ගෝල්ෆෙස් නත්තල් ගසට ගිනස් වාර්තා සහතිකය නිකුත් කරයි.. අගමැති රනිල්ට පිලිගන්වයි..

December 14, 2017 at 3:29 am | lanka C news
ගෝල්ෆෙස් නත්තල් ගසට ගිනස් වාර්තා සහතිකය නිකුත් කරයි.. අගමැති රනිල්ට පිලිගන්වයි..

පසුගිය 2016 වසරේ නත්තල වෙනුවෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ ගාළු මුවදොර පිටියේ ඉදිකරන ලද ‘නත්තල් ගස’ විසින් තබන ලද ගිනස් වාර්තා සහතිකය නිකුත් කර ඇත.

එම සහතිකය ඇමති අර්ජුන රනතුංග මහතා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී පිලිගන්වනු ලැබින.

එම නත්තල උසින් අඩි 236ක් වූ අතර එය ඉදි කරනු ලැබුවේ එවකට ඇමති අර්ජුන රණතුංග මහතා සහ වරාය අධිකාරියේ කාර්ය මණ්ඩලය විසිනි.

මෙය ඉදිකිරීම සදහා යකඩ බට ටොන් 30ක්, කිලෝ පහළොස් දහසක ලී සහ ෆයිනස් ගෙඩිද යොදා ගනු ලැබීය.

රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් ඒ සදහා වියදම් කර ඇත.

කෙසේ වෙතත් එකල මෙම ඉදිකිරීම සදහා මෙරට අගරදගුරුවරයා ඇතුළු විවිධ ආගමික සංවිධාන දැඩි විරෝධය පල කරනු ලැබීය.

31 views

8 Comments to “ගෝල්ෆෙස් නත්තල් ගසට ගිනස් වාර්තා සහතිකය නිකුත් කරයි.. අගමැති රනිල්ට පිලිගන්වයි..”

  1. AstroBoy says:

    This is not a Christmas Tree….This is Appolo 13 Rocket LOL

  2. රොන් says:

    බැදුම්කර වැඩෙටත් සමහරවිට අගමැති රනිල්ට ගිනස් වාර්තා සහතිකයක් පිලිගන්වයි.

  3. Shiva says:

    High as cost of living today as high as taxes
    Yes we unnecessary cost

  4. Boo says:

    ආසියාවේ ලොකුම බැංකු හොරකමත් ගිනස් වාර්තාවට දාල ඒ සහතිකේත් එම වාර්තාවේ අයිතිකාරයා වන රනිල්ට දෙනවලු.

  5. love nature says:

    ඉරිදා පල්ලියේ හිරු වන්දනාව sunday meaning the day of sun

    “යේසුස් ඉපදුණු දිනය ස්ථිර වශයෙන්ම පවසන්න කිසිවෙක් දන්නේ නැහැ. ඒ සඳහා දෙසැම්බර් 25වන දිනය තෝරාගත්තේ රෝමානු පල්ලිය විසිනුයි. ඒ ක්‍රිස්තු වර්ෂ 300 ගණන්වලදීයි. බොහෝ දෙවි දේවතාවුන්ට වන්දනාමාන කළ අතීත රෝම වැසියන් එම දිනය කැප කර තිබුණේ හිරු දෙවියාටයි. රෝමයේ කොන්ස්තන්තීනු අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව ක්‍රිස්තියානි ධර්මය එම අධිරාජ්‍යය පුරා පැතිරුණා. ඒ වුණත් රෝම සොල්දාදුවන් හිරු දෙවියාට වන්දනාමාන කිරීම සඳහා බොහෝ චාරිත්‍ර පැවැත්වුවා. ඒවා ඔවුන් පැවැත්වූයේ දෙසැම්බර් 25වැනිදායි. මෙයින් ප්‍රයෝජන ගත් රෝමානු පල්ලිය එම දිනය හිරු දෙවියාගේ උපත වෙනුවට යේසුස්ගේ උපත සැමරීම සඳහා යොදාගත්තා.”

  6. love nature says:

    ධර්‍මපාලතුමාගේ සරල ඉල්ලීම

    වර්‍ෂ 1815 තෙක්ම සිංහලේ නමින් හැඳින්වූ මේ කුඩා දූපත දැන් 2017 වනවිට වැටෙමින් සිටිනා අගාධය ගැන සිතමින් සිට දුක්වන මට, අනගාරික ධර්‍මපාලතුමා 1940ස් ගණන් වලදී සිංහල බෞද්ධයින්ගෙන් කරන ලද බැලූ බැල්මට නම් විහිළුවක් සේ පෙනුනු එක්තරා ඉල්ලීමක් මතකයට ආවේය: කෙහෙල් කඳකින් හෝ වෙනත් පඬරැල් වලින් පඹයෙක් සදා, එයට සුදුහුණු ගා, එය ගෙදර දොරකඩ අසළ හෝ මිදුලේ අයිනක තබා, සැමදා උදේට හා හවසට, පර සුද්දා! පර සුද්දා! යයි සැරෙන් කියමින් එයට පයින් ගසාපල්ලා යන්න එම හාස්‍යජනක සේ සිතෙන ඉල්ලීම විය

  7. Darshana Weerasena says:

    ශීර්‍ෂ හයක් ඇති ඩේවිඩ්ගේ තරැව මුදුනැති එම “ගස”නත්තල් ගසක් ලෙස ;ගිනස් ලෝක වාර්තා සහතික කළ හැකි ද ?

  8. Asoka says:

    ඇති යන්තම් රටේ තියෙන දැවෙනම ප්‍රශ්නය විසඳුවා.