ගෝල්ෆේස් මැයි රැළිය වාර්තාවකට සූදානම්.. ශ්රීලනිප පුංචි මන්ත්රීන් 99%ක් ගාළු මුවදොරටයි..
April 24, 2017 at 3:50 pm | lanka C news
මෙවර මැයි පළමුවැනිදා ගාළු මුවදොරදී පැවැත්වෙන මැයි රැළියට එජනි සන්ධානයේ පළාත් පාලන මන්ත්රීවරුන් 99%ක්ම පාක්ෂිකයින්ද සමග සහභාගී වීම තහවුරු කර ඇති බව පළාත්පාලන සංසදයේ කැඳවුම්කරු වලල්ලාවිට ප්රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල මහතා පවසයි.
මෙවර ගාලූ මුවදොරදී පවත්වන්නේ ලක් ඉතිහාසයේ දැවැන්තම මැයි රැළිය බවද කී ඔහු ජන බලය කුමක්ද කියා මෛත්රී-රනිල් ආණ්ඩුවට මෙවර දැකගත හැකි බවද පැවසීය.