ගෝටාභය ජනාධිපති වූ පසු සංචාරක පැමිණීම ඉහලට.. රටවල් 48 කට නිදහස් විසා මාස 04කින් දීර්ඝ කරයි..

January 2, 2020 at 5:30 pm | lanka C news
ගෝටාභය ජනාධිපති වූ පසු සංචාරක පැමිණීම ඉහලට.. රටවල් 48 කට නිදහස් විසා මාස 04කින් දීර්ඝ කරයි..

පාස්කු ප්‍රහාරයෙන් පසුව රටවල් 48 කට ලබා දී තිබු නිදහස් විසා කාලය ලබන අප්‍රියෙල් මස 30 වෙනිදා දක්වා දිර්ඝ කෙරේ. 2019 අගෝස්තු මස සිට මෙම රටවල සංචාරකයන් මෙරටට පැමිණීමේදි නිදහස් විසා හිමි වූ අතර එය ජනවාරි මස 31 වන දින දක්වා වීමට නියමිතව තිබුණි.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම කාලය තවත් මාස 03 කින් දීර්ඝ කිරීමට නියමිතය. ඊට අදාල කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.

මෙලෙස රටවල 48 ක් සදහා පාස්කු ප්‍රහාරයෙන් පසුව නිදහස් වීසා ලබා දීමට පියවර ගැනුනේ පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරටට සංචාරකයන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවතීම නිසාය. ඒ අනුව ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල් 48 කට මෙම නිදහස් වීසා පහසුකම හිමි විය.

පාස්කු ප්‍රහාරය එල්ල වූයේ  2019 අප්‍රියෙල් 21 වන දිනය. 2019 මැයි මාසයේදි දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 37,802 කි ජාතික ආරක්ෂාව බිද වැටීම හේතුවෙන් මෙම තත්වය උද්ගත විය කෙසේ වෙතත් පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරට ජනාධිපතිදූරයට ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමත් සමග මේ වන විට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහල ගොස් තිබේ. එය තවරදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගැනෙන බව බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේය.

– ප‍්‍රදීප් අනුර කුමාර

364 views

9 Comments to “ගෝටාභය ජනාධිපති වූ පසු සංචාරක පැමිණීම ඉහලට.. රටවල් 48 කට නිදහස් විසා මාස 04කින් දීර්ඝ කරයි..”

  1. kasun says:

    gota president una nisa newi. UNP eken visa one na kiyala eta kalin damma. anika nov, dec kiyanne tourist la kohomath ena kale. ane gon news dala bayiyo choon karanna epa

  2. රොජර් says:

    පාස්කු ප්‍රහාරයෙන් පසුවත් සංචාරකයන් ගෙන්වා ගැනීමට යහපාලන රජය සමත් වුනා. දැන් කොහොමත් සංචාරක සීසන් එකයි, සංචාරකයෝ කොහොමත් එනවා.

    • කළුගං තොට හෙළයා says:

      ගිය ආණ්ඩුවට යහපාලන රජය කියන රට හරක් තාම ඉන්නවනෙ දෙයියනෙ. එක්කො මුන් පහු ගිය අවුරුදු හතරෙ කෝම වෙල ඉඳල තියනව එහෙම නැත්නම් අවුරුදු හතරක් එක දිගට කුඩු ගහල තියනව. එහෙම නැතුව සිහි බුද්ධියෙන් ඉන්න එකෙක්ටවත් ගිය ආණ්ඩුවට යහපාලන රජය කියල නම් කියන්න බෑ.

    • දැයට හිතැති says:

      ඔයාගෙ ඔය කොල තොප්පිය දැන්වත් ගලවන්න

  3. Baiya says:

    Baiyo baiyo baiyo ……Ane memehamath bai lanthayhyak..

  4. Kaush says:

    Mr. Ranatunga . It will surely be more appropriate if you can prove this statement by data by a reliable and an independent source.

  5. Laankikayek says:

    Lankava kiyanne maha jara ratak kiyanna kalin videshikayange katin, karunaakarala deyakarayakin ticket kadana vidiya natharakaranna. Mokada api vena rataka sanchare giyahama dakinne naha deeshiya ayata adu gananaka ticket ekakuth videshika kiyala vadiyen ayakiriimakuth. Harima anagaatui me siddiyata. Udaaharana lankaave daladaa maaligeta yaddi videshikayange mudal vadipura ganima. Dumriya devaavedi vadiganan ticket . Api venath ratakadi mee vage deval valata gevanne ekama mudalak araya me rate meya ahaval rate kiyala ticket vala venasak naha. ## GOOTABAYA JANADIPATHITHUMANI MEYA OBATA KAVURUN HOO DANUVATH KARAI KIYAA SITHAMI SATAHAN THABAMI.##

  6. aaa says:

    Oya oone sancharakayek lankawata aawata kamak na aduma washayen medical test ekak pass wela enna oone kiyala regulation ekak danna oone

  7. නයා says:

    බෝම්බ ප්‍රහාරය සංචාරක ව්‍යාපාරයට බල පෑ හැටි මම පෞද්ගලිකවම දුටුවා, පසුගිය සැප්තැම්බර් මාසයේ දකුණු වෙරළ තීරයේ හික්කඩුව ප්‍රදේශයේ මටත් මගේ විදේශීය මිතුරෙකුටත් ආහාර ගැනීමට රෙස්ටෝරන්ට් එකක් සොයා සැතපුම් ගනනාවක් ගියා. අවසානයේ ඇවෙන්‍රා බීච් නම් හොටලයේ පමණක් ආපන ශාලාව විවෘත්තව තිබුනත් එහිත් ආහාර ගනිමින් සිටියේ එම හෝටලයේම කාර්‍ය මණ්ඩලය පමණයි. ඔවුන්ටත් එදින සිටි එකම පාරිභෝගිකයන් වූයේ අප දෙදෙනා පමණයි.

    මේ තත්වය දැන් යම් තරමකින් වෙනස් වෙමින් පවතින බව පෙනෙනවා

Main News