ගෝඨාභය උස්සපු ශ්‍රී පාදස්ථානයේ ඝන්ඨාරය හමු වේ.. ‘මුන්ට හෙණ ගහන්න ඔ්නෑ’ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති කියයි..

October 23, 2019 at 9:20 am | lanka C news
ගෝඨාභය උස්සපු ශ්‍රී පාදස්ථානයේ ඝන්ඨාරය හමු වේ.. ‘මුන්ට හෙණ ගහන්න ඔ්නෑ’ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති කියයි..

ශ්‍රීපාදස්ථානයේ සවි කර තිබූ ඝන්ඨාරය පිලිබඳ වැදගත් පැහැදිලි කිරීමක් මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය මුහුණු පොතට එක්කර තිබුණි. මේ එම සටහනයි.

සිරීපාදේ ඝන්ඨාරේ…

ශ්‍රී පාදස්ථානයේ උඩ මළුවේ නව ඝන්ඨාරයක් සවි කිරීමේදී එහි තිබූ ඉපැරණි අමිල ඝන්ඨාරය ගෝඨාභය රාජපක්ෂ මහතා ගලවාගෙන ගිය ගිය බවත්, එය පසුව ඇමරිකාවට විකුණා දැමු බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ වේදිකාවේ දී ප්‍රකාශ විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු කළ මේ චෝදනාවට සමාජ මාධ්‍ය මගින් සහ පසුව විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලැබිණි.

මේ සම්බන්ධයෙන් මා මුහුණ දුන් අත්දැකීමක් නිසා සිරීපාදේ ඝන්ඨාරේට සිදු වූ දේ හරියටම දැන ගත හැකි විය.

පෙර යොදා ගත් කටයුත්තක් සඳහා සුප්‍රකට සිංහල ව්‍යාපාරිකයකු වන තුසිත විජේසේන මහතා (කැන්ඩි සිටි සෙන්ටර් සහ තවත් ව්‍යාපාර ගණනාවක හිමිකරු) හමුවීමට මම ඔහුගේ කාර්යාලයට ගියෙමි.

අප හමු වූ කටයුත්ත පිලිබඳ කතාබස් කරන අතරේ විජේසේන මහතා ප්‍රකාශ කළේ

“බලන්න ඩොක්ටර් මුන්ට හෙණ ගහනවනේ, බලන්න දැන් අර සිරීපාදේ ඝන්ඨාරේ ගැන කියන කතාව” යනුවෙනි.

ඒ ඇයි ?

“ඔය අලුත් ඝන්ඨාරේ මමනේ පූජා කළේ. මම පේ වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් කරපු පින්කමක්. මට ඕකට මිලියන 100කට වඩා ගියා”.

ඇයි එච්චර වියදමක් ගියේ?

“ඝන්ඨාරේ හැදුවේ මොරටුවේ. ඒක ශ්‍රී පාදස්ථානේ උඩ මළුවට අරන් ගියේ ගුවන් හමුදාවෙන්. හෙලිකොප්ටර් යොදා ගෙන කරපු ඒ වැඩේ විශ්වකර්ම වැඩක්. ඒ හෙලිකොප්ටර්වලට ගිය වියදමත් මම ගෙව්වේ. ඒ ඇරුනම උඩ මලුව සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කළා”.

එතකොට මේක ආණ්ඩුව මුල් වෙලා කරපු වැඩක් නොවේද?

මොන පිස්සුද ඩොක්ටර්. මේක සම්පුර්ණයෙන් මම කරපු පිංකමක්.

එහෙනම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ සම්බන්ධෙ මොකක්ද?

“මේ වැඩේට ගුවන් හමුදා සහාය ලබා ගන්න එතුමා ආරක්ෂක ලේකම්වරයා ලෙස අනුමැතිය දුන්නා. උඩමළුව ප්‍රතිසංස්කරණය කරලා විවෘත කරන උත්සවේ ප්‍රධාන අමුත්තා විධියට සහභාගී වුනේ එතුමා. එදාට මහින්ද සර් එන්න හිටියට එන්න බැරි උනා”.

එතකොට අර පැරණි ඝන්ඨාරේට උනේ මොකක්ද?

“හඃ හඃ, උඩ මළුවේ තිබුනු කිසිම වටිනා දෙයක්, පෞරාණික දෙයක් අපි අයින් කළේ නැහැ. පැරණි ඝන්ඨාරේත් ප්‍රමාණයෙන් පොඩි එකක්. ඒක උඩ මලුවේම නැවත සවි කළා. ඕන කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන් ඒ ඝන්ඨාරේ තාම තියෙනවා”.

එක රත්තරන් ද ?

“රත්තරන්වලින් ඝන්ඨාර හදනවද? සද්දේ එනවද? “

එහෙනම් කියන්නේ ඒක රත්තරන් ඝන්ඨාරයක්, ගලෝගෙන ගිහින් ඇමරිකාවට විකුණුවා කියලා.

“ඒකනේ මම කිව්වේ මුන්ට හෙණ ගහන්න ඕන කියලා”.

