ගෝලීය ත්‍රස්තවාදය පරාජය කල නායකයා තේමාවෙන් මෛත‍්‍රී මීලග ජනාධිපතිවරණයට…

May 14, 2019 at 6:23 am | lanka C news
ගෝලීය ත්‍රස්තවාදය පරාජය කල නායකයා තේමාවෙන් මෛත‍්‍රී මීලග ජනාධිපතිවරණයට…

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් රට තුළ මතුව ඇති අනාරක්ෂිත තත්ත්වය පාලනය කරනු වෙනුවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙත සීමා පැනවීම තුළින් ආණ්ඩුව ජනතාව හමුවේ නිරුවත් වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

තරු පහේ ප්‍රජාත්‍රක්තවාදය හා මාධ්‍ය නිදහස පිළිබද කිඹුල් කදුලු හෙලමින්  බියට පත්වූ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස අද රෙද්ද පල්ලෙන්  බේරෙන බව පෙන්වා දුන් රණතුංග මහතා ත්‍රස්තවාදය පරාජය කිරීමට නම් ආණ්ඩුව තුල සිටිමින් ත්‍රස්තවාදය පෝෂණය කරන ඇමතිවරුන් හා ආණ්ඩුකාරවරුන් වහා ඉවත් කල යුතු බවද පෙන්වා දුන්නේය. එහෙත් මුස්ලිම් ඡනද නැතිවෙතැයි බියෙන් වෙව්ලන ආණ්ඩුවට එවැනි තීන්දුවක් ගත නොහැකි බවද රණතුංග මහතා කීවේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ඉතාලියේ මිලානෝ නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමඟ පැවැති සුහද හමුවකට 13 වැනි දා සහභාගී වෙමිනි.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

අද වෙන කොට රටේ තිබෙන තත්ත්වය තමුන්නාන්සේලා දන්නවා. වසර තිහක ත්‍රස්තවාදයක් නිමා කරලා සාමය උදා කරපු රට අද නැවත වරක් ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් බවට පත්වෙලා තිබෙනවා. දරුවකුට පාසල් යන්න බැරි, වැඩිහිටියකුට රැකියාවට යන්න බැරි භයානක තත්ත්වයක් උදා වෙලා. මිනිස්සු උදේට ගෙදරින් එළියට බහින්නේ නැවතත් නිවසට ඒමට ලැබේදැයි සැකයෙන් යුතුවයි.

මේ තත්ත්වය උදා වුණේ කොහොමද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. 2015 දී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අපේ ආන්ඩුව විසින් වර්තමාන ජනාධිපතිවරයාට භාර දුන්නේ මර බියෙන් තොර රටක්. සංවර්ධනගේ අරුණලු දකිමින් හිටපු රටක්. ආර්ථිකය මනා ස්ථාවරත්වයකට පැමිණ තිබුණු රටක්. ජාතිවාදය, ආගම්වාදය අවසන් කරලා සමගියෙන් පිරුණු රටක්.

මෛත්‍රිපාල මහත්තයට රට ගොඩනගන්න අමුතුවෙන් කරන්න දෙයක් තිබුණේ නැහැ. එතුමට තිබුණේ මහින්ද මහත්තයා හදලා දීපු රට ඉදිරියට ගෙනියන එක විතරයි. එක්සත් ජාතික පක්ෂයත් හවුල් කරගෙන නිදහස් පක්ෂයේ පිරිසකුත් එකතු වෙලා වසර හතරක් යන්නත් පෙර රටට කරපු විනාශය අපි දැන් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. විනාශය දැන් ඇස්පනා පිට ඔප්පු වෙලා ඉවරයි.

අපි එදා ඉඳන් කිව්වා අපෙන් පලි ගත්තට කමක් නැහැ ජාතික ආරක්ෂාව අඩු කරන්න එපා කියලා. මේ අය මොකද කළේ? සියලුම බුද්ධි අංශ අඩපණ කළා. ඉතුරු වෙලා හිටපු බුද්ධි නිලධාරීන් යෙදෙව්වේ ජාතික ආරක්ෂාව ගැන හොයන්න නෙමෙයි විපක්ෂයේ අපි ගැන හොයන්නයි. මහින්ද මහත්තයා ඇතුළු අපේ පිරිසගේ පස්සෙන් වැටිලා අපි මොනවද කරන්නේ කියලා හොයන එක තමයි බුද්ධි අංශයේ මෙහෙයුම වුණේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පස්සේ වැටිලා හිටියා මිසක් ත්‍රස්තවාදය, අන්තවාදය ගැන හොයන්න වෙලාවක් ආන්ඩුවට තිබුණේ නැහැ. ආණ්ඩුවේ සම්පූර්ණ යාන්ත්‍රණයම යොදවලා තිබුණේ අපිව හිර කරන්නයි. බලයට ඇවිත් මාස දෙකකින් මහ බැංකුව සුද්ධ කරලා ආර්ථිකය විනාශ කළා. එපා කියද්දි රණවිරුවන් හිර කරලා ජාතික ආරක්ෂාව විනාශ කළා.

