ගෝඨාභය අගමැති කිරීමට ජනපති මෛත්‍රී සූදානම්…

February 27, 2018 at 10:48 pm | lanka C news
ගෝඨාභය අගමැති කිරීමට ජනපති මෛත්‍රී සූදානම්…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අගමැති පදවියට පත්කොට, මීළඟ ජනාධිපතිවරණයටත් තරග කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උත්සාහය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යව තිබෙන්නේ ඒ සඳහා බව ද ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මන්ත්‍රීවරයා පැවසීය.

රටේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමග සජීව සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව කියා සිටි බිමල් රත්නායක මන්ත්‍රීවරයා පවසන්නේ ජනාධිපතිවරයාගේ “අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතාව” කවරක් දැයි පසුගිය පළාත් පාලන මැතිවරණය සමයේ ඔහු හැසිරුණු අන්දමින් පැහැදිලිව දක්නට ලැබුණු බවය.

“එතුමා ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නෑ. ඒක පැහැදිලියි. ඒ නිසා නැවත ජනාධිපතිවරණයකදී ඔහුට මහින්ද රාජපක්ෂ මහතා ළඟ තියෙන ඡන්ද ටික අවශ්‍යයි. ඒ නිසා ඔහුට ඕනකම තිබුණා මහින්ද රාජපක්ෂ හැර රාජපක්ෂ පවුලේ වෙනත් පුද්ගලයෙක් සිටිනවා නම් ඔහුගේ සහයෝගයත් තමන්ට ලබාගන්න.”

එබැවින් ගෝඨාභය රාජපක්ෂ ද “හවුල් කරගෙන” ජනපතිවරණයට ඉදිරිපත්වීම ජනපති සිරිසේනගේ සැලසුම වී තිබූ බව ඔහුගේ විග්‍රහය වී තිබේ.

කෙසේ වුවත් පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජනපදයේ සිට යළි සිය රට බලා පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැති ධුරය භාරගන්නා ලෙස ආරාධනාවක් කළහොත් එය පිළිගන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ විට හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ, “බැහැනේ මම ඇමරිකානු පුරවැසියෙක් ඉතින් මට අගමැතිකම් භාරගන්න බැහැ,” යනුවෙනි.

තමන් තවමත් ඇමෙරිකානු පුරවැසියෙකු වන බැවින් දේශපාලනයට පිවිසීමේ සැලසුමක් “තවම නැහැ,” බවත් ගෝඨාභය රාජපක්ෂ එහිදී සඳහන් කළේය.

බීබීසී සිංහල සේවය සමග ෆේස්බුක් සංවාදයේදී පසුගිය ඉරිදා සිදු කළ කැබිනට් සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් බිමල් රත්නායක මන්ත්‍රීවරයා කියා සිටියේ, ගතව ගිය වසර තුනක කාලය තුළ වත්මන් ආණ්ඩුවේ සමස්ත ක්‍රියාදාමය ‘කොමඩියක්’ පමණක් නොව ‘ට්‍රැජඩියක්’ (ඛේදවාචකයක්) ද බවය.

විශේෂයෙන්ම සාගල රත්නායක අමාත්‍යවරයා යටතේ තිබූ නීතිය හා සාමය අමාත්‍යාංශය තාවකාලිකව අගමැතිවරයා යටතට පත්කිරීම මගින් කිසිදු වෙනසක් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය වී තිබේ.

“නමුත් විශේෂයෙන්ම ජනවරමට අදාළව දූෂිතයන්ට එරෙහිව නඩු කටයුතු කරන්න බැරි වුනේ, මම හිතන්නේ නැහැ ඒක සාගල රත්නායක මහතාට අදාළ කරුණක් කියල,” බිමල් රත්නායක මන්ත්‍රීවරයා පැවසීය.

“මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදා වෙන් කර තබා ගැනීමේ අවශ්‍යතාවයට විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා රාජපක්ෂ පවුලට අදාළ නඩු කටයුතු සීමා කළා, ඒවා හරියාකාරව ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ කියන එක පැහැදිලි කාරණයක්.”

ශ්‍රී ලංකාවේ අධිකරණයේ ‘දෙබිඩි ප්‍රතිපත්තියක්’ පිළිබඳව මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා පවා මෑතදී සඳහන් කර තිබුණු බවත් සිහිපත් කළ ඔහු පවසන්නේ අගමැතිවරයා පමණක් නොව ජනාධිපතිවරයා ද සිය අනාගත සැලසුම් වෙනුවෙන් රාජපක්ෂ පවුලේ “තෝරාගත් සාමාජිකයන්” ආරක්ෂා කරන බවය.

කෙසේ වුවත් 2015 ජනපතිවරණයෙන් පසුව රාජපක්ෂ පාලනය දැඩි විවේචනයට ලක් කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, 2015 මාර්තු මාසයේ බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, ජනපතිවරණය දින ජීවිත ආරක්ෂාව පිණිස තමන් මුතුරෙකුගේ නිවසේ රාත්‍රිය ගත කළ බවය.

ජනපතිවරණයෙන් පරාජය වූයේ නම් සිය “මුලු පවුලම විනාශ කිරීමේ සැලසුමක්” තිබුණු බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ අවස්ථාවේ බීබීසී යට පැවසීය.

