ගෝඨාභය ජනාධිපති වූ සැණින් මල් යහනා මතු වෙන්නෙ නෑ..

October 22, 2019 at 8:40 am | lanka C news
ගෝඨාභය ජනාධිපති වූ සැණින් මල් යහනා මතු වෙන්නෙ නෑ..

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ජනයාගේ එකම පැතුම සුරක්‍ෂිත අභිමානවත් රටක නිදහසේ ජීවත් විය හැකි රාජ්‍ය පාලනයක් බිහි කර ගැනීම බවත්,ඒ සඳහා ඇති එකම විකල්පය ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයට පත් කර ගැනීම බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

නොගැලපෙන නායකයන් එකතුව හැදූ ” යහ පාලන ” ආණ්ඩුව නිසා රටට සිදු වී ඇති විනාශය සුලු පටු නොවන බව කී ඒ මහතා ,ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ හා මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරියේ නිර්මාණය වන ආණ්ඩුව රට යළි ගොඩ නගන මාවත වනු ඇතැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ පිටබැද්දර සියඹලාගොඩ ,හත්තොටුව ,කොටපොළ උසමලගොඩ හේන ප්‍රදේශවාසීන්ගේ ආරාධනයෙන් ” ජනාධිපතිවරණය හා රටේ අනාගතය “මැයෙන් පැවැති සුහද හමු කීපයකට සහභාගී වෙමිනි .

එහිදී ඒ මහතා මෙසේද කීය .

” අද වන විට රට වැටී ඇති තැන ගැන රටට ආදරේ ඇති අය ජනතාව දැනුවත් කරමින් සිටිනවා .ගමින් ගමට ගොස් අප ඒ අත් හළ නොහැකි යුතුකම සහ වගකීම ඉටු කරන්න ඕනෑ .මේ එන්නේ රටේ ජාතියේ ඉරණම විසඳෙන ජනාධිපතිවරණයයි .

ජනතාව පාලකයන්ට වරමක් ලබා දෙන්නේ රට තිබුන තැනින් ඉහළට ගෙන යන්න .මේ “යහ පාලකයන් ” කළේ රට තිබුන තැනින් අගාධයකට ඇද දැමීමයි .රටට ආදරයක් නැති, වැඩ බැරි නායකයන් පත් වූ විට සිදු වන දේ දැන් හොඳට පේනවා .”යහපාලන” ආණ්ඩුවේ නිර්මාතෘ මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වුනේ ” අපට වැරදුනා මහත්තයෝ ” යැයි රෝහලේ ගිලන් ව සිටියදී වේදනා බර හැඟීමෙන් මහින්ද රාජපක්‍ෂ මහත්තයට කියා සිටීමෙන් පසුවයි .ඒ වැරැද්ද නිසා රට අද අවාසනාවන්ත තැනකට වැටිලා .රටක ගමන් මග පෙන්වන සියලු දර්ශකයන් වලින් අප සිටින්නෙ පහළම තැනක .

චන්ද්‍රිකා නෝනා රට විනාශය කරා ගෙන යමින් තිබුන අවස්ථාවක මහින්ද රාජපක්‍ෂ මහතා එහි බාර කාරිත්වය ගෙන ත්‍රස්තවාදය අවසාන කර රට සංවර්ධනය කළා .ඒ පිටුපස ගෝඨාභය මහතාත් බැසිල් මහතාත් අගනා සේවයක් කළා .මහින්ද මහතාගෙන් ආණ්ඩුව අර ගෙන ” යහ පාලකයන් ” කළේ රට විනාශ කිරීම පමණයි .ලජ්ජා බයක් නැතුව ඒ විනාශයට සම්බන්ධ පිරිසේ කෙනෙක් දැන් ජනාධිපති වෙන්න බලය ඉල්ලනවා .කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම ගැන අවබෝධයක් තිබේ නම් එවැනි ඉල්ලීමක් කරන්න පුලුවන්ද ?

