ගෝඨාභයගේ මූලික මිනිස් අයිතිවාසිකම් අහෝසි කරන්න සූදානම්..

October 2, 2019 at 10:00 am | lanka C news
ගෝඨාභයගේ මූලික මිනිස් අයිතිවාසිකම් අහෝසි කරන්න සූදානම්..

වසර හතරක් තුළ රට අගාධයට ගෙන ගිය පිරිසකට රට නැවත බාර දෙනවාද ?එදා ත්‍රස්තවාදය අවසන් කර රට ගොඩ නගමින් සිටි පිරිසට යළි රට බාර දී අනාගතය සුරක්ෂිත කර ගන්නවාද ?යන ගැටලුව විසඳා ගැනීමට බුද්ධිමත් ජනතාවට ලැබෙන තීරණාත්මක අවස්ථාව ඉදිරි ජනාධිපතිවරණය බව විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

රට ගැන සිතා එකට වැඩ කළ හැකි ජනාධිපති වරයෙක් හා අගමැති වරයෙක් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයක් ඉක්මනින් පිහිටුවා ගන්න ඕනෑ .ජාතික ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක ආණ්ඩුවකින් හැර දැනට විනාශ වී ඇති රට ගොඩ ගැනීමට වෙනත් විකල්පයක් නැතැයි ද ඒ මහතා සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා එසේ කීවේ දෙනියාය – තැනිපිට ,වරල්ල සහ පරගල යන ප්‍රදේශ වල ජනතාවගේ ආරාධනයෙන් පැවති සුහද හමු තුනකට සහභාගී වී අදහස් දක්වමිනි .
එහිදී ඒ මහතා මෙසේද කීය .

රටට ආදරය කරන පිරිස එක් වී බුද්ධිමය සංවාද ආරම්භ විය යුතු කාලය පැමිණ තිබෙනවා .අමන පාලකයන් රටට කර ඇති හානිය විශාලයි .ඒ ගැන දැනුවත් වෙන්න ඕනෑ .ජනතාව දුකට පත් කරමින් ආණ්ඩුවේ නායක කාරකාදීන් තව දුරටත් බලයේ ඉන්න බොහෝ පහත් නින්දිත වැඩ කරන්න පටන් අරන් .රට අඩියක් ඉදියට යන්නේ නෑ .ජනතාවගේ ජිවන තත්වය තව තවත් පහළට ම වැටෙනවා .”යහ පාලනය ” නමින් රටට නොගැලපෙන ආණ්ඩුවක් හදා ගැනීමේ විපාකය දැන් ජනතාවටම අත් විඳින්න වෙලා .

මහින්ද රාජපක්‍ෂ මහත්තය චන්ද්‍රිකා නෝනාගෙන් බාර ගත්තෙ ක්‍රමයෙන් විනාශයට යමින් තිබුන රටක් .ත්‍රස්තවාදය අවසන් කරල 7.3 % ක ආර්ථික වර්ධනයක් සහිත රටක් බවට පත් කළා .දැන් එය 2.9 % ට පහතට වැටෙන්න ඉඩ දීලා .රාජපක්‍ෂ ආණ්ඩුව එදා සහජීවනය හා සාමය රට තුළ ඇති කළා .ඒ නිසා සියලු ජාතීන් සතුටින් ඉන්න පටන් ගත්තා .ඒ රට යහ පාලකයන් බාර ගෙන මොනවද කළේ .?ඒ සියල්ල අහිමි කරලා . ජනතාව දුකට පත් කර තිබෙනවා .

ආණ්ඩුව තුළ හොරකම ,වංචාව ,දුෂණය ඉහළ මට්ටමින් තියෙන්නෙ .මේ නිසා ජනතාව ඉන්නේ පාලකයන් කෙරෙහි දැඩි තරහකින් .ඔවුන්ගේ අදහස් මතු වෙන්න ඉඩක් නෑ .ඔවුන්ට යුක්තිය සාධාරණත්වය ඉටු වන්නේ නෑ .නැවත හොඳ රටක් නිර්මාණය කර ගන්න අප සියලු දෙනාට අත් හල නොහැකි වගකීමක් ඉදිරියේදී ඉතිහාසය විසින් පැවරෙනවා .

