ගෝඨාභයට සහාය දෙන බව වතුකරයේ අත්පොලසන් මැද තොණ්ඩමන් නිවේදනය කරයි..

October 13, 2019 at 12:40 pm | lanka C news
ගෝඨාභයට සහාය දෙන බව වතුකරයේ අත්පොලසන් මැද තොණ්ඩමන් නිවේදනය කරයි..

ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිමට තම  පක්ෂයේ විධායක සභාව අද (13) තිරණය කල බව  එම පක්ෂයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.

හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථනායේදි ලංකා කම්කරු කොන්ග්‍රස්යේ සහයෝගය කුමන අපෙක්ෂකයාට ලබාදෙන්නේ ද යන්න පිලිබදව අද (13) පැවති එම පක්ෂයේ විධායක සභා රැස්විමෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදි තොණ්ඩමන් මහතා ඒ බැව් පැවසිය.

වතුකරයට බලපාන ප්‍රධාන ගැටළු 32 සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා පැවැත්වු බවත්, එම සාකච්ඡාවලට ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් තම පක්ෂයේ විධායක සභාව වෙත කරුණු ඉදිරිපත් කිරිමෙන් අනතුරුව විධායක සභාව ජනාධිපති අපෙක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාට පුර්ණ සහයෝගය ලබදිය යුතු බවට තිරණය කල බව තොණ්ඩමන් මහතා කියා සිටියේය.

මෙම මාධ්‍යය හමුවට ලංකා කම්කරු කොන්ගස්‍රයේ ජෙෂ්ඨ නායකයින් රැසක් සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

99 views

8 Comments to “ගෝඨාභයට සහාය දෙන බව වතුකරයේ අත්පොලසන් මැද තොණ්ඩමන් නිවේදනය කරයි..”

  1. Duminda says:

    how much they paid ?

    i heard, 20 crores ??

  2. Saradiel says:

    රටට ආදරයකරන දෙමළ මුස්ලිම් සියලු දෙනා එකතුවී රට ගොඩනගමු ජය ශ්‍රි

    • Trotsky says:

      These fellows don’t love the country. They love themselves and always frog jump to the wining side. For the time being we will have to accept them to ensure substantial majority win for GR.

  3. David Milli-banda says:

    Scared of Murali………
    To pay RS 100 per day productivity must be good and the world prices.

  4. සිංහලයා says:

    දැන්නම් ඉතින් UNP යට හිරිවැටිලා ඇත්තේ.

  5. Tommy says:

    ඔන්න ඉන්දියාවේ පුරවැසියෙකුත් දැං ඉන්නව අපි ගැන ලංකාව ගැන තීරණ ගන්න.

Main News