ගෝඨාභය ජනාධිපති වූයේ අධ්‍යාත්මික විප්ලවයකින්..

December 24, 2019 at 8:02 am | lanka C news
ගෝඨාභය ජනාධිපති වූයේ අධ්‍යාත්මික විප්ලවයකින්..

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වී සති කීපයක් තුළ දී ගත් ක්‍රියා මාර්ග නිසා පොදු ජනයා තුළ නව ප්‍රබෝධයක් ඇති වී තිබෙන බවත් ,එලෙස ජනතා හිතවාදී ලෙස රාජ්‍ය පාලනය කර ගෙන යද්දී ඊට එරෙහි ප්‍රතිගාමී බලවේග විවිධ පැති වලින් මතු විය හැකි බවත්, අග්‍රාමාත්‍ය පර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

” යහ පාලනය ” රට විනාශකාරී තැනකට තල්ලු කර තිබියදී ජනාධිපතිවරණයේ දී බහුතර ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයට ඔසවා තැබුවේ කිසිදු කලබලයකින් තොරව අධ්‍යාත්මික විප්ලවයකින් බව කී ඒ මහතා ,එය බොහෝ දේශපාලනඥයින්ට හොඳ පාඩමක් යැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ,පසු ගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජය තහවුරු කිරීමට ක්‍රියා කළ ජනතාවට කෘතවේදීත්වය පළ කිරීම සඳහා ඉකුත් 21,22 දිනයන්හි හක්මන බෙරලපනාතර පොත්දෙනිය අශෝකාරාමය හා කිරිලිපන – ගල්බොක්ක ,වරල්ල ඇතුලු ප්‍රදේශ කීපයක පැවැති සුහද හමු වලට එක් වෙමිනි .
එහිදී ඒ මහතා මෙසේද කීය .

” 2005 සිට 2014 දක්වා මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වරයා හැම දෙනාටම නිදහසේ ජීවත් වෙන්න රටක් නිර්මාණය කර දුන්නා .ආර්ථිකය ශක්තිමත් කළා .ආගමට දහමට නැඹුරු රාජ්‍ය ප්‍රතිපත්තියක් මත පිහිටා ක්‍රියා කළා .විපක්ෂය දෙස ක්‍රෝධයෙන් බැලුවේ නෑ .බොහෝ සතුරු බලවේග ද මිතුරු කර ගනිමින් වේගවත් සංවර්ධනයක් සිදු කර අපේ රට ලෝකය හමුවේ අභිමානවත් තැනකට ගෙන ආවා .” යහ පාලකයන් ” විනාශය කරා ගෙන ගියේ එවැනි ජීවය පිරි රටක්. සමහර ඇමැති වරුන් ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර දුන් මහින්ද මහත්තයගෙ ගෝඨාභය මහත්තයගෙ ඊ ළඟ ලිපිනය නිවේදනය කළේ ” වැලිකඩ -හිරගෙදර ” කියල .අද ඒ අය වැලිකඩ හිර ගෙදර පේන තෙක් මානයේ ඉන්නෙ .යහපත් මිනිසුන්ට හිරි හැර කරන කිසිවෙකුට යහපතක් සිදු වෙන්නේ නෑ.එය ධර්මතාවක් .

18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වුයේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමක් .එයින් කිසිවකුගේ අයිතිවාසිකමක් සීමා කළේ නෑ .නමුත් ” යහ පාලකයන් “19 වැනි සංශෝධනය ගෙන ආවේ රාජපක්‍ෂ වරුන්ගෙන් පළි ගැනීමටයි .මහින්ද ,ගෝඨා ,බැසිල් ,සහ නාමල් යන මහත්වරුන්ගේ දේශපාලන අයිතිය කප්පාදුව එහි ප්‍රධාන ඉලක්කය වුණා.වාසනාවකට ගෝඨාභය මහත්තයා ජනාධිපති වූ නිසා රට ආරක්ෂා වුණා .19 වැනි සංශෝධනය රාජ්‍ය පාලන තන්ත්‍රයේ අවුල් ජාලාවක් කරලා .

