ගෝඨාභය ජනාධිපති කරවූයේ මහින්ද ගැන ඇති විශ්වාසයෙන්…

January 7, 2020 at 8:40 am | lanka C news
ගෝඨාභය ජනාධිපති කරවූයේ මහින්ද ගැන ඇති විශ්වාසයෙන්…

ජනතාව මානසිකව පීඩාවට පත්කළ පාලනය වෙනස් කිරීමට අගමැතිවරයාගේ දායකත්වය ප්‍රමුඛ වූ බව ඓතිහාසික මහනුවර බහිරවකන්ද ශ්‍රී මහා බෝධී මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය යටවත්තේ ධම්මානන්ද හිමියෝ සඳහන් කළහ.

ඓතිහාසික බහිරවකන්ද ශ්‍රී මහා බෝධී මහා විහාරස්ථානයේ නිර්මාතෘ, අපවත් වී වදාල අම්පිටියේ ශ්‍රී ධම්මාරාම නායක හිමියන් අපවත් වී වසර 27ක් පිරීම නිමිත්තෙන්, ජනවාරි 01 වැනිදා සිට විහාරස්ථානයේ පැවැත්වෙන පිංකම් මාලාවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පිංකම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගි වූ අතර එහිදී යටවත්තේ ධම්මානන්ද හිමියෝ මෙසේ පැවසූහ.

අග්‍රාමාත්‍යවරයා බෝධීන් වහන්සේට මල් පහන් පූජාකර ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව විහාරාධිපති යටවත්තේ ධම්මානන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් සජ්ඤායනා කරමින් අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ විහාරාධිපති පූජ්‍ය යටවත්තේ ධම්මානන්ද හිමියන් සඳහන් කලේ පසුගිය රජය සමයේ ජනතාව දැඩි මානසික අපහසුතාවයකින් ජීවත් වූ බවයි.

මේ වන විට ජනතාව එකී මානසික අපහසුතාවයෙන් මිදී ඇතැයි සඳහන් කළ විහාරාධිපති හිමියෝ පෙන්වා දුන්නේ, පැවැති පාලනය වෙනස් කර ජනතාව මානසික අපහසුතාවයෙන් මුදවා ගැනීම සඳහා අගමැතිවරයාගේ උපරිම දායකත්වයක් හිමි වූ බවයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙරෙහි වූ විශ්වාසයෙන් යුතුව පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිධූරයට පත්කිරීමට ජනතාව පියවර ගත් බවද කී යටවත්තේ ධම්මානන්ද හිමියෝ, ජනතාවට මානසික සහනයෙන් ජීවත්වීමේ පරිසරය සැකසීම සදහා අගමැතිවරයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවායි පැවසූහ.

රට ලස්සන කිරීමටත්, ගොවිතැනින් රට සශ්‍රීක කිරීමටත් උද්යෝගීමත්ව කටයුතු කරන තරුණ පරම්පරාවේ නව නැඹුරුව, දූෂණයෙන් හා මතින් තොර සමාජයක් බිහිකර යහපත් ශ්‍රී ලංකාවක් අනාගත පරපුරට දායාද කිරීම උදෙසා භාවිතා කිරීමේ ශක්තිය අග්‍රාමාත්‍යවරයාට ඇති බැවින් ඒ පිළිබදව රජයේ අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද උන් වහන්සේ එහිදි වැඩිඳුරටත් සදහන් කලේය.

මෙම අවස්ථාවට ප්‍රවාහන සේවා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණූගම මහතා සහ මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාද එක් වූහ.

– MR Media

22,189 Viewers

11 Comments to “ගෝඨාභය ජනාධිපති කරවූයේ මහින්ද ගැන ඇති විශ්වාසයෙන්…”

  1. ලයියා says:

    මහින්ද ගැන විශ්වාසයි තමයි. ඒ උනාට ගොටාභයට අපි චන්දෙ දුන්නේ එතුමා ගැන තියන විශ්වාසෙට…

    • George says:

      ගෝටා හැර වෙනත් කිනම් පුද්ගලයෙක් ජනාදිපතිවරනයට ඉදිපත් උනා නම් අනිවර් යෙන් පරාජයට පත්වෙනවා නියතයි. 69 ලක්ශයෙන් ලක්ශ 50කට වැඩි සංඛයාවක් ගෝටටම ලැබුනු පුද්ගලික චන්ද කීවොත් නිවැරදියි මේ බව කෞරුත් වටහාගෙත යුතුයි .එමෙන්ම ජනාදිපති තුමත් මේබව වටහාගෙන කටයුතු කල යුතුයි.

    • Nalin says:

      සමහරවිට ඔය කතාව කියන්නේ එම්. ඩීල් ආනන්දත් ඔබත් පමනි.

    • Nalin says:

      සමහරවිට ඔය කතාව කියන්නේ ඔබ වහන්සේ සහ එම්. ඩීල් ආනන්දත් ඔබත් පමනි.

  2. නුවර අපි says:

    ලොහාන් ඇමතිතුමා, කොහොම හරි ඉක්මනට නුවරට හයිවේ එක හදලා දෙන්න. කිරිඇල්ලයා අවුරුදු හතරක අතගෑව. අඩුම ගානේ පුලුවන්නම් ඉක්මනට නිට්ටඹුවෙන් නවත්තලා තියන නුවර කොළඹ පාර, වරකාපොල වෙනකම් ෆොර් ලෙන් කරලා දෙන්න. පිං.

  3. Amaris says:

    අනේ හමුදුරුවනේ, පොහොට්ටුවට චන්දේ දුන් සියල්ලෝම පාහේ කියන්නේ ඔය කතාවේ අනික් පැත්ත.

  4. abu Bakar says:

    මහබැංකු හොරකම මහින්දගේ කාලේ බාගෙන කාලා රනිල්ගේ කාලේ ඉහගෙන කාලා.
    එය අවුරැදු ගනනක් තිස්සේ කෙරීගෙන ගොස් යහපාලනයෙදි කූඨප්‍රාප්තියට පත් වුනා.රනිල්
    අහුවුනොත් ඊලගට මහින්ද කබ්රාල් වෙතත් චෝදනා යන එක වලක්වන්න බෑ.
    මැදමුලන-සිරිකොත හවුල මහබැංකු මංකොල්ලය ජනතාවට අමතක කරවන්න නාටක සීරීස් එකක් පටන් අරගෙන..පාඨලී,රාජිත,රංජන් පෙන්න පෙන්න මහබැංකු හොරකම වහනවා.

  5. සිංහල බන්ඩා says:

    අපේ හාමුදුරුවො උන් වහන්සේගෙ මතය කියන්න. මම සහ මම දන්නා සියලුම දෙනා ගෝඨාට ඡන්දය දුන්නේ ගෝඨා⁣ගේ ප්‍රතිපත්ති වලට මිස පොහොට්ටු ප්‍රතිපත්ති වලට නෙවෙය්.

  6. වැඩ්ඩා says:

    නෑ. ඒකෙ අනිත් පැත්තයි හරි. මහින්ද ඉල්ලුවනම් ඔච්චර පහසු ජයක් ගන්න බෑ

Main News