– BBC

106 views

27 Comments to “ගෝඨාභය අගමැති කිරීමට ජනපති මෛත්‍රී සූදානම්…”

  1. sarath jayawardana says:

    j v p කාරයෝ කියන්නේ මහා ජරා අමන කාලකණ්නි අම්මෙක් අප්පෙක් නැති පාරේ හැදිච්ච පාරේ ඉපදිච්ච බල්ලෝ ජාතියක් මුන් හැම වෙලාවේම බැලුවේ රට අස්ථාවර කරලා බලයට එන්න මුන් 71 රට විනාස කෙරුවා 89-90 රට ජරා විදියට විනාස කෙරුවා අහිංසක මිනිස්සු මරලා අර මොරටුවේ බස් ඩිපෝ එක එහෙම්පිටින්ම ගිනි තිබ්බා තැපැල් කන්තෝරු ගොවිජන සේවා කාර්යාල මුන් කරන තරමක් කෙරුවේ රට ආපස්සට යන දේවල් එක පැත්තකින් බැලුවාම මුනුයි LTTE එකයි උනුත් රට විනාස කෙරුවා jvp කාරයොත් රට විනාස කෙරුවා අහිංසක කොල්ලෝ කෙල්ලෝ දහස් ගානක් මුලා කරලා මරලා දැම්මා මුන් බැලුවේ මේ පාරත් රට කන්න මුන් අනිවාර්යෙන් දන්නවා රනිලයි සිරිසේනයයි ඩබල රට කනවා කියලා එතකොට මුන් හිතුවා ඊට පස්සේ මිනිසුන්ට එපා උනාම බලයට එන්න පුළුවන් කියලා නමුත් එකෙන් උනේ රට දරුණු විදියට අගාදයකට ඇදලා දැමීම නමුත් මිනිසුන් ට දැන් තේරිලා තියෙන්නේ මුන් හැම තිස්සෙම බැලුවේ රට විනාස කරලා බලයට එන්න 71,89/90 ,ආයි 2008 දැන් මුන්ව කුණු බක්කියටම තල්ලු කරන කලේ හරි

  2. Rohitha says:

    mama hithagene hitiye jvp sokkan athara bimalta tikakhari molayak saha pawrushayak thiyanawa kiyala. balapuwama un okkoma eka walle pol.

  3. saratth kumara says:

    j v p කාරයෝ කියන්නේ මහා ජරා අමන කාලකණ්නි අම්මෙක් අප්පෙක් නැති පාරේ හැදිච්ච පාරේ ඉපදිච්ච බල්ලෝ ජාතියක් මුන් හැම වෙලාවේම බැලුවේ රට අස්ථාවර කරලා බලයට එන්න මුන් 71 රට විනාස කෙරුවා 89-90 රට ජරා විදියට විනාස කෙරුවා අහිංසක මිනිස්සු මරලා අර මොරටුවේ බස් ඩිපෝ එක එහෙම්පිටින්ම ගිනි තිබ්බා තැපැල් කන්තෝරු ගොවිජන සේවා කාර්යාල මුන් කරන තරමක් කෙරුවේ රට ආපස්සට යන දේවල් එක පැත්තකින් බැලුවාම මුනුයි LTTE එකයි උනුත් රට විනාස කෙරුවා jvp කාරයොත් රට විනාස කෙරුවා අහිංසක කොල්ලෝ කෙල්ලෝ දහස් ගානක් මුලා කරලා මරලා දැම්මා මුන් බැලුවේ මේ පාරත් රට කන්න මුන් අනිවාර්යෙන් දන්නවා රනිලයි සිරිසේනයයි ඩබල රට කනවා කියලා එතකොට මුන් හිතුවා ඊට පස්සේ මිනිසුන්ට එපා උනාම බලයට එන්න පුළුවන් කියලා නමුත් එකෙන් උනේ රට දරුණු විදියට අගාදයකට ඇදලා දැමීම නමුත් මිනිසුන් ට දැන් තේරිලා තියෙන්නේ මුන් හැම තිස්සෙම බැලුවේ රට විනාස කරලා බලයට එන්න 71,89/90 ,ආයි 2008 දැන් මුන්ව කුණු බක්කියටම තල්ලු කරන කලේ හරි

  4. Ruwan says:

    JVP thopi me seratama wagakiyanna one.Dan ththota babala wage kathakaranawa.

  5. W.Milton says:

    JVP is terrorist outfit ,that not a party who believed democracy. Now JVP support for UNP!
    Many perks and bonus from UNP and foreign other intelligence agencies

  6. W.Milton says:

    JVP founder of PND Wijeweera is/was CIA agent says by “ATTA” Newspapers in 1969?

  7. බන්ඩා says:

    එක අතකින් ගෝටා හිරේ යවන්න කුමන්ත්‍රණ කරනවා. අනිත් අතින් අගමැති කොරන්න හදනවා. මේ මොන නරි නාටකද? ඔය විගඩම් හරි යන්නෙ නැහැ හිටං. ජනතාව තව දුරටත් ගොනාට අන්දන්න බැහැ. ජහපාලකයිනි! අම්බානෙට කන්න ලැහැස්ති වෙයල්ලා.

  8. කරුණාකර ඔය දිරච්ච ලනුනම් ගිලින්න එපා ඔය පැරදුන් එවුන් ගේ ජාමය බේරා ගැනීමේ මර උගුල්/????
    මුන්ට දැං ආංණ්ඞුව ගෙනියගන්න බැරුව අතීසාරයට අමුඩෙගහන්න පිලියමක් සොයමින් ඉන්නේ??>>??????????

Main News