දේශපාලනඥයන් දෙස ජනතාව බලන්නේ සතුටකින් නොවේ .පාර්ලිමේන්තුවේ මැති ඇමැති වරුන් 225 ම එක ගොඩට දමා ඇතැමුන් දොස් කියනවා .එය සාධාරණ නෑ .සුලු පිරිසක් ගැන ප්‍රශ්න තියෙන්න පුලුවන් .සමහර ජනතා නියෝජිතයන්ගේ හැසිරීම පොදු ජනයාගේ අප්‍රසාදයට හේතු වෙලා.

දැන් ජනතාව රවටන්න අමාරු බව ජනතා නියෝජිතයින් තේරුම් ගන්න ඕන. වෙනස් වන සමාජයට ගැලපෙන ලෙස අපට වෙනස් වෙන්න වෙනවා.දේශපාලනයත් එහෙමයි .ජනතාව ප්‍රතික්ෂේප කරන සාධක ගැන දේශපාලනඥයන් මෙන් ම පක්‍ෂ නායකයන් ද සිතිය යුතුයි .ජනතාවගේ හැඟීම් -දැනීම් ගැන සමාජය තුළට ම ගොස් තොරතුරු සොයා දැන ගැනීම වැදගත්.
ඉදිරි මැතිවරණ වලදී බඩු මලු බෙදා ,පෝස්ටර් – බැනර් වලින් ඡන්ද බලාපොරොත්තු වන අයට ජනාධිපතිවරණයේදී මෙන් නිසි පාඩමක් ඉගැන්වීමට ජනතාව සුදානම් විය යුතුයි .

දේශපාලනඥයා සහ පුරවැසියා අතර විශ්වාසයේ බැම්ම ශක්තිමත් වෙන්න ඕනෑ.එයට ප්‍රතිපත්ති ගරුක බව බලපානවා.දේශපාලන ක්ෂේත්‍රය ලස්සන වෙන්නේ එවිටයි.මානව හිතවාදී ආදර්ශමත් මිනිසුන්ට අද දේශපාලන භුමියේ ඇත්තේ සුලු ඉඩක්.ඒ ඉඩ තව පුළුල් වෙන්න ඕනෑ.ජාති ආගම් භේද නොතකා සාමය සහජීවනය සපිරි ජන සමාජයක් ගොඩ නගා ගැනීමට රටට ආදරය ඇති සියලු දෙනා එක් විය යුතු කාලය පැමිණ ඇතැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

– Khmedia

242 views

11 Comments to “ගෝඨාභය ජනාධිපති වූයේ අධ්‍යාත්මික විප්ලවයකින්..”

  1. මාරයා says:

    ඔය කියන විප්ලවයට නාග ලෝකයෙන් ආපු මනිඅක්කිත නා රජුත් උදව් කළා කැලණිය පැත්තෙන් ඇවිත්

    • gihan says:

      GU,n,p, Jvp, Tna, Mc, Hela karumaya,Ngo, nam walin penee sitna Maarayo wisaala
      pramaanayak innawa,mun kawadaawath me rata hadanawata kamathi naha,
      Maaraya umba Gunp, maarayekda Jvp, maarayeda,,

  2. prabath says:

    මූ මහා මූසලයෙක්

    • වැලිගම අපි... says:

      Prabath ලොක්කා….
      මචන්, ඉරිසියාව කියන්නෙ හොඳ කරන්න බැරි ලෙඩක්…තැනක ඉදගෙන පාට පක්ෂ බේද නැතුව සමාජෙට වැඩක් කරපු මිනිස්සුන්ට බූරුවො වගේ කතා කරන්න එපා. අනික කියවන්න මේ දේශනේදි කියපු කතාව.දේශපාලනය ගැන දන්න කෙනෙක්ට කොච්චර දේවල් ඉගෙන ගන්න තියද??මිනිස්සු අද ඉල්ලනදේ, බලාපොරොත්තු වෙනදේ හරියටම කියල තියනව.බලන් ඉන්න බැරැව නිකන් මෝඩයෙක් වගේ කියවන්න එපා

