ගෝඨාභය හොරෙක් යයි ඔප්පු කලොන් හෙට මන්ත්‍රී ධුරය අත්හරිනවා…
April 22, 2022 at 12:00 pm | lanka C news
ගෝඨාභය රාජපක්ෂ මහතා හොරකම් කළ බවට ඔප්පු වී ඇති එක වර්තාවක් හෝ සභාගත කළ හොත් තමා හෙට පාර්ලිමේන්තු ධුරයෙන් ඉවත් වන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විශේෂ අධිකරණයක් පිහිටුවා දවසින් දවස නඩු අසමින් රාජපක්ෂ මහතා හිරේ දමන්නට පසුගිය ආණ්ඩුව උත්සාහ කළ බව පැවැසූ මන්ත්‍රීවරයා එහෙත් ඔවුන්ට පසුගිය අවුරුදු පහටම හොරෙක් හොයා ගන්න බැරි වුණ බව මන්ත්‍රීවරයා කීවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆයිල් වසා දමා ඇති බවට රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වරුණ ලියනගේ මහතා කළ චෝදනාවට පිළිතුරු දෙමින් අලුත්ගමගේ මහතා එසේ කියා සිටියේය.
රාජපක්ෂ මහතා හොරකම් කළ වැලි ඇටයක හෝ අබ ඇටයක දෙයක් සොයා ගැනීමට හැකි වූයේ නම් එතුමා අද ජනාධිපති මැඳුරේ වෙනුවට සිපිරි ගෙයක සිටිනු ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හිරේ දාන්න විශේෂ අධිකරණයක් හදලා දවසින් දවස නඩු ඇහුවා. එහි මිග් යානා ඇතුළු හැමදේම හෙව්වා. හොයලා තිබෙන හැමදේටම නඩු දැම්මා. ඒත් ඒ අවුරුදු පහේම ගෝඨාභය හොරෙක් කියලා හොයා ගන්න බැරි වුණා යැයි ද හෙතෙම කීවේය.
මුව කවුද ගණන් ගන්නේ මූත් හොරෙක්නේ….
Umbe kaale Kohomatath Ivarayi !!
හරි නම් ඔයා ඔතන දැන් නෑ නේද.මොකද හාල් රටින් ගේන කොට කිව්ව දේ මතකද..මුලු රාජපක්ෂ පවුල විගනනය කරන්න දෙනවද?අයින් වෙනව කිය කිය බොරු කියමින් ඔබලා රටේ අනාගතය විනාශ කරනවා.දැනටම ව්නාශවෙලා බහුතරයක්.ඔබලා වැනි පාලකයො ඉන්න අහලකවත් ඉපදෙන්න නැත්නම් වාසනාවක්.
හොරකම් අල්ලන්න පුලුවන් . මංකොල්ල කවදාවත් අල්ලන්න බැහැ . ඒකයි සිංහ ටෝක්ස් දෙන්නෙ .
ගෝඨාඹය හොරෙක් ලෙස ඔප්පු කිරීමට නොහැකි වුවත්, ඔහුට කෙලින්ම ඉදිරිපත් වී කල නොහැකි දැවැන්ත හොරකම් කිරීමට අනුබල දෙමින්, 20 වන විවස්ත්තා සංශෝධනය ගෙන එමින්, ද්විත්ව පුරවැසි ඇමරිකන් බැසිලා, ජනතා චන්දය හෝ ජාතික ලයිස්තුව හරහා මුදල් ඇමති පුටුවට ගෙන විත් මේකරපු කොමිස් ගැනීම්, කප්පන් ගැනීම්, ජාතික සම්පත් නොරට්ටුන්ට බිලිදීමි , ගොංගල සිංහරාජය වැනසීමට යෝශිතට ඉඩදීමම මදැයි “හොරෙකු”වීමට!
බැසිල් හරන්තික පල් හොරාව හොරපාරේ , ජනතා චන්දයකින් තොරව, ජාතික ලැයිස්තුවේවත් නම නැතිව , නීතිවිරෝධි ලෙස මෙරටට ගෙනවිත් මුදල් ඇමතිකම් දී හොරකම් කිරීමට සම්පුර්ණ බලය ලබාදීමම, යුගදනවු බලාගාරය හොර පාරේ විකුනා කොමිස් කෙලීම, සීනි බදු වංචාව, ගෑස් බාල කර මිනීමැරීමට බැසිලාට ඉඩදීම, ගොංගල වනය වැනසීමට යෝශිතයාට ඉඩ දෙමින් ජනාධිපති බලය අයුතු ලෙස යෙද්වීමම මදැයි, තොට මංත්‍රීකම හලලා නිරුවතින් ගෙදර යාමට!
මීක් නැතුව ඉදලා මිග් යානා ගණුදෙනුව යට ගියා කියල හිතාගෙන ඇති. හෙළුවෙන් දගලන ලැජ්ජා නැති හිවලෙක් මේ. ගොවියො හම්බෙන්න ගිහින් බැලුවනං. එක්කෙනෙක් මැරිලා එය කපුටු තට්ටකට සමාන කරලා භය කරන්න බැලුවට දැන් තමා තොපිව මුළු රටම බළු කරන දිනය අත ලග බව ඉගිය ආවේ. ගොබ්බසේන දන්නේ රක්ෂණ ඔප්පු වෙළදාම පමණි.
Parents tomb and museum.
පොහොර ගැන කිය කිය රට විනාශ කරන්න දායක වෙච්ච කාලකණ්නියෙක්..🤬
උඹ හොරෙක් කියලා ඔප්පු උනොත් ගෝඨාභය ගෙදර යනවද ?