ගෝඨාභයට විරුද්දව මර්වින් මිනී මැරුම් සාක්‍ෂි හදයි..

June 9, 2020 at 10:00 am | lanka C news
ගෝඨාභයට විරුද්දව මර්වින් මිනී මැරුම් සාක්‍ෂි හදයි..

වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී රැඳවූවන් ඝාතනය කිරීමට අණ දුන්නේ එවකට ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බවට අධිකරණය හමුවේ පාපොච්චාරණය කරන ලෙස හිටපු ඇමැති මර්වින් සිල්වා බන්ධනාගාරයට පැමිණ තමන්ගෙන් ඉල්ලා සිටි බව හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ඊයේ (8 වැනිදා) අනාවරණය කළේය

මෙම සිද්ධියට රාජපක්ෂවරුන් කෙසේ හෝ සම්බන්ධ බවට පාපොච්චාරණයක් කරනු ලැබුවහොත් බන්ධනාගාරයේ නොසිට ඇප ලබාගත හැකි යැයිද හිටපු ඇමැති මර්වින් සිල්වා තමාට දැනුම් දුන් බවද එමිල් රන්ජන් ළමාහේවා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් පැවැසීය.

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ කැරැල්ල සම්බන්ධ‍යන් අසත්‍ය කරුණු මත පදනම්ව තමන්ට එරෙහිව චෝදනා ගොනු කළ බව පවසමින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ අවස්ථාවේදී එමිල් රන්ජන් ළමාහේවා සාක්කි දෙමින්,

‘මා රිමාන්ඩ් භාරයට පත්ව බන්ධනාගාරයේ සිටියදී අදාළ සිද්ධියට රාජපක්ෂවරුන් සම්බන්ධ බවට පවසන ලෙස දන්වමින් යම් යම් අවස්ථාවලදී විවිධ පිරිස් බලපෑම් කළා.

අගමැති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය උපදේශකවරයකු වන අශෝක ජයතුංග 2018 වසරේ අග භාගයේදී මා හමුවීමට බන්ධනාගාරයට පැමිණියා. ‘මේකට අණ දුන්නේ කවුද? කියලා අගමැති අහගෙන එන්න කිව්වා.’ යැයි අශෝක ජයතුංග මා හට පැවැසුවා. අශෝක ජයතුංග කියන දෙයින් මට තේරුම් ගියේ මේකට අණදුන්නේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව කියන ලෙසත්, එසේ කිවහොත් ඇප ලබාගැනීමට හැකිවන බවත්ය.

හිටපු ඇමැති මර්වින් සිල්වා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත අශෝක ජයතුංග නමැති අය ගෙනා යෝජනා මා ප්‍රතික්ෂේප කිරීම නිසා, දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්ව වසරකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ සිටීමටද සිදුවුණා.’ යැයිද පැවැසීය.

– aruna

261 views

12 Comments to “ගෝඨාභයට විරුද්දව මර්වින් මිනී මැරුම් සාක්‍ෂි හදයි..”

  1. ඊයා බං මර්වින් තෝ දුටුගැමුණු පරම්පරාවේ කිව්වා නේද? හම්පඩ නාකියෝ තෝ එළාර පරම්පරාවේ කියලා කියහං

    • නොදුටු ගැමුණු says:

      දුටුගැමුණු පරපුරේ කොහෙද බොල සිල්වා කෙනෙක් හිටියේ

      • ඊබ්‍රහීම් සහෝදරයා says:

        මචං ඌ දුටුගැමුණුගෙ පුතාගෙ වයිෆ් අසෝක මාලාගෙ නෑයෙක්

  2. Chinthana says:

    So many Corruptions can be seen in the previous government (Yamapalanaya).

  3. අල්ලපු ගෙදර තිනන් says:

    හොර ආචාරි මැරවින් ලඟදීම කිඹුලන් පෙන්වූ රාජිතයා ඉන්න තැනටම යවමු.

  4. අසංඛ්‍ය says:

    මර්වින් සිල්වා ආන්තික ඊනියා සිංහලේ සංවිධානය සහ එහි ක්‍රියා කාරීන් සමග ඉතා සමීපව කටයුතු කරනවා. එම සංවිධාන මෙහෙය වන්නේ පා.ච.රණවක විසින්. සුළු දේශපාලන පක්ශ සියල්ලම පා.ච.රණවකගේ අන්තවාදීන් විසින් ආක්‍රමණය කරනවා පොහොට්ටුවට විරුද්ධව බලැණි ලෙස. මර්වින් ඔය කරන්නේ පා.ච.රණවකලාගේ උවමනාවන්.

    මර්වින් යනු සමූපේ බඩු කිරපු , නාවල නිහාල්ට රෑට සෝඩා ගේන්න කඩේ ගිය එකෙක්.

  5. Dikman Aiyya says:

    ……these GU and PEE fellows are damn scared of RAJAPAKSAWARU ha????…..Why like thaaat??? 3%,….bayata guuuu yanawaaa Lol….KOOOOOma hari Rajapksawaru GaaaaawannnaaaDoooooo….Lol

  6. Hari says:

    මුව ඇතුලට දන්නේ නැ රාජපක්ෂ ලගේ හොර වැඩ ඔක්කොම වමනේ කරයි

  7. ගරසරප says:

    මේ මිනිස්සු ඔක්කොම හැබැයි මොලේ තියන වැඩේ කරල තියෙන්නේ . බැරි වෙලාවත් සාක්ෂි දීල එලියට ආවනම් දැන් බඩුම තමා.

  8. බිල්ල says:

    මුගේ වසල වැඩ අහුවෙලා මහින්ද මූටකාමරයකට දමාගෙන හොඳටම නෙලුව බවත් එයින් බේරී ආවට පස්සේ මූ රාජපක්‍ෂවරුන්ට අපහසකීරීමේ කොන්ත්‍රාත් එක අරන් බවත් කියන ප්‍රවෘතිය සත්‍යද?

  9. Nadeeka says:

    මෙ ඔක්කොම games රනිලගෙ.JR කලෙත් සින්හල ජාතිය නසන එක.
    මහ බන්කුව,හම්බන්තොට වරය ,තෙල් ටන්කි ජනතාව ගෙ සල්ලි රටෙ අනගතය…

  10. sena says:

    මර්වින් සිල්වා කියන්නෙ ජාතික රුපවාහිණියෙ කාන්තාවන්ගෙ මලමුත්‍රාවලින් නාගත්ත පුග්ගලයෙක් ආය මොන කථාද

Main News