ගෝලයෝ බලය අල්ලන්න පොරකද්දී කලකිරුණු සජිත් වනගත වෙයි.. තමන් විස්මිත නායකයෙකු නොවන බව පෙන්වයි..

November 21, 2019 at 3:50 pm | lanka C news
ගෝලයෝ බලය අල්ලන්න පොරකද්දී කලකිරුණු සජිත් වනගත වෙයි.. තමන් විස්මිත නායකයෙකු නොවන බව පෙන්වයි..

තමන් ඉදිරි මුළු ජීවිතය පුරාම දිවියන් වෙනුවෙන් කැප කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පෙරමුණේ පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තමන්ගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පේමදාස මහතා මෙසේ පවසා ඇත.

දිවියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ගේ මීට පෙර පැවති උනන්දුව නැවත ක්‍රියාවට නංවන බව ද ඔහු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය හිතවාදී කණ්ඩායමක් දිගින් දිගටම උත්සාහ කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වයට නැවත ගෙන ඒම සඳහායි.

එවන් තත්ත්වයකදී ඔහු වනගත වීමට දරන උත්සාහය සිත්ගන්නා සුළුය.

203 views

20 Comments to “ගෝලයෝ බලය අල්ලන්න පොරකද්දී කලකිරුණු සජිත් වනගත වෙයි.. තමන් විස්මිත නායකයෙකු නොවන බව පෙන්වයි..”

  1. Ape Arachchi says:

    කැලේට ගියාට නම් කමක් නැහැ හැබයි පහත දේවල් හොඳින් මතක තියාගන්න

    – ගැහැණු සතුන්ගේ සනීප ආරක්ෂාව ගැන වැඩියෙ හොයන්න යන්න එපා. ඒ ගැන ඒ ගොල්ලන්ටම බලාගන්න දෙන්න.

    – කැලේ ඉන්න මහ ජාතිය ගැන හොඳින් තේරුම් අරන් ඒ ගොල්ලන්ට ගරු කරන්න.

    – මෙහෙදි වගේ හැම සතාවම ලං කරගන්න එපා. සත්තු ලං කර ගන්නකොට බොහොම පරිස්සම් වෙන්න.

    – දිවියොයි කොටියි අතර ලොකු වෙනසක් නැහැනෙ. ඒ හින්ද කොටි රැක බලාගෙන උන් එක්ක ගණුදෙනු කරන හැටි හොඳින්ම දන්න TNA සහ දෙමළ ඩයස්පෝරාවෙ කිහිප දෙනෙක්වත් ඔය ගමනට එකතු කරගන්න.

    -දිවියො ගැන බලාගත්තට කමක් නැහැ හැබැයි නිදාන ගැන නම් බලාගන්න යන්න එපා.

    -මෙහෙදි ඉගෙන ගන්න බැරි වුණු හැම පාඩමක්ම ඒ සත්තුන්ගෙන් ඉගෙගන්න. ඔය තමුන්ගෙ ජාතියට ඒ ගොල්ලො කොච්චර ආදරේද, ජාතියට තර්ජනයක් එනකොට ඵකතු වෙන්නෙ කොහොමද, තම ජාතිය පාවා නොදී ජීවත් වෙන්නෙ කොහොමද වගේ දේවල්.

    -සත්තුන්ට වැඩියෙ ගොන් ආතල් දෙන්න යන්න එපා.

    – 2025 දි ආපහු එන්න මතක තියාගන්න.

    – කැලේ භාරකාරය වුණාට කමක් නැහැ හැබැයි අයිති කාරය වෙන්න යන්න එපා. එහෙම වුණොත් ඔයා අර අයිති කාරය වගේ වැඩ කරපු අමාතයංශය යටතෙ තිබුණ ආයතන ටික වගේම කැලෑ ටිකත් විනාශ වෙලා යාවි.

    -වැඩියෙ ඔය මූණ දාල පෝස්ටර් ගහන්න, වැඩියෙ කතා පවත්වන්න එහෙම යන්න එපා. සත්තු ඒවට කැමතිම නැහැ.

    කොහොම හරි ඔර උපදෙස් ටිකවත් පලිපදින්න. නැත්තම් ඔයා එක්ක ඉන්න බැහැ කියල සත්තු ටික මෙහෙට එන්න පුලුවන්. එතකොට අපිට ආයෙත් ඔර ඉන්න දිහාට එන්න වෙයි.

    • ගිරවා says:

      ඇතින්නියන් 7 මරා දැමු මේ නිධන් හොරා දැන් ඇතුන් 7 මරාදමන්න හදනවද ?
      දිවියෝ කැලේ හොදට ජිවත් වෙයි කැලා සතුන්ට නිදහසේ ඉන්න දෙන්න
      ඔබවැනි මෝඩයෙක් කෙසේද දිවියෙක් සුරකින්නේ ?

  2. වනගත නෙවෙයි වනයක් (තුවාලයක්) හදා ගත්තා... says:

    වනගත නෙවෙයි වනයක් (තුවාලයක්) හදා ගත්තා…පව් දෙය්යනේ. දුකයි.

Main News