ගෝල්ෆේස් විරෝධතාකරුවන් රජයට උපදෙස් දෙන කමිටුවකට…

May 31, 2022 at 3:18 am | lanka C news
ගෝල්ෆේස් විරෝධතාකරුවන් රජයට උපදෙස් දෙන කමිටුවකට…

තරුණ ප්‍රජාව දිනා ගැනීමෙන් තොරව සාර්ථකත්වය උදාකර ගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තරුණ සමාජයේ විශ්වාසය දිනාගැනීමට නොහැකි වූ සෑම අවස්ථාවකම මෙරට තුළ දේශපාලන හා සමාජයීය වශයෙන් බිදවැටීම් ඇති වූ බවයි.

ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව වෙත සිය අයිතිවාසිකම් භුක්ති විදීම උදෙසා පැහැදිලි නිදහසක් හිමි වී තිබෙන්නේදැයි යන කාරණය පිළිබද නැවත විමසා බැලීමක් සිදුකිරීමට කාලය පැමිණ තිබෙන බවද එම ක්‍රියාවලියට දේශපාලන භේද අදාල කරගැනීමේ අවශ්‍යතාවක් නැතැයිද ඔහු අවධාරණය කළා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පසුගියදා පැවැති තරුණ නියෝජිත හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

තරුණයින් ස්වභාවයෙන්ම අරගලකරුවන් බව පැවැසූ රංගේබණ්ඩාර මහතා පෙන්වා දුන්නේ ඔවුන්ගේ හැසිරීම් අසාධාරණ හා අයුක්ති සහගත ලෙස හැදින්විය නොහැකි බවයි. නිරත්නරයෙන් තාරුණ්‍ය අසාධාරණයට එරෙහිව පෙනී සිටින බවද එම තත්ත්වයන් පාලනය කළ හැක්කේ තරුණයාගේ සාධාරණ ඉල්ලීම් නිසි ලෙස ඉටු කිරීමෙන් පමණක් වන බවද ඔහු අවධාරණය කළේය. මේ වන විට රටේ පවතින තරුණ අරගලයද අසාධාරණ හා අයුත්කි සහගත නොවන බව පැවැසූ රංගේබණ්ඩාර මහතා පෙන්වා දුන්නේ ප්‍රචණ්ඩත්වයෙන් හා පොලු මුගුරු භාවිතයෙන් මෙම තත්ත්වයන් මර්ධනය කිරීමටද නොහැකි බවයි.

එවැනි තත්ත්වයන් පාලනය කරමින් සමාජය සාමාකාමී කල හැකිවන්නේ තරුණ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලබාදීමෙන් පමණක් වන බව ඔහු පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේබණ්ඩාර මහතා මෙසේද පැවැසීය,

එක්සත් ජාතික පක්ෂය රට පාලනය කළ සෑම අවස්ථාවකම තරුණයා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා. ජාතික තරුණ සේවා සභාව, යොවුන් සේනාංක, තාක්ෂණ මධ්‍යස්ථාන වැනි දේ පිහිටුවමින් තරුණ ශක්තීන් ප්‍රබල කිරීමටත්, එම ශක්තීන් රටේ සංවර්ධනය වෙනුවෙන් දායක කරගැනිමටත් අප බොහෝ විට කටයුතු කර තිබෙනවා.

නමුත් තරුණයා සමග වැඩ කිරීමේ කලාවක් අප තවමත් නිර්මාණය කරගැනීමට අපොහොසත් වී තිබෙනවා. එම තත්ත්වය ලොකු අඩුපාඩුවක්. එමෙන්ම තරුණයා ලෝකය සමග නිරන්තරයෙන් වෙනස්වන තැනැත්තෙක්. ඒ වෙනස දේශපාලන වශයෙන් අවබෝධ කරගැනීමටත් අපි රටක් ලෙස සමත්වී නැහැ. තරුණයාගේ කෝපය සාධාරණයි කියන්නේ ඒ නිසයි.

එබැවින් සිත් දිනාගනිමින් තරුණයා සමග ඉදිරියට යාමට හැකි වැඩපිළිවෙලක් හදුන්වාදීම අත්‍යාවශ්‍යයි. රතුද කොලද නිල්ද හෝ ජාති, ආගම් භේද හෝ ඊට අදාල කර ගත යුතු නැහැ. එම වැඩපිලළිවෙල සම්පාදනය විය යුතු වන්නේ රටේ අනාගතය උදෙසාමයි. එවැනි ක්‍රියාවලියකින් තොරව කිසිදු දේශපාලන ප්‍රවාහයකට සාර්ථක ගමනක් අපේක්ෂා කළ නොහැකියි.

මේ වන විට පාර්ලිමේන්තුව ශක්තිමත් කරන පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. 21 වන සංශෝධනය සම්මත කිරීමෙන් එම ව්‍යුහය ගොඩනැගීමයි අගමැතිවරයාගේ අරමුණ වී තිබෙන්නේ. මෙය පුද්ගලයෙකුගේ ක්‍රියාවලියක් නොවෙයි. මෙය රට වෙනුවෙන් කරන පුළුල් වැඩපිළිවෙලක්.