  3. De Silwa MC says:

    බම්බුව තමයි මෙයාල වරදාන වලට නායකයෝ වර්ණනා කරනවා.ගෝටා ජනපති උනේ තනිකරම ගොටගේ කාලේ රජයෙන් වැටුප් ලබමින් බුද්ධි අංශයේ සේවය කරයි කියල ගොටත් කියන සහරාන් කල්ලියේ අප්‍රියෙල් 21 බෝම්බ ප්‍රහාරයෙන් සහ ජාතිවාදය ඇවස්සිමෙන්.කප් අද සාෆි ගැන කතා,මුස්ලිම් කඩවලින් බදු ගන්නවට විරෝධය,වඳ බ්රෙසියර්,ගර භාෂා යුද්ධය,බුර්කාව ,මහවිරු සමරුව තහනම් කිරීම,උතුරේ බුදු ප්ලිම ඉවත් කිරීම…. මේ ආදී ජාතිවාදය වපුරපු කතා අද මොකුත් නැහැ.අයිති කාරය බල්ලෝ ටික බැඳ දමල.

    • මොනවද මහත්තයෝ මේ ඉරිසියාවට කියන කතා .. මේ මනුස්සය කරපුදෙවල් බලන්න ඕනිනම් කොටපොලට එන්න .. මහින්ද ජනාධිපති තුමාගේ කාලේ මෙතුමා කොටපොලට වගේම මුළු ලංකාවටම සේවය කරා .. ඒකනිසා ඉරිසියා කරන්න එපා දන්නේ නැත්නම කියල දෙන්නම්…

  4. LION says:

    MCC උගුලට අසු නොවේවා කියා පාර්ථනා කරමු මේ අපේ රට

  5. මැදමුලනෙ මුත්තා says:

    මූත් මහින්ද ජනාධිපති කාලේ පාර්ලිමේන්තුවට වෙලා කකා බිබී හිටියා විනා සතපහක දෙයක් කළ එකෙක් නෙවි. මාධ්‍යකාරයො අල්ලං තමුන්ගෙ නම නමි පලකරගත්ත.
    හැබැයි පුතෝ මෙදාපාර නමි ගෝඨාභය රවටිටන එක බොරැ.

    • පාර්ලිමේන්තුවට ගිය ඕනෑම කෙනෙක්ට මම දන්නා තරමට මෙතුමා උදවුකරා. කුහක මිනිසුන්ගේ කතා ගණන් නොගෙන ඔබතුමාගේ ගමන යන්න … ඔබට ජය ….

    • මදූ says:

      මුත්තෙ…
      මිනිස්සුන්ට මඩගහන එක ආතල් ද?? තමන්ගෙ නමින් comment එකක් දාගන්න හයියක් නැති අය මිනිස්සුන්ට චෝදනා කරන ලස්සන !! වැඩක් කරාද නැද්ද, නිකන් කෑවද බිව්වද කියන එක මහින්ද ජනාධිපතිතුමා දන්නව ඇති.ඒකනේ පරන තනතුරම හෙට්ටිගේ මහත්තයට ආපහු දුන්නෙ. මනුස්සයෙකුට මඩ ගහල වෙන සතුට හරියට උඩ බලන් කෙල ගහනව වගේ මහත්තයෝ .

  6. මැදමුලනෙ ආත්තා... says:

    මුත්තෙ..
    වැඩක් කරන මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා . මහින්ද ජනාධිපතිතුමාගෙ කාලෙ එතුමට වැඩටික කරන් යන්න ඕන හයිය හෙට්ටිගේ මහත්තය ඕනවටත් වඩා දුන්න කියල තමයි අපි දන්නෙ. වැඩකරපු ව කෑවද බිව්වද කියල අවශ්‍ය අය දන්නව. මුත්තෙ, ජීවත් වෙන අන්තිම කාලෙ පිනක් දහමක් කරන් ජීවත් වෙන්න.මිනිස්සුන්ට මඩගහල සතුටු වෙලා වැඩක් නෑ..හරියට උඩ බලන් කෙල ගැහුව වගේ

Main News