ගෝඨාභය කලේ කොළඹ හතේ නෝනලගේ බඩවල් බස්සපු එක විතරයි.. රටට කල වෙන කෙංගෙඩියක් නෑ..

August 28, 2019 at 12:02 am | lanka C news
ගෝඨාභය කලේ කොළඹ හතේ නෝනලගේ බඩවල් බස්සපු එක විතරයි.. රටට කල වෙන කෙංගෙඩියක් නෑ..

ගෝඨාභය රාජපක්ෂ මහතා කලේ කොළඹ හතේ නෝනලාගේ බඩවල් බස්සපු එක පමණක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

ව්‍යායාම කරන කොළඹ හතේ නෝනලා ටිකකට ව්‍යායාම කිරීමට මංතීරු දෙක තුනක් සාදා ඇති නිසා ඔවුනට ගෝඨාභය රාජපක්ෂ මහතා හැමදාම පාන්දර මතක් වෙන බවද ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන මතකයක් ඇත්තේ ඒ ආකාරයේ පිරිසකට පමණක් යැයිද කී ඔහු එසේ නැතිව රටේ අනෙක් ජනතාවට ගෝටාභය රාජපක්‍ෂ මහතා කල කිසිදු කෙංඩියක් නැතැයි ද පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ කැරලිකාර කණ්ඩායමේ විසින් පවත්වන ලස ‘සජිත් එනවා’ ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

287 views
Main News