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඡන්දය ඉල්ලන්න තිබෙන අයිතියට ද ඉඩ දෙන්නේ නැති ආණ්ඩුවක් .සැලසුම් සහගතව නඩු දානවා .මිනිස්සුන්ගෙ මූලික අයිතිවාසිකම් එක්ක ආණ්ඩුව සෙල්ලම් කරන්නෙ .මේ නාඩගම් නටන්න පුලුවන් තව ටික දවසයි කියල පාලකයන් සිතා ගත යුතුයි .

බොහෝ දේශපාලනඥයන් ගැන ජනතාවගේ ප්‍රසාදයක් නෑ .ඒ නිසා යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කර ගැනීමට පොදු ජනයා පෙළ ගැසිය යුතුයි .සමහර දේශපාලන නායකයින් පිරිහී යන්නේ ලජ්ජා- බය නැතිව වැඩ කරන නිසා .නායකයන් පරමාදර්ශී විය යුතුයි .ආත්මාර්ථකාමී හැඟීම් මත ක්‍රියා කිරීම නතර කර ගෙන රට ගැන සිතා කටයුතු කරන්න ඕනෑ .එසේ නොවුනහොත් ඔවුන්ට මෙන් ම අනුගාමිකයන්ටත් පැවැත්මක් නැති වෙනවා .

ආදරය ,සෙනෙහස ,කරුණාව පිරි හදවත් ඇති මිනිස්සුන්ගෙන් සමාජය පිරී යා යුතුයි .එවැනි සමාජයක් හැදෙන්න ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍යයි .ජනතාවගේ අත මිට සරු වෙන්න ඕනෑ .මේ ආණ්ඩුවට එවැනි දැක්මක් නෑ .රටේ ආර්ථික උල්පත් වැසී යන්න ඉඩ දුන්නා . .අපරාධ වැඩි වෙන්න ඉඩ හැදුවා .දැන් අපි ඉන්නෙ අරාජික රටක .අනාරක්ෂිත රටක .මේ තැනට රට පත් කළ නායකයින් ” අපරාධ කරුවන් ” ලෙස සලකා ජනතා අධිකරණය හමුවේ නිසි දඬුවම් හිමි විය යුතු යැයි ද හෙට්ටිගේ මහතා කියා සිටියේය .

– Khmedia

64 views

5 Comments to “ගෝඨාභයගේ මූලික මිනිස් අයිතිවාසිකම් අහෝසි කරන්න සූදානම්..”

  1. Gemunu says:

    ඔය කියන තරම් හොඳට කලා නම් මිනිස්සු චන්දෙ නොදී ඉන්නෙ නෑ. අඩු තරමින් තමන් අතින් සිදුවුන වැරදි මොනවද කියල දැන්වත් පිලිගන්න.

    • Sira says:

      Minissu hari de eda kala kiyala oya hithanawa nam me warath oya kelawa ganna. eeta passe oyayi pawulai wal ballanta rape karanna ida denna.

  2. පොහොට්ටු says:

    දැන් තියන අධිකරණය සැහෙන් දුරට ස්වාදීනයි, සුහද ගම්ලත් මහතාගේ කතාවෙන් එය හොඳින්ම තහවුරු වෙන්නේ කොතරම් දේශපාලකයින් බලපෑම් කලත් අධිකරණය ගොටභය සිරගත නොකළ නිසා. තවද ජොන්ස්ටන් නඩුවලින් නිදොස් කොට නිදහස් වීම ආදිය. එනිසා ගොටබය මහතා වැරදි කර නැත්නම් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් අහෝසි කරන්න බැ. යුක්තිය ඉටු කිරීම අධිකරණයට බාරදෙමු.

  3. prabath says:

    Boru nadu dala Gotawa hira karanawata Ratata kelaunath UNP ekata kade yaha meeharak rala kemathi…

  4. Nadaal says:

    Let’s all pray together for this most corrupt UNP government to be defeated at the both Presidential and Parliammetary elections. We have suffered enough and may we be blessed with a true strong tested and proven leader like Mr Gotabaya Rajapakse

Main News