සමනල කන්දට අධිගෘහිතව වැඩ වසන සමන් දෙවියෝ සෝවාන් ඵල ලැබූ උතුමෙකි. උන්වහන්සේ හෙණ ලබා නොදුන්නද මේ කතා පවසන පිරිසට සුදුසු දඬුවමක් ලබා දෙනු නිසැකය.

– චන්න ජයසුමන FB

414 views

40 Comments to “ගෝඨාභය උස්සපු ශ්‍රී පාදස්ථානයේ ඝන්ඨාරය හමු වේ.. ‘මුන්ට හෙණ ගහන්න ඔ්නෑ’ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති කියයි..”

  1. බන්ඩා says:

    2015 සිරිසේන ට වඩා ටොං පච සජියගෙ කල්ලිය දෙසා බානවා.

    • හෙලයා says:

      මේ 2019 දි චන්ද දායකයෙ 2015ට වඩා දැනුවත්. අද බොරැවෙන් චන්ද දිනන්න බැහැ. සජිත් කට අරින හැම සැ⁣රේම චන්ද කීයක් හරි අඩු වෙනවා. ඒකය් ඇත්ත.

  2. වත්සලා says:

    බොරු කියන්න එපා හෙලිකොප්ටරේ ගුවන් හමුදාවෙන් නිකන් ලැබෙන්න ඇති, අනික රුපියල් කෝටි 100ක්? කජු ඇට කොස් ඇට නෙවිනේ?

    • අඩෝ says:

      ගණන් බැරිද මිනිහෝ උබට ? මිලිඅන 100 කියන්නේ කොටි 10 ට. තොපි වගේ උන් තම ගොන් යහපාලනයට චන්දෙ දෙන්නේ

    • Sajiya says:

      මිලියන 100ක් ඔයි මිලියන 100ක්.

    • Kaduwela Silwa says:

      Read it හොදින් කියවන්න කෝටි 100ක් නොවෙයි, මිලියන් 100ක් ඒ කියන්නෙ කෝටි 10ක්.

      • වත්සලා says:

        ගුවන් හමුදාව හැමදාම ඔය වගේ වැඩ නිකන් කරන්නේ. අපහාස කරන්න එපා සල්ලි ගත්තා කියලා.

        කෝටී 10ක් කියන්නේ ඔය වගේ පොඩි වැඩකට පොඩි ගානක්ද? කජු ඇටද කොස්‌ ඇටද?

        • ක්‍රිමිනල්ගේ වයිෆ් says:

          ගොන්සලා …… ඇමති කෙනෙක් ගියත් අදාල අමාත්‍යංශයෙන් ගුවන් හමුදාවට ගෙවන්න ඕනේ……..ගුවන් යානා සඳහා වන ඉන්ධන වලට ගෙවන්නේ කජු ඇට කොස් ඇට වලින් නෙමෙයිනේ…… අනික සම්පුර්ණ වියදම මිලියන 100 (කෝටි 10) ඝන්ටාරේ වියදමත් එක්ක.

    • Vat-Man says:

      මිලියන 100යි කෝටි 100ක් නොවේ

    • Disce ammata discede says:

      වත් සලා සලා සලා ගියා
      මෝඩ පුතා බොත්තමක් ඔබා බලා
      කොහිද වත් සලා සලා සලා ගියේ කියා
      රෑට එනවා සතුට දුක බලා බලා මෝඩපුතා

      • වත්සලා says:

        අනේ උඹ කවි නොලියා ඉන්නවද බැරිනං?

        • ක්‍රිමිනල්ගේ වයිෆ් says:

          වත්සලාට කවි ලියන්න එපා ගණන් කියල දෙන්න
          සිංහල ටිකකුත් හැකි නම් ……ඒ අස්සේ …ඩිස්කාඩේ
          කියාපන් පුතේ………

          මිලියන සියයක් දුටුවා…..කෝටි දහයකැයි සිතුවා……
          මඩ ගහන්න හැදුවත් ඉල්ලන් නාගෙන ඇය දිව්වා…….

          එයා ෆෝස් එකට අනේ තෙල් ගහන්නේ ඇටන් පනේ
          ඝන්ටාරේ වියදම් ඔක්කොම ඔබද අනේ…….

          කුරුල්ලන්ට ගී හදන්න ගහට කොළට පාට දෙන්න තනුව ආශ්‍රිතව ලීවෙමි

  3. නිළමේ says:

    ඔලුව කුඩු වෙන්න මුලින්ම හෙනගහන්න ඕන නලින් බණ්ඩාර කියන පරයට.

    • Raterala says:

      නලින් බණ්ඩාර ගොබෙල්ස් කල්ලියේ ප්‍රධාන චරිතයක් කට ඇරියෝත් බොරු වක්,ලග්ගල දි රනිල් ට ලැබුණු හූව ත් නැහැ කවිවා.

