ගෝල්ෆේස් මැයි රැළියට ගියොත් මහින්ද ශ‍්‍රීලනිපයෙන් දොට්ට.. ඒකාබද්දයේ සියළු මන්ත‍්‍රීන්ද දොට්ට..

April 11, 2017 at 10:40 am | lanka C news
ගෝල්ෆේස් මැයි රැළියට ගියොත් මහින්ද ශ‍්‍රීලනිපයෙන් දොට්ට.. ඒකාබද්දයේ සියළු මන්ත‍්‍රීන්ද දොට්ට..

මැයි පළමුවැනිදා පේරාදෙණිය ගැටඹේ ක‍්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි දින රැළියට සියළු මන්ත‍්‍රීන් සහභාගී වීම අනිවාර්ය කර ඇති බවත් නොපැමිණෙන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ශ‍්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

එසේම ශ‍්‍රීලනිප මැයි රැළියට සහභාගී නොවන පක්‍ෂ සාමාජිකයින් සියළු දෙනාගේ පක්‍ෂය තනතුරු ඉවත් කරන බවත් මහ ලේකම්වරයා වැඩි දුරටත් කියයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන් ගාළු මුවදොර මැයි රැුළියට සහභාගී වන බව මේ වන විටත් තහවරු කර ඇති අතර දැනට ඒ මහතා ශ‍්‍රීලනිප උපදේශක ධුරය දරයි.

ශ‍්‍රීලනිප මහ ලේකම්වරයාට අනුව මැයි දිනයෙන් පසු හිටපු ජනාධිපතිවරයා ශ‍්‍රීලනිපය තුල දරන සියළු තනතුරු අහෝසි කෙරෙනු ඇත.

182 views
Main News