ගෝඨා අත්අඩංගුවට සූදානම්.. අවසර ලැබෙන තෙක් FCID සීරුවෙන්

February 3, 2017 at 10:45 pm | lanka C news
ගෝඨා අත්අඩංගුවට සූදානම්.. අවසර ලැබෙන තෙක් FCID සීරුවෙන්

මිග් යානා ගනුදෙනුවට අදාළව විමර්ශනයේ පරීක්ෂණ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම විමර්ශනවලට අදාලව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඒ සඳහා දේශපාලන අධිකාරියෙන් අවසර ලැබෙන තුරු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සූදානමින් සිටින බවත් එම ආරංචි මාර්ග පැවසී ය.

මී‍ට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබුණේ වංචා දූෂණ සම්බන්ධයෙන් ආරක්ෂක අංශයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පෙර තමාව දැනුවත් කරන ලෙසයි.

2006 වර්ෂයේදී සිදුවූ බව කියන අමෙරිකානු ඩොලර් මිලියන 14ක මිග් යානා ගනුදෙනුව පිළිබඳව වන චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම විමර්ශනය සිදු කර ඇති අතර එම විමර්ශන අවසන් අදියරට පැමිණ තිබේ.

මේ අතර මිග් යානා ගනුදෙනුවට අදාළව චෝදනා එල්ල වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා කටයුතු කරමින් සිටින බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙකු විසින් පසුගියදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දෙනු ලැබුවේය.

එලෙස දැනුම්දෙනු ලැබුවේ මිග් යානා ගනුදෙනුවේ නඩුව කැඳවීම සම්බන්ධයෙන් දිනයක් ලබාගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද ඉල්ලීමක් අධිකරණය විසින් සලකා බැලූ අවස්ථාවේදීය.

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳ වරෙන්තු ජාත්‍යන්තර පොලිසියට දන්වා යවා ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නියෝජනය කරමින් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ පැවැසුවේය.

හිටපු තානාපති වීරතුංග මහතා මේ වනවිට එක්සත් අරාබි රාජ්‍යයේ සිටින බවද විමර්ශනවලදී තහවුරු වී ඇති බවද පදිංචි ලිපිනය පිළිබඳ තහවුරු කරගැනීමක් සිදුකරගැනීමට තවමත් නොහැකිවූ බවද එම නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් වන මුල්පිටපත මේ වනවිට අස්ථානගත වී ඇති බවද අස්ථානගත වීම පිළිබඳ විමර්ශන ගුවන් හමුදාවේ බලධාරින් සමඟ ආරම්භ කර ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ පැවසුවේය.

ජාත්‍යන්තර පොලිසිය සමඟ සහ ගුවන් හමුදා බලධාරීන්ගේ සහයෝගය ඇතිව විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවද අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය. කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඉල්ලීමට අවසර දෙමින් ප්‍රකාශ කළේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සැකකරුවකු බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා අනුව අනාවරණය වන බවයි.

– ඒෂියන් මිරර්

42,356 Viewers

38 Comments to “ගෝඨා අත්අඩංගුවට සූදානම්.. අවසර ලැබෙන තෙක් FCID සීරුවෙන්”

  1. Dickie Bird says:

    Do not get misled for what PERERA had to say because tomorrow Pereras can turn out to be Kiriellas & kandyans.

    Ithin, Lets see when Gota is arrested. If has not happened so far. Its just talk..talk….
    Gota will not be guilty untill proven.

  2. nimal says:

    PERERA TA DIGITAL WADAK OANWELA

  3. yuddeta baye manasika ledak kiyala americawata panala giya baya gotha yuddaya wikun kawa. kal ikuthwu mig yana wadi milata genath komis gahuwata muwa ellanna one.

    • jayalath says:

      එතකොට යුද්දෙ ඉවරකෙරුවෙ උඹගෙ අප්පොච්චා?
      සොරි සොරි.. ඒක ඉවරකෙරුවයි කියන්නෙ අර පිස්සු මලෙයිලව්වන්නෙ….
      හනේ ඇයිබං හැම එකක්දිහාම ඔළුවෙන් හිටගෙන බලන්නෙ?

      • meke sarath fonsekata kunuharupen banina eka wesige puthek monawada yako thopi me rata wenuwen karala thiyenne? katin bathala witharayi. thopi hama sakkiliyekuta wada ethuma me ratata karala thiyena sewayata adu gane gawurawayak deela katha karanna purudu weyalla.hamudawe api dannawa kawuda yudda kale kiyala.me wage saththunwa ellala danna onemayi.

        • Boo says:

          බූරැ කතා කියන්න එපා මීහරකො. තෝ හිටිය හමුදාවකුත් නෑ තෝ රටට කරපු ලබ්බකුත් නෑ. තෝ හරක් පොන්සේකගෙ ගල් කොල්ලා විතරයි.
          රැ 1500 අරන් බොරැවට Lt, Capt, Major කිය කියා මිනිස්සුන්ව රවටනවට වඩා හොද නැද්ද ගෙදර ගිහින් වාහෙ වුනානං මවුට තොගේ. ගෙරි බල්ලා.

          • HR Assistant says:

            I absolutely agree with Boo. I work in HR and know for sure there are no such people like Lt. sumedha, cpt sanjaya, and Lt. Col.milinda in service. All three of them are fake names and all 3 comments have been written by Foniya him-self.

  4. Nawoda says:

    Munta ona karanne rata alle natawanna.Kelehigunayak nathi asamathjathi paharayo.Thawa mokak hari ginigediyak athi rattata wina karannaEwaye peramaga salakunu thamai me dakinne..

Main News