ගෝල්ෆේස් පිටියට අවහිරයකින් තොරව ඇතුළු වෙන්න එලිෆන්ට් හවුස් වටරවුව, හොලිඩේ ඉන් හෝටලය හරහා එන්න..
May 1, 2017 at 12:00 pm | lanka C news
ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවත්වෙන විශාලතම මැයි රැලියට සහභාගි වීම සඳහා ජනතාවට ඉතා පහසුවෙන් ඇතුලුවිමට එලිෆන්ට් හවුස් වටරවුම හරහා පැමිණ හොලිඩේ ඉන් හෝටලය හරහා ගෝල්ෆේස් වටරවුමට ලගා වෙන ලෙසත් එහි සිට ගෝල්ෆේස් පිටියට ඉතා පහසුවෙන් ඇතුළුවීමට අවශ්‍ය පහසුකම් සංවිධායකයින් විසින් සුදානම් කොට ඇති බව දන්වා ඇත.
පෞද්ගලික වාහන වලින් පැමිනෙන පිරිස ගංගාරාමේ අසල මුත්තයියා ක්රිඩාංගනයය අසල මෙන්ම ඒ අවට තම වාහන නතර කොට එලිෆන්ට් හවුස් වටරවුම හරහා පැමිණ හොලිඩේ ඉන් හෝටලය හරහා ගෝල්ෆේස් වටරවුමට පසු කොට ගෝල්ෆේස් පිටියට ලගා වෙන ලෙසත් සියලුම ජනතාවගෙන් සංවිධායක මණ්ඩලය ඉල්ලීමක් කරයි.
දිවයින පුරා ආසන මට්ටමින් පැමිනෙන බස් රථ සඳහා ඒ ඒ ආසන සඳහා ජනතාව බැස්සවීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් ඔහුන් වෙත දන්වා ඇත.
අද රට විනාසයට ඇද දමමින් මේ ඊනියා යහපාලන රෙජිමය වහාම පෙරලා දැමිය යුතු වෙනවා. සාම කාමීව මහජන බලය පෙන්විය හැකි හොන්දම අවස්තව සහ බොහෝවිට අවසන් අවස්තාව මෙය විය හැකි. නැතිනම් රට ලේ වැගිරීමකින් දක්වා යාම වැලක්විය නොහැක
ඒ ඒ ආසන වලින් පැමිණෙන අය පාවිච්චි කරන කුණු ඒ ඒ ආසන වලටම ආපසු අරන් යන්න. අපේ මැයි රලිය කුණු වලින් තොර විය යුතුයි.