ගෝනවල SPC ඖෂධ ගබඩාවට පොලීසියෙන් පැනීමට හොල්සිම් සමාගමත් පැටලේ…
November 1, 2017 at 8:02 am | lanka C news
කැළණිය ගෝනවල පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තාවකාලික ගබඩාව සම්බන්ධ මාධ්‍ය මගින් පළ කරන ලද පුවත පිළිබද එම සංස්ථාවේ සභාපති නිතිඥ සරත් ලියනගේ මහතා පහත පරිදි කරුණු පැහැදිලි කරන ලදි.
කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් අසමත්වීම මත හොල්සිම් සමාගම විසින් පරිසරයට හානි නොවන අයුරින් විද්‍යාත්මක තත්ත්වයන් යටතේ විනාශ කිරීමට නියමිත ඖෂධ මෙම තාවකාලික ගබඩාව තුල තැන්පත් කර ඇත. කෝප් කමිටුව ද පසුගිය වර්ෂයේ දී මෙම ගබඩාවට පැමිණ පරීක්ෂාවක් සිදු කරන ලද්දේ ඖෂධ ජාවාරමක් සිදු කරන බවට ලැබුනු පැමිණිල්ලකට අනුවයි.
ඊයේ (30) දින සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලැබුන තොරතුරක් මත මෙම ගබඩාව පරීක්ෂා කර ඇත. පෞද්ගලික පිරිසක් එකතුව හොර රහසේ ලේබල් අලවා කල් ඉකුත් වූ ඖෂධ විදේශීය රටවලට යැවීමේ ජාවාරමක් මෙහි සිදු කරන බවට එම ඒකකයට ලැබුන තොරතුරක් මත එම පරීක්ෂා කිරීම සිදු කර ඇත.
මෙම තාවකාලික ගබඩාව තුල විනාශ කිරිමට නියමිත කල් ඉකුත් වූ ඖෂධ ගබඩා කර ඇත. මිනිස් පරිභෝජනයට සුදුසු ඖෂධ කිසිවක් මෙහි ගබඩා කර නොමැත.
නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ලබාදිමට නියමිත ශල්‍ය උපකරණ මෙහි එක් කොටසක ගබඩා කර ඇත. එම ශල්‍ය උපකරණ ගබඩා කර ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීමට ප්‍රථම එම උපකරණ වල තිබිය යුතු ලේබල ඇලවීම සදහායි. එම ලේබලවල රාජ්‍ය ලාංඡනය, කාණ්ඩ අංකය, කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය ඇතුලත් විය යුතුය. විදේශීය රටවලින් ආනයනය කරන ශල්‍ය උපකරණ වල එම ලේබල නිසි පරිදි අලවා ඇත. නමුත් හදිසි මිලදී ගැනීම් යටතේ ලබාගන්නා ශල්‍ය උපකරණ වල මෙම ලේබල ඇලවීම මෙහි දී සිදු කරනු ලබයි. එම ලේබල ඇලවිම ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි. එලෙස ලේබල ඇලවිමක් සිදු කරනු ලබන්නේ අවභාවිත වීම වැළැක්වීමටය. තව ද එම උපකරණවල ආරක්ෂාවටය. එම ලේබල ඇලවීම ද දෛනිකව සිදු නොකරනු ලබයි. මෙම ගබඩාව තුල ඇති ශල්‍ය උපකරණ වල නිවැරදි ගණනයක් ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සිදු කර ඇත. එම නිසා මෙම ගබඩාව තුල වංචනික හෝ නීතිවිරෝධී ක්‍රියාවක් සිදු නොවන බව අවධාරණය කළ යුතුය.
– ප්‍රසන්න අධිකාරී
එතකොට ඔය විනාශ කරන්න නියමිත භාණ්ඩ විනාශ නොකර ඔතන තියාගෙන ඉන්නේ ඇයි. ඒවා පරිභෝජනයට නිකුත් කරන භාණ්ඩ සමග එකම ගබඩාවක තබා ගැනීමෙන් වංචාවක්, අක්‍රමිකතාවයක් සිදු වෙනවා නේද?
මොනවා වුනත් මේ ගැන විගණනයක් සිදුකර පරීක්ෂණයක් කල යුතුයි.
කොහොමත් මහා එකා හොර බෙහෙත් ජාවාරමට නමගිය නීලකාස කම්බ හොරෙක්නේ. ඌ දත් ගලවන එකයි, ඌට පැවරෙන වගකීමයි හැර අනිත් හැමදේම දන්නවා කියල හිතගෙන ඉන්න, කට ඇරියොත් දිව හැරෙන හැරෙන පැත්තට බොරු කියන රටේ කරුමෙට උපන්න කාලකන්නියෙක්.