ගෝඨාභය දඩයම් කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක්…!!
August 1, 2022 at 10:22 pm | lanka C news
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සැලසුම් සහගත ලෙස දඩයම් කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධව මේ වන විට කරුණු අනාවරණය වී ඇති බව නීතිඥ මනෝජ් ගමගේ පැවැසීය.
යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානයේ සභාපති වන මනෝජ් ගමගේ මෙලෙස පැවැසුවේ කොළඹ මහජන පුස්තකාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවැසීය.
යස්මින් සුකාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට යුද අපරාධ චෝදනා එල්ල කරමින් සිංගප්පූරු රජයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී හොල්මන් තිස් වසරක යුද්ධය නිමා කළ නායකයෙක් මෙලෙස දඩයම් කිරීමේ සූදානමක සිටිනවා.
ගෝඨාභය රාජපක්ෂ මිනිස්සු මරලා බලය රැකගැනීමට සිටි පුද්ගලයකු නොවෙයි. ඔහු ප්රජාතන්ත්රවාදී නායකයෙක්. ඔහු තවදුරටත් සිංගප්පූරුවේ අනාතයකු ලෙස සිටිය යුතු නැහැ. වහාම ලංකාවට ගෙන ආ යුතු බව අප තරයේ විශ්වාස කරනවා. ඔහුගේ ජීවිතයට එල්ල වී ඇති බලපෑම්වලින් ඔහු බේරා ගැනීමේ වගකීම වර්තමාන රජයට තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය තිබූ සමයේ ජනතාව බේරාගැනීමට දැක්වූ දායකත්වය අපට අමතක කිරීමට නොහැකිය.
එක් අරගලයක් ජයග්‍රහණය කළා. දෙවැනි අරගලය මැතිවරණයකින් සිදුකළ යුතුයි. ඒ අරගලයත් යස්මින් සුකාගේ කොන්ත්‍රාත්තුවක්ද? සරත් ෆොන්සේකා මේ වන විට කරමින් සිටින දෙය පිළිබඳව අපට විශාල ප්‍රහේලිකාවක් තිබෙනවා.
225ම ගෙදර යන්න කියන කරුණට අපි එකඟවන්නේ නැහැ. එලෙස ඉවත්වීමට මේක සිල්ලර කඩයක් නොවෙයි. ඊළඟ මැතිවරණයේදී ජනතාව ඔළු මාරුකිරීම සිදුකරයි. මේ කළ අරගලයේ උණුසුම මැතිවරණය දක්වා පවත්වාගෙන යා යුතුයි.
සේරම ගෙදර යවලා මේ රටේ පාලනය දෙන්නේ රැට්ටටද, දමිතටද, මෝටිවේශන් අප්පච්චිටද? මේ රටේ මේ වන විට ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයක් තිබෙන බව පෙනී ගොස් නැහැ.
යම් යම් දේශපාලන කණ්ඩායම් මේ වන විට උත්සාහ දරමින් සිටිනවා පසුගිය කාලයේ වගේ ජනතාව ප්රචණ්ඩත්වය සඳහා යොමු කිරීමට. ඔබ මේ රටේ අරගලයක් කළා. දේශපාලන අස්ථාවර බවක් තිබෙන රටකට කිසිසේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමේ හැකියාවක් නැහැ.
ඔබගේ දේශපාලන දාදු ක්‍රීඩාව මොහොතකට අමතක කරලා දුක්විඳින ජනතාව වෙනුවෙන් 225ම නායකත්වය සමග එකතු වෙලා රට ගොඩ නැගීමට සහාය වෙන්න. දේශපාලනය කිරීමට අපට රටක් තිබිය යුතුයි. අරගලය සිදුකරලා එය ප්‍රචණ්ඩත්වයට ගිය විටදී කවදා හෝ නීතිය ක්‍රියාත්මක වෙනවා. අවසානයේදී ඉතිරි වන්නේ ඔබට ඔබ පමණයි. ඔබ නැති අඩුව දැනෙන්නේ ඔබේ පවුලේ අයට විතරයි. අරගලය අවසානයේ ඔය රැට්ටා කියා කවුරුත් නැහැ. නීති ආධාර දෙනවා කියලා ඉදිරිපත් වුණු කිසිඳු අයකු අවසානයේදී නොමැති වීමෙන් ඔබලා අසරණභාවයට පත්වෙනවා.
– අරුණ
koti,NGO,diaspora,Suka,cadinal wagema samahara aragala lokko wada karanne ekama plan ekkata.wadi kal nogihin aththa eliwei.5 star hotel ekakin parcel 600-700 dawasaka denna kooti ganan gewwe kawuda ???
mekawa dadayam korala eta kannada
Well correct .Mada politician are being blind due to Dollar.
මට අවස්ථාවක් ලැබුණොත් රාජපක්ෂ පවුලේ ඕනම එකෙක් බාවනවා.
මෙකා අවු 3කට කලින් මලානම් කෝටි දෙකක ජනතාවකට අද මේ වගේ දුක් විදින්න වෙන් නැනේ.
අවුරුදු 15 කට ඉස්සෙල්ලා මලා නම් උබ තාමත් toilet එකේ හන්ගිල ඉන්නෙ කොටින්ට බයේ.