  4. ranjan says:

    ලංකාවේ මිනිස්සු මෑත ඉතිහාසේවත් දන්නේ නැති පිරිසක්. සුද්දන්ගේ කාලේ අද තියෙන බොහෝ වෙහෙරවිහාර වල වැදී තිබුනේ. ඒකාලේ හිටිය හමුදුවරු අමාරුවෙන් එලි පෙහෙළි කරලා මිනිස්සුන්ගේ ආදරයෙන් ගොඩනැගුව. ඔය කියන ගාන්ටරෙත් හමුදුවෝ හයි කරපු එකක්. ඒ විතරක් නොවෙයි රුවන්වැලි සෑයේ කොතපවා නවසිය තිස්ගනන්වල හයි කරපු එකක්.

  5. ranjan says:

    ලංකාවේ මිනිස්සු මෑත ඉතිහාසේවත් දන්නේ නැති පිරිසක්. සුද්දන්ගේ කාලේ අද තියෙන බොහෝ වෙහෙරවිහාර වල් වැදී තිබුනේ. ඒකාලේ හිටිය හමුදුවරු අමාරුවෙන් එලි පෙහෙළි කරලා මිනිස්සුන්ගේ ආදාරයෙන් ගොඩනැගුව. ඔය කියන ගාන්ටරෙත් හමුදුවෝ හයි කරපු එකක්. ඒ විතරක් නොවෙයි රුවන්වැලි සෑයේ කොතපවා නවසිය තිස්ගනන්වල හයි කරපු එකක්.

    • piyadasa says:

      ඒකාලේ හාමුදුවන්ට මහගිරි දබේට යන්න පඩි පෙලක්වත් තිබුනේ නැහැ . කඹ වලින් ගියේ . ආරක්ෂාවක් තිබුනෙත් නැහැ

  6. 2015 මහින්ද හොරා හොරා කියා ජේප්පෝ උඩ පැන උඩ පැන වැපුරුවා. දැන් ගෝඨාභය කන්න හදනවා. යකෝ මුන්ට හෙන ගහන්න ඕනේ කියන බේගල් වලට සහ බේගල් වපුරන එවුන්ට

    • Saradiel says:

      ඇතින්නියන් 7 මරා දමා බලේ ලබා ගන්න යාගහෝම කරන මෙලෙච්චේද born again මිත්‍යා දිෂ්ටිකයන්ට මොන බෞද්ධ ඉතිහාසික දැනුමක්ද ?
      මේ හොර නඩේට ලැබෙන්නේ වැසි නැති හෙණ …..මිනිසුනේ මේ හොරුන් කපටින්ගෙන් දැන්වත් අපේ මව් බිම බේරා ගැනීමට පෙරට වරෙව්

  7. ajith says:

    විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත් මුදල් අමාත්‍යාංශයේ හිරවී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

  8. මගේ ඇස් දෙකටම දැක්කා සර් සජිත් ඒක එල්ලා ගෙන ඇවිදිනවා... says:

    මගේ ඇස් දෙකටම දැක්කා සර් සජිත් ඒක එල්ලා ගෙන ඇවිදිනවා… ඕනේ නම් වේදිකාවට නගින කොට බලන්නකෝ සද්දේ? මාත් මගේ මේ ඇස් දෙකින්ම දැක්කා….රත්ර්හරන් කියනවා මගේ ඤ දෙකටමත් ඇහුණා….

  9. අභිත says:

    අම්මපා ඔය ගන්ඨාරය දැන් එල්ලගෙන ඉන්නේ ගොංජා එකනේ ඔය රඟන්නේ. රඟපල්ලා මේ බුද්ධ දේශයේ තොපිලට හම්බ වෙයි හොඳට පියාණෝ ගියෙත් කෑලී නැතිව

  10. ක්‍රිමිනල් says:

    ඝංඨාරේ හොරා කෑවේ නැත්තං අවුලක් නෑ . ආයේ ආයේ ඔක හොද හොදා දගලන්න ඔනේ නෑනේ.

    • upul says:

      උදෙන්ම වැඩ පටන් අරන් තියෙන්නේ

    • සකලබුජං says:

      තොපි බොරු වපුරන එක තමයි එකම අවුල.

    • ලක්වැසියා says:

      ඇයි උඹලගෙ පච අතේ පත්තුවෙනකොට අවුල්ද?

    • සදාලෝකපූජිත says:

      මේ ක්රිමිනල් කියන එකා පට්ට රදවෙක්. පුදුම හේදිල්ලක්.

    • හනිච්චං says:

      බොරු එළිවෙනකොට පපුව වාවන්නෙ නෑ මයෙ දෙයියෝ!!!!!!!!!!!!!!!!!!

    • ක්‍රිමිනල්ගේ වයිෆ් says:

      අය්යෝ ඔයා පාන්දරම සජිත්ලගේ රෙදි හෝදන්න පටන් අරන්නේ…….අන්න මංගල කෝල් එකක් දුන්නා…….එයාට කියන්න ඔයා දැන් මෙහෙ නැහැ කියලා. සමනල් හැඟුමන් අතරේ ඉන්නේ කියන්න.

Main News