙන් විශාල උදවුවක්..”

  1. CHAMINDA - SADA STF says:

    MACHO PRASA LET US TAKE SAJITH TO OUR SIDE BRO…. AS HE IS DOING NOW THE SAME,….
    BIG TIME FINISH…….. RANIL / SF / HARIN / BARIN ALL….

  2. malraj says:

    ohama yan wimalo…niyamaie… moda thunne…

  3. gadol says:

    එක්සත් ජාතික පක්ෂය කියන්නේ බටහිර අවතාරයක් ප්‍රවේසම් වන්න

Main News