ගෝඨාභය ගෙදර සිටම ඡන්ද ලක්‍ෂ 65ක් හදා ගනී.. ශ‍්‍රීලනිපය සමග අවබෝධතා ගිවිසුම සූදානම්..

August 30, 2019 at 3:22 am | lanka C news
ගෝඨාභය ගෙදර සිටම ඡන්ද ලක්‍ෂ 65ක් හදා ගනී.. ශ‍්‍රීලනිපය සමග අවබෝධතා ගිවිසුම සූදානම්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති නිල සාකච්ඡාවේදී දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් සඳහා එකඟතාවක් ඇතිවී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල සාකච්ඡා ආරම්භ විය.

ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි.

ඒ සඳහා දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න යව මහත්වරුන් එක්විය.

එහිදී නිදහස් පක්ෂ නියෝජිතයින් ජනාධිපතිවරණයට සහාය පල කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අවබෝධතා ගිවිසුමක් සඳහා එකඟ වී ඇත.

සන්ධානයක් බිහි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇත.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණු බව ශ්‍රීලනිපයේ නියෝජිතයින් ප්‍රකාශ කළේය.

ඇතැම් කරුණු පිළිබඳ නැවත සාකච්ඡා කළ යුතු බවටද අදහස් හුවමාරු වී ඇත.

– adaderana

32 views

7 Comments to “ගෝඨාභය ගෙදර සිටම ඡන්ද ලක්‍ෂ 65ක් හදා ගනී.. ශ‍්‍රීලනිපය සමග අවබෝධතා ගිවිසුම සූදානම්..”

  1. Rata Wenuwen says:

    බෙනේ රිලවාට ගොඩවෙන්න එක එක කතන්දර එළියට එයි

  2. Wajira says:

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂේ එක්ක ගිවිසුම් ගහලා ගන්ඩ චන්ද තියෙනවද කියන එකතමයි ගැටලුව. ඔකෙන් වෙනනේ ජනතාව ප්‍රතික්ෂේප කල උන් ආයෙත් ජාතික ලැයිස්තුවෙන් හරි ඇතුලට එන එක. ඉන් ජනතාවට ලැබෙන සෙතක් නැහැ. ගෝඨාභය ගැන තියෙන කැමැත්ත අඩු විමක් පමණයි වෙන්නේ !!!

  3. Daham says:

    These fellows are Day dreaming*****

  4. SLCommunity says:

    Better to select a good educated team this time to make our mother land a better place. GOTA this is the last chance…

  5. Akila says:

    Even CBK got only 62 % in 1994…No way..fairy tales..