ගෝලීය ආර්ථිකයේ අපේ පංගුව වැඩිකර ගැනීමට කැප වෙන බව ජනපති ලෝකයට කියයි..
February 26, 2021 at 2:09 am | lanka C news
ගෝලීය ආර්ථිකය තුළ අපේ වෙළෙඳ පංගුව වැඩිකර ගැනීමට හැකි වන පරිදි සෑම අංශයකම නව තාක්ෂණ ක්‍රම හඳුන්වාදීමට රජය කැපවී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ඊට ප්‍රතිඥා දුන්නා සේම රජය වෙනම තාක්ෂණ අමාත්‍යාංශයක් ද ස්ථාපනය කළේ මේ අරමුණ ඇතිව බව එතුමා කියයි.
විද්‍යාව හා තාක්ෂණය සදහා වන නොබැඳි ජාතීන්ගේ හා සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවල 15 වැනි පාලක සභා රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
තාක්ෂණ අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් ජාතික විද්‍යා හා පර්යේෂණ කොමිෂන් සභාව සංවිධාන කළ සමුළුව කොළඹ මිලෝදා මූල්‍ය අධ්‍යයන ආයතනයේ දී පැවැත්විණ.
ශ්‍රී ලංකාව මෙවර සමුළුවේ සභාපතිත්වය සහ සත්කාරකත්වය දරන අතර රටවල් 22ක නියෝජිතයෝ Zoom තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වූහ.
තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීමටනම් ස්වදේශීය තාක්ෂණය නවීන තාක්ෂණ සමග ඒකාබද්ධ විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
පරිසර හිතකාමී දේශීය සහ සාම්ප්‍රදායික තාක්ෂණය පිළිබඳව ආඩම්බරවිය හැකි ඉතිහාසයක් අපට තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය විද්‍යාවට හා තාක්ෂණයට, පර්යේෂකයන්ට, විද්‍යඥයන්ට සහ නව නිපැයුම්කරුවන්ට සෞඛ්‍ය ක්ෂේත්රයේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීමේ විභවතා විදහා දැක්වීමට අවස්ථාව උදා කළ බව ජනාධිපතිතුමා කීය.
දශක 03ක ඉදිරි සැලසුම් පිළිබඳව මෙවර සමුළුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර සාමාජික රටවල් අතර විද්‍යා හා තාක්ෂණ දැනුම හුවමාරු කර ගැනීමටත්, මීළග කාර්යාංශ රැස්වීම 2021 සැප්තැම්බර් මස මුරුසියේදී පැවැත්වීමටත් එකඟත්වය පළ විය.
සාමාජික රටවල් අතර හුවමාරු කරගත් දැනුම පාදක කරගනිමින් රචිත පොත් 05ක් එළිදැක්වීම ද සිදු කෙරිණ.
විදෙස් තානාපතිවරු, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයට සම්බන්ධ මෙරට රාජ්‍ය ආයතන ප්‍රධානීහූ ඇතුළු පිරිසක් සමුළුට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
Baba wage inna nathuwa wada karanawada. Sirisena 100% times better
මොනවා උනත් ගෝලීය ආර්තිකයේ ඔබේ සහෝදරයින්ගේ පංගුවනම් නියමෙට වෙන්කර ගන්නවා .බොරු වචන දාලා තවත් රට වැසියෝ ගොනාට අන්දන්න එපා. අර කොදෙව් සංචාරය ගිය ක්‍රිකට් කන්ඩාම නනත්තාර උනා දැක්කේ නැද්ද. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක වාස්ට ලක්ශ 5 ක් දීල කන්ඩායමේ ක්‍රීඩකයන් බෝන් එගේන් වලට හරවන පාස්ටර්ට ලක්ෂ 20 ක්. පාස්ටර් කරන්නේ ක්‍රීඩකයින්ගේ ආගම වෙනස් කරන එක පමනයි සුදුසුකම මොකද පාස්ටරයගේ දුව බැදල ඉන්නේ මහිදගේ පුතා. මුන් ක්‍රිකට් විතරක් නොවේ රටම කනවා .ජනාධිපතිය මේවා නොදැක්කා වගේ ඉන්නවා .
විමලේ නම් කියන්නේ මෙතුමාගේ දෑත් පණ නැති ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා දෑත් ශක්තිමත් කරන්න ඕන කියලා.
Useless you are not successful to bring the country forward. Mr. Sirisena is much better than you.
If he has a backbone he should resign.
janadipathi tath den pissu hedila
කයියයි #ඩ ගදයි විතරයි බලාගෙන ගියාම…
Obathuma eeta kalin pasku bombeta sambanda aya hoyanta anduwa gana janathawa inne kalakirimen
ඉස්සෙල්ල සබ්රි ගෙන් රට බේරාගෙන හිටපල්ලා.
Appooo wada bari tarzen.. Puluwan ekama de kala tika kapannai, nadu tika vida dagannayi,, yaluwanta hithe hatiyata horakam karanna xena ekaiwitharai… Marila palayan alugosuwa.. Ratata henayak uba dan
Rata bera ganilla Ali sabri kiyana Thambiyagen …?
Harsha dhananjaya Peris 8 pass nethi ITN manager Nohoth Apathayaa
Does he know what he talks about. We have to increase our exports, to do that we must do product develop to cater the internation market demand. Next to increase the FDIs..for this the country must be stable PESTAL and SWOT basis.
Does he know what he talks about. We have to increase our exports, to do that we must do product develop to cater the internation market demand. Next to increase the FDIs..for this the country must be stable PESTAL and SWOT basis.