ගෝඨාභය ඇමරිකාවට පැනලා..

January 21, 2018 at 3:33 am | lanka C news
ගෝඨාභය ඇමරිකාවට පැනලා..

එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඇල්පිටිය නගර මධ්‍යයේ ජන රැළියක් පැවැති අතර, එම අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියේය.

මෙහිදී ජන රැළිය ඇමැතූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“පසුගිය රජය ලෝකය විසින් පිළිගත්තේ මුගාබේගේ රජය වගෙයි. නමුත් ලෝක ප්‍රජාව අද ශ්‍රී ලංකාව දෙස අවධානය යොමු කර තිබෙනවා. දේශපාලන පළිගැනීම්, පැහැරගෙන යෑම්, බියවැද්දීම් අද දක්නට ලැබෙන්නේ නැහැ. මාධ්‍ය නිදහස ලබා දී තිබෙනවා. බැදුම්කරය පිළිබද මාධ්‍යවේදීන් රජය විවේචනය කරමින් ලිපි පළ කරනවා. හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ දී බැදුම්කරයක් ගැන මාධ්‍යවේදීන් අදහස් දැක්වූයේ නම් එම මාධ්‍යවේදීන් සොයාගන්නත් බැහැ. පසුගිය රජයේ දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතනවල නඩු තීන්දු මෙම වසරේ ලබාදෙනවා. ඉන් පසු 2020 වනවිට රාජපක්ෂලාගේ ලිපිනය තිබෙන්නේ වැලිකඩ හිර ගෙදරයි. රට කාපු රාජපක්ෂලා තමයි යළි රට බාරදෙන්න කියා පොහොට්ටුවෙන් ඉල්ලන්නේ. මම නම් එම පොහොට්ටුව දකින්නේ බොම්බයි මොටයි වගේ.

වත්මන් රජය ජනතාවට සහන රැසක් ලබාදී තිබෙනවා. මානව සංවර්ධනයක් ඇති කිරීම රජයේ අරමුණයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය දෙස බැලීමේ දී පසුගිය වසර 03 තුල ආරම්භ කළ වැඩසටහන් තුලින් නිදහස් සෞඛ්‍ය සේවාව ජනතාවට නිවැරදි ආකාරයට ලැබී තිබෙනවා. ඉදිරියේ දී මිල අධික ඖෂධ වල මිල අඩු කිරීමට මම සුදානම් වෙනවා. පළමුව පිළිකා ඖෂධ වල මිල අඩු කිරිමට නියමිතයි. පෞද්ගලික රෝහල් නියාමනය කිරීම පෙබරවාරි 01 දා සිට ආරම්භ කර ජනතාවට තවත් සහන ලබාදෙනවා.

පොහොට්ටුව පක්ෂයෙන් බලය ඉල්ලන්න එන රාජපක්ෂලා සිදු කළ වංචා දුෂණ පිළිබද සියලු තොරතුරු හෙළි වී තිබෙනවා. රණවිරු ගැහිල්ලක් සිදු කළ රණවිරු රාජපක්ෂ ඇමරිකාවට පැනලා. සහෝදර බැසිල් රාජපක්ෂවත් දන්නේ නැහැ එයා ඉන්නේ කොහේ ද කියලා. මිග් යානා වලින් ඩොලර් මිලියන 7.5 බැගින් වංචා කර තිබෙනවා. රණවිරු රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් තව තොරතුරු ටිකක් ඉල්ලා තිබෙනවා. එම තොරතුරුත් අප සතුව තිබෙනවා.

ඩුබායි බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති මුදල් පිළිබද තොරතුරුත් සොයාගෙන තිබෙනවා. බොම්බයි මොටයි සළකුණේ ඉන්න අය මේ පිළිබද තොරතුරු දන්නේ නැහැ. ජී.එල් පිරිස් මහතා තමයි පක්ෂයේ නායකයා. නමුත් පක්ෂයේ නායකයාගේ පිංතූරය මැතිවරණයට යොදා ගන්නේ නැහැ. පිපෙන්නේ නැති පොහොට්ටුවත් හරියට ජී.එල් පීරිස් වගේ හරියට මැලවිලා තිබෙන්නේ. පුලුවන් නම් ජී.එල් පිරීස්ගේ ඡායාරූපය මැතිවරණයට යොදාගෙන පෙන්වන්න.

බැදුම්කරය මුල්කර ගනිමින් අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල කරනවා. ජනතා විමුක්ති පෙරමුණත් විවිධ චෝදනා එල්ල කරනවා. 88, 89 භිෂණය කාලේ බොම්බ ගහපු පුද්ගලයින් දැන් බණ කියනවා. බෝම්බ ප්‍රහාර වලට ලක් වූ ජනතාව දැන් බණ අහනවා. එහෙම රටක් තමයි අපි මේ ගොඩනගන්න හදන්නේ. නමුත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය පිරිසිදු රජයක්. මෙම පිරිසිදු නායකයින් දෙදෙනා අපි ආරක්ෂා කළ යුතුයි.”

