ගෝලයෝ වත්තල මහා ඉඩම් කොල්ලයක.. ඇමති ජෝන්-මන්ත‍්‍රී ලන්සා ගැටේ..

March 30, 2019 at 3:50 pm | lanka C news
ගෝලයෝ වත්තල මහා ඉඩම් කොල්ලයක.. ඇමති ජෝන්-මන්ත‍්‍රී ලන්සා ගැටේ..

“ගංවතුර පාලනය කරන්න බෑ. වත්තල ඔක්කොම ඉඩම් ටික ගොඩ කරනවා. පර්චස් 77ක ඉඩමක් විකුණලා සල්ලි ටික බෙදා ගන්නවා” යැයි එක්සත් ජනතා නිදහස් සන්දානයේ මන්ත්‍රී නිමල් ලාන්සා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාධයට පාර්ලිමේන්තුවේදී එක් වෙමිනි.

වත්තල නගර සභාවට අයත් පර්චස් 77ක් විකුණන්න ටෙන්ඩර් දැම්මා. මේ ටෙන්ඩරය සදහා ඉල්ලුමු පත්‍ර ලබා ගන්න ගියාම, සභාපතිවරයාත්, ලේකම්වරියත් කියනවලු පාඨලී චමිපික ඇමතිතුමා ඉඩමට සල්ලි දෙන බැවින් ටෙන්ඩර් ෆෝම් දෙන්න බැහැ කියලා.

තමන්ට ඕනෙ අයට ටෙන්ඩර් ෆෝම් දෙන්වා. වත්තල ප්‍රදේශයේ පර්චස් එකක් ලක්ෂ පනහක් වෙනවා. මේ ඉඩම පර්චස් එකක් ලක්ෂ 17ක් ගාණේ විකුණලා. ලක්ෂ 37ක් පර්චස් එකකින් පාඩුයි. මේකට මෙගා පොලිස් ඇමතිතුමාගේ නමත් ගාවල තිබෙනවා. මම මේ ලිපි ගොනුව සභෘගත කරනවා. මේ ඉඩම විකුණලා කට්ටිය එක්ක බෙදාගෙන.

ජෝන් අමරතුංග

නගරාධිපතිතුමා ඒ වගේ දෙයක් කරලා නැහැ.

නිමල් ලාන්සා

ඔබතුමා තොප්පිය දාගන්න එපා. මා ළග සියලු තොරතුරු තියෙනවා. ඕන මාධ්‍යක විවාදයකට එන්න මම සූදානම්. මම මගේ මන්ත්‍රීකම ඔට්ටු දානවා. මේ සී.අයි. ඩී එකට භාර දෙන්න. මම කාටවත් බය නැ. ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල මගේ කවුරුවත් නැහැ.

ජෝන් අමරතුංග

ඇයි එහෙනම් කාර්යාලයක් දැම්මේ. ඔයා කරපුව මගෙන් අහගන්න එපා. එහෙම ගනුදෙනුවක් සිදුවෙලා නැහැ. ඒක මහ ඇමතිතුමත් අනුමත කරල තියෙනවා.

නිමල් ලාන්සා.

මේක අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවට දෙන්න. ඔබතුමත් එන්න. මමත් එනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

157 views
Main News