දැන් අගමැතිවරයයි ජනාධිපතිවරයයි දෙපැත්ත බෙදිලා බෝලේ පාස් කර කර ඉන්නවා. දෙන්නා දෙපැත්තේ සාංචි මැද්දේ වගේ ජනතාව මැදට වෙලා බලන් ඉන්නවා. මේ සෙල්ලම හරියන්නේ නැහැ. 2015 ඉඳන් මේ දෙගොල්ලෝ ආණ්ඩු කළේ එකට. රට කෑවේ එකට. එහෙනම් කොහොමද එක් පිරිසක් විතරක් වැරැදි වෙන්නේ. ජනාධිපති ප්‍රමුඛ සමස්ථ ආණ්ඩුව මේ ව්‍යසනයට වගකිව යුතුයි. රනිල් කරූ සජිත් ඇතුළු එක්සත් ජාතික පක්ෂ නායකයන්ට මේ චෝදනාවෙන් ගැලවෙන්න බෑ.

ත්‍රස්තවාදය පරාජය කරන්න ජනාධිපතිට, අගමැතිට සහ ආණ්ඩුවට කොන්ද පණ තියෙන්න ඕනේ. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවහිර කරා කියලා ත්‍රස්තවාදය පරාජය කරන්න බැහැ. ආණ්ඩුව හදන්නේ ත්‍රස්තවාදය අවසන් කරන්න නෙමෙයි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා ජනතාවගෙන් වසන් කරන්නයි. මෙහෙම ගියොත් තත්ත්වය තවත් උග්‍ර වෙලා ජනතාව පාරට බහින එක වළක්වන්න බැහැ.

සමහර ඇමැතිවරුන්ගේ කතා රටේ තියෙන අර්බුදය තව තවත් අවුළුවනවා. මංගල සමරවීර කියන ඇඳුම් නිර්මාණ ශිල්පියා කියලා තියෙනවා ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා. මංගලගේ කතාව අපි තවත් එක මෝඩ කතාවක් කියලා අහක දාන්න හොඳ නැහැ. මංගල හදන්නේ නිවෙමින් තිබෙන ජාතිවාදයේ ගින්න නැවත අවුළුවන්නයි.

මංගලලා දන්නවා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට මේ රටේ සිංහලයන්ගේ ඡන්ද ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා දැන් හදන්නේ ජාතිවාදය අවුළුවලා රටේ ගැටුම් ඇති කරන්නයි. ජනාධිපතිවරයාට කොන්ද පණ තියෙනවා නම් පියල් නිශාන්ත නෙමෙයි මංගල සමරවීරවයි ප්‍රශ්න කළ යුත්තේ. හැබැයි අන්තවාදය පෝෂණය කරපු රිෂාඩ්ලා, හිස්බුල්ලලා අයින් කරගන්න බැරි ජනාධිපතිගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

ජනාධිපතිවරයාගේ අරමුණ වෙලා තියෙන්නේ මේ තියෙන තත්ත්වයෙන් ප්‍රයෝජන අරගෙන ලබන පාරත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නයි. අපට දැනගන්න ලැබිලා තියෙනවා ගෝලීය ත්‍රස්තවාදය පරාජය කරපු නායකයා කියලා බෝඩ් එකක් ගහගෙන ජනාධිපතිවරණයට යන්න සූදානම් වෙනවා කියලා. සාමකාමී රට ත්‍රස්තවාදයට ඇදලා දාපු නායකයා විදියට මිසක් වෙන විදියකට ජනතාව හමුවට යන්න මෛත්‍රිට බැහැ

ඒ අස්සෙන් 2015 දී වැඩබැරි යහපාලන ආණ්ඩුව බලයට ගේන්න කඩේ ගිය රතු අලි පැටව් චම්පිකලා වගේ අය කන්ඩායමත් අලුත් වටයකින් ජනතාව හමුවට එන්න හදනවා. හැබැයි අමතක කරන්න එපා අපේ රට මේ උගුලට වට්ටවන්න මූලික වුණෙත් මේ නඩයම තමයි කියලා. චම්පික රණවකලා දැන් කතා කරන්නේ මැරිලා ඉපදිලා වගෙයි.