– ප‍්‍රසන්න අධිකාරී

37 views

11 Comments to “ගෝඨාභය ඇමරිකාවට පැනලා..”

  1. Rojer says:

    Hay all time Pacha Minister, you are in the governments for last 20 years Why didn’t open your big mouth then
    You are a hypocrite if you got information on money in Dubai banks show it to the people
    You are telling these lies for last 3 years without a proof
    If you have any credibility prove it? Don’t try to defend daylight CEntral Bank robbers with unsubstantiated allegations
    Your yahaplana mob drag the country 50 years back People are suffering and will reply in due time
    Stop spreading dam lies

    • ජනක says:

      ඔහොම පලයන් තොට වලාකුල් නැති නිල අහසෙන් එක පාරටම හෙනයක් ඔලුවට පාත්වෙන දවස වැඩි දුර නෑ

  2. Rohitha says:

    thamusela mawapu boru nisa moda minissu rajapaksala balen pahauna. nobodenekin a minissu naewatha sathya thathwaya therum aeragena rajapaksa balayata genta hadanakotama sirisena siyalu neethi saha manussakama amathakakara unp’yata dinanta saelaessuwa.

    a boruma kiyanawa haera thamange paewaethma thahauru karaganta numbalata wena magak naethi bawa janathawa daen dannawa.

  3. Mahasona says:

    Again he has opened his ‘kakkussi kata’

    • kadiya says:

      මේ වසල බල්ලා හිතන් ඉන්නේ මේ රටේ සියල්ලෝම උගේ පුතා වගේ මන්ද බුධිකයෝ කියල. මෙහෙම ගොනෙක්.

  4. Karu says:

    ජි.. එල්. ගේ පිංතූර ගැනයි.
    ඇයි ගොන්තඩියෝ යූ.එන්.පියේ සභාපති කාරයගෙ පිංතූරත් කටවුට් වල නෑ නේද?
    එතකොට කෝ බූරුවා ජේ.වී.පි.සභයගෙ පිංතූර?

  5. බන්ඩා says:

    ‘යහපාලකයො’ දැන් අවුරුදු තුනක් තිස්සෙ රාජපක්ෂලගෙ හොරකම්, මිනී මැරුම් හොයනවා. රටේ මහ බැංකුව මහ දවල් බිඳල අාර්තිකය කම්බස්. එළඹෙන පලාත් පාලන චන්දෙදි රාජිත තක්කඩියගෙ ගෝලයන්ට පාඩමක් උගන්වමු.

  6. deshamamaka says:

    muu pissu vetichcha ballek,Puluwan nam Balu van eke ewanna muuwa dala yawanna.kawada hari me thirisana merenne ballek wage.

  7. nipun says:

    mehemath virayak. me minissu marila kohe yayida. meken penne rajapakshala ratata visala sevayak karala thiyena bavai. minissunge hiten ava evath karanna darana utsahayak vitarai . BUT YOU ARE FAILED.

  8. hitan gedara appuhami says:

    ඔය ඩුබායි සල්ලි කතාව 2015ත් කිව්වා. දැන් අවුරුදු 3ක් ගියා ඒ සල්ලි ටික ගෙනල්ල හම්බන්තොට නය ගෙවල වරාය බේර ගන්න තිබුනා නේ. මේ යකා මැරෙන්න ඉස්සෙල්ල කටට පනුවෝ ගහල විදවනවා කියන බොරු වලට.
    අර බ්ලු ඕෂන් නැව් 8ට ගත්තේ කොහොමද
    මෝදර වරාය දීල ගත්ත කොමිස් වලට මොකද වුනේ.
    හමුදාවට බාල, යල්පැන ගිය බෙහෙත් දීල හම්බ කරපුවට ළමයින්ට පැනඩෝල් බෙදුවද.
    අර බාල වයස්කාර කෙල්ලක් බලෙන් ගෙනල්ල තියාගෙන හිටියේ ගෙදර ළමා නිවාසයක්ද. පොලීසිය ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද.
    බොරු කෙප්ප කෙලින්නේ නැතිව අර මෛත්‍රීපාල අරක කරන්න ගියා වගේ ඔහෙත් ගිහිල්ල අරක කරලා ගිහිල්ල බුදිය ගන්න.
    තව දුරටත් රට විනාශ කරන්න එපා. පරම්පරා හතකටවත් ඒ පාපය ගෙවන්න බැරිවේවි.

  9. Karu says:

    මදෑ! මාර ලෝන් ජම්ප් එකක් නෙව !

Main News