ගෝල්ෆේස් අරගලය නිර්පාක්ෂික නෑ.. අපි එයට නායකත්වය දෙනවා.. නිර්පාක්ෂික අරගල නෑ..- ටිල්වින්
April 14, 2022 at 12:02 am | lanka C news
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාව නිර්දේශපාලනික විරෝධතාවන් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එම විරෝධතාවයන් දේශපාලනිකව බවත් එයට තම පක්ෂයේ නායකත්වය දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
නිර්පාක්ෂික අරගල නොමැති බවත් ප්රශ්නය දේශපාලනික නම් පිළිතුර ද දේශපාලනික බවත් පැවසූ ඔහු මෙම අරගලයට දේශපාලන නායකත්වය ලබා දෙන්නට තම පක්ෂය සුදානම් බවද පැවසීය.
සිය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
“මේ අරගලය විවිධ ආකාරයෙන් මොට කරන්න ආණ්ඩුව උත්සාහ ගනිමින් ඉන්නවා. මුලින් මේක ගණන් ගත්තේ නෑ. පස්සේ බිය කරන්න උත්සාහ කළා. ඊටත් පස්සේ මඩ ගහන්න පටන් ගත්තා. ආයේ ජාතිවාදය පටලවන්න උත්සාහ කළා. දැන් ලෑස්ති වෙනවා සාකච්ඡා කරන්න. මේ අරගලයේ නියැලෙන කා එක්කවත් ආණ්ඩුවට සාකච්ඡා කරගන්න පුළුවන් දෙයක් නෑ. මේ සටන් බිමේ ඉන්නේ අවංකව අරගලයට ආපු මිනිස්සු.
ජනාධිපතිවරයා ඉවත් වෙනතුරු මොනම හේතුවක් නිසාවත් මේ අරගලය අපි නතර කරන්නේ නෑ.. නතර වෙන්න ඉඩ දෙන්නෙත් නෑ. අපි ජාතික ජන බලවේගය ලෙස මේ සටනට නව ජවයක් දෙනවා.
නිර්දේශපාලනික අරගල තියෙන්න විදිහක් නෑ. ප්රශ්නය දේශපාලනිකයි.. උත්තරයත් දේශපාලනිකයි. ඒ නිසා අරගලයත් දේශපාලනිකයි”
ඤාව්ගගා මල්ලේ හිටිය බළලා එළියටම පැන්න නේද? එෆ්.බී යේ පල් බොරු නිෂ්පාදන ෆැක්ටරිය මෙතෙක් කල් පෝස්ට් කළේ මෙයාලම තමා. ජෙප්පෝ රටට ආදරේ තියේනම් පිට රටවල ඉඳන් කෑ මොර දෙන්නේ ඇයි. බෙලෙක්ක හොල්ලපු සල්ලි වලින් අයර් ලන්තයේ ගෙවල් ගත්තේ කොහොමද? මොකද ලංකාවෙ මොන රැකියාව කරලද එහෙම සල්ලි හෙව්වේ? මේ හැමෝම ජාත්‍යන්තර එන්.ජී.ඕ නඩ වළින් නඩත්තු වෙනවා. මිනිස්සු ඉදිරියට ඇවිත් නිර්පාක්ශිකව උද්ගෝෂණ කරන විට ඒකට නායකත්වයක් දෙන්න මෙයාලට තියෙන රුදාව මොකක්ද?
අන්තිමට ඒකත් හේදිලා යනවා.
අයර්ලන්තයේ ගේ හොයල දෙන්න …නිර්පාක්ෂික බෝඩ් එකේ පිටිපස්සෙ රාජපක්ෂ පිල්ලි ඉන්නත් පුලුවන් කියලා මතක තියාගෙන ඉමු
බොරදියෙ මාලු බාන අවස්තාවාදින්
නොදෝකින්….
යකෝ අපි ගෝල්ෆේස් එකට වෙලා කඩේගිය්හින් තියෙන්නේ මුන්ටනේ බලන් ගියාම…….
තුක් විතරක්
ඔය උද්ගෝෂන කරන හැම කෙනෙකුටම තමන් ආස කරන දේශපාලන පක්ෂයක් තියෙනවා. ඒ මතය අනුව තමා වැඩ කරන්නේ. ඒක නිසා නිර්පාක්ෂික කියන එක මෙතන කට්ටිය අනුව SLPP නිමෙයි කියන එක.