කොහොම වුණත් මේ ක්‍රියාවලියේදී පාර්ලිමේන්තුවට කාරක සභා 15 ක් පමණ ස්ථාපිත වනවා. අගමැතිතුමා යෝජනා කර තිබෙන්නේ මේ කමිටුවලට තරුණ නියෝජනයන් ලබාදීමටයි. තරුණ අදහස්වලට මුල්තැන ලබාදෙන නායකයෙකු ලෙස අගමැතිවරයා මේ වැදගත් ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී තිබෙනවා.

ඒ අනුව අදාල කමිටුවලට තරුණ නියෝජිතයින් හතරදෙනෙකු පත්කරන්න මේ වන විටත් තීරණය කර අවසන්. යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක් නියෝජිතයෙකුද අරගල ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශවවලින් නියෝජිතයින් තිදෙනෙකුද පත්කරන්න නියමිතයි. දැනට පවතින ක්‍රමය වෙනස් කරන ලෙස බලකර සිටින තරුණ ප්‍රජාවට එකී යෝජනා රජයට හා පාර්ලිමේන්තුවට සෘජුවම ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් උදාකිරීමයි මෙහි අරමුණ වන්නේ.

ඒ අනුව අපි මේ වන විටත් තරුණ ප්‍රජාවගේ අදහස්වලට සවන්දීමේ පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. මෙම ක්‍රියාවලිය ඉතා ප්‍රතිපලදායක ලෙස ඉදිරියට මෙහෙයවීම සියළු පාර්ශවවලට පැවැරෙන වගකීමයි.

මාධ්‍ය ඒකකය
එක්සත් ජාතික පක්ෂ මහලේකම් කාර්යාලය

42,452 views

17 Comments to “ගෝල්ෆේස් විරෝධතාකරුවන් රජයට උපදෙස් දෙන කමිටුවකට…”

  1. Priyankara says:

    Kohoma hari , Ranilge golayo tikak Aragaleta ewala , unwa path karai commity ekata. Agamathi wechcha gaman paradichcha UNP karayo tika Upadeshaka mandaleta damma wage.

  2. තවත් අනා ගැනීමකි says:

    අරගල කරුවන් බොරු සෝබණ සහිත කාලකන්නි කොටසක් පමනි.
    සෑම දෙයක්ම උපේක්ෂාවෙන් ඉවසාගෙන තම පවුල වගේම ගමත් නගරයත් රටත් ඉහලින් තියාගෙන තම මහන්සිය ඒ වෙනුවෙන් වැය කරන නියම තාරුන්‍යය ඹතන නැත.
    හුදු විනෝදය විකුනා ජීවිතය ගොඩ දාගන්න දගලන නළු නිලි බට්ටන් වගේ පීචමාලාගෙන් මොන උපදෙස්ද?

  3. අපි මෙහෙම කරමු says:

    දමිතා සහ දූලිකා යන දෙපල තිරය ඉදිරියට පැන සල්ලි දෙනව නම් ඹ්නෑම රගපෑමක් කර පෙන්වීමේ දක්ෂතාවව පමනක් ඇති දෙදෙනාගෙන් මොන උපදෙස්ද?

  4. Ratawasiya says:

    Are we so foolish to get advices from a bunch of morons. What a stupid idea is this.

  5. Ratawasiya says:

    Are we so foolish to get advices from a bunch of morons. What a stupid idea is this.

  6. damith perera says:

    මේ කාලකන්නි ටික මොන රෙද්දට ද උපදෙස්ග දෙන්න ගන්නේ එතන ඉන්නේ පියෝ යි රස්තියාදුකාරයෝ යි එන්ජීඕ කාරයෝ යි ආතක් පාතක් නැතිව ඉන්න දේශපාලන වහල්ලුු ටිකයි
    ඔයිට වඩා හොඳයි පිටකොටු වැඩ කරන කම්කරුවො ටිකක් ගත්ත නං ඒ මිනිස්සුන්ට දැනෙනවා ඒ මිනිසුන්ගේ සැබෑ ගැටලු
    පාලනය කරන එවුන්ටත් පිස්සු මේ විදිය ට ආතක් පාතක් නැති අය දාගෙන කමිටු හදන්න ගියොත් නම් අපි දැඩි විරෝධයක් පළ කරනවා

  7. JR says:

    පොලු මුගුරු වලින් මර්දනය කලේ කවුද ඕයි.? ටයර් මාලා පලඳවලා හිටං ඕව කරන්නේ… මේ යකා 80 ගනන්වල ⁣පොඩි එකෙක්ද? ජවිපෙ මලගම හදපං.. රනිල් දන්නව ගේම දීපු හැටි.. මොල සෝදපු ජඩයන්ගෙ පදේට නටන දේසපාලුවා මොකුන්ද.?

Main News