මේ පාලකයන් රට පාලනය කරන්නේ පොඩි දරුවන් කෝන් පිට්ටු සෙල්ලම කරනව වගේ .කියන දේ නොකරන- හිතෙන දෙයක් කරන ආණ්ඩුවක්. වංචාව දුෂණය ඉහ වහා ගිහින් .මෙහි නායකයන් අපරාධ කරුවන් ලෙස සැලකිය යුතුයි .අප මේ රට ගොඩ ගන්න ඕනෑ .ඒකට අවශ්‍ය විශ්වසනීය නායකත්වයක් .ජනාධිපති ධුරයට දැන් පොදු ජන විශ්වාසය තිබෙන්නෙ ගෝඨාභය මහතාට බව පැහැදිළියි .එතුමා ජනාධිපති වී මහින්ද මහතා අගමැති වන ඉදිරි ආණ්ඩුවට තිබෙන අභියෝග විශාලයි .මුල පටන් රට ගොඩ නගන්න සිදු වෙලා .අප්‍රමාණ ප්‍රශ්න හදල රට අවුල් වියවුල් කරල තියෙන්නෙ .මේ නිසා ගෝඨාභය මහතා ජනාධිපති වීමත් සමග එක වරට මල් යහනා මතු වෙන්නෙ නෑ .මල් යහනා මතු කර ගන්න මග පාදා ගන්න පුලුවන් වන්නේ එතැනින් .ඒ සඳහා බඩ ගැන නොසිතා රට ගැන සිතා වැඩ කරන්න වෙනවා .එහි ප්‍රතිපලය අනාගත දරුවන්ටයි .පක්‍ෂ භේද ජාති භේද අවශ්‍ය නෑ ගමේ සහ ජාතීන් අතර සමගිය ආරක්ෂා කරගෙන මේ ගමන යා යුතුයි .

ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් කරන්න අප පුරුදු වෙන්න ඕනෑ .අපේ සංස්කෘතිය බුදු දහමෙන් පෝෂණය වූ එකක් .මහ පොළවට මුල් ඇදී ,හැදී – වැඩී ආ අපේ මිනිසා දැන් නන්නත්තාර වී ගිය හිස් මිනිසෙක් බවට පත් වෙලා .නැවත අපේ සංස්කෘතික මිනිසා නිර්මාණය කර ගන්න ඕනෑ .මහින්ද – ගෝඨා නායකත්වයෙන් එම උදාර අරමුණ ජය ගන්න පුලුවන් වේවි .අපි ඒ අරමුණ වෙනුවෙන් එක් විය යුතුයි .ජනතාවගේ පැතුම සුරක්‍ෂිත අභිමානවත් රටක නිදහසේ ජීවත් විය හැකි රාජ්‍ය පාලනයක් .එය අනාගතයේ නිර්මාණය වෙනවා .එය පහසුත් නෑ .

සමාජයේත් ,දේශපාලන ක්ෂේත්‍රයේත් සිටින්නෙ විවිධ විෂම පුද්ගලයන් .සමහර දෙනා උතුම් මිනිසුන් .ඇතැමුන් දුර්ජනයන් .සතුන්ගේ විෂ තිබෙන්නේ එක් කොටසක වුවත් නපුරු දුදනන්ගේ ශරීරය පුරා විෂ තිබෙන බව ” සුභාෂිතයේ ” සඳහන් වෙනවා .මේවා අපේ ජීවිත වලට වටිනා උපදෙස් .මිනිසුන් කොටසක් මී මැස්සන් වගේ තව කොටසක් නිල මැස්සන් වගේ .අපි ක්‍රියා කළ යුත්තේ මී මැස්සන් මෙන් යැයි ද හෙට්ටිගේ මහතා පැවැසීය .

– Khmedia

27,738 Viewers

6 Comments to “ගෝඨාභය ජනාධිපති වූ සැණින් මල් යහනා මතු වෙන්නෙ නෑ..”

  1. ක්‍රිමිනල් says:

    අපි දන්නව අයිබොවන්ඩ !

  2. Citizens says:

    ඔව්. ගොට්ටා තාම අැමරිකානු පුරවැසියෙක්නේ. අැමරිකාවට ඉස්සෙල්ලා කරලා පස්සෙ ඉතුරු වෙන ටිකෙන් ලංකාවට කරයි.

Main News