චම්පික එදා කිව්වේ රාජපක්ෂලා නැතුවට ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්න මෛත්‍රිට, රනිල්ට පුළුවන් කියලයි. දැන් ඒ කතා බොරු වෙලා තියෙනවා. චම්පිකලා වෙස් මුහුණු බැඳගෙන ආවට ජනතාව හමුවේ ඒ වෙස් මුහුණු ගලවන්න අපි සූදානම්. රට විනාශ කරපු චම්පික, රාජිත, මංගල ඇතුළු යහපාලන හොර නඩයට පාඩමක් උගන්වන්න කියා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

64,439 Viewers

10 Comments to “ගෝලීය ත්‍රස්තවාදය පරාජය කල නායකයා තේමාවෙන් මෛත‍්‍රී මීලග ජනාධිපතිවරණයට…”

  1. ගහනදාස says:

    ගෝලීය ත්‍රස්තවාදය පරාජය කල නායකයා: මම ගැහුවා සමාජ ජාල මාධ්‍යයන්ට හතරගාතේ වැටෙන්න. කියන්න ඕනේ… එක පාරක් නෙවෙයි, කිහිප වරක්. ඊයේ රෑත් ගැහුවා.

    මහජනයා: එත්කොට සෑර්, වහාබ් අන්තවාදී ත්‍රස්තවාදය?

    වේදිකාවේ සිටි අයෙක්: ප්‍රශ්ණ අහන්න තිබූ අවස්ථාව ඉවරයි. අපි දැන් ඊලඟ හරබර කතාවට යොමු වෙමු.

  2. ගරසරප says:

    මුකුත් ඕන නෑ මේ ආන්ඩුව යටතේ ඉතිහාසයේ නොවූ විරූ ලෙස කතෝලිකයන් සහ මුස්ලිම්වරුන් අනාරක්ෂිතය්.

  3. කලණ ජයවර්ධන says:

    ජනතාව රජයට විරුද්ධව බුර බුරා නැගෙන තම කෝපය ප්‍රකාශ කළේ සමාජ මාධ්‍ය ජාල තුලින්. ඒකට බයෙන් තමයි ඒවා තහනම් කළේ. ආණ්ඩුවට ගැතිකම් කරන ප්‍රවෘත්ති පත්‍ර ජනතාව නගන හඩට තම මාධ්‍ය තුළ ඉඩක් දෙන්නෙ නෑ.

  4. kamal says:

    මෙ ‍‍මොන ගෝලිය ත්‍රස්තවාදයක්ද හමුදාවට හා බුද්ධි අංශයට මෙය කජ්ජක් ආයුධ ටික හොයාගත්තම හරි අනිසි බය තියෙන සිංහලයනි නුඹලා මුතුන් මිත්තන්ටත් අගෞරවයක්. ලංකාවේ ත්‍රස්වාදි ප්‍රශ්නය 86.8% ක් විසදලා ඉවරයි.මරාගෙන මැාරන්න හිතන අය ලංකාවේ ඉක්නවානම් ඉන්නෙ තව 12 දෙනයි ඒ අය ඉන්නෙ කපටි නැති ලෝකයක් වන කුරාණයේ අග නගරය වන සමන්තුරේ මිට සක්දෙවිදු

  5. බූරාන් says:

    එක්සත් ජාතික පක්ෂය යනු දෙමළ, මුස්ලිම් සහ කතෝලිකයන අනාථකරන පක්ෂය යි..

  6. desta says:

    hitanta epath nethi wei wage mepara hutanta nam batahira phitai mun chandayak tiyanne neha monawada ottu munge plan eka issahara ta katah terei rate prassna ethi wena taramata hitan tai hutantai wasii

  7. kumudu says:

    Mage hageemanam me Una deta sinhalaen widiyata apit waga kiyanna ona mokada Sinhala api pil bedila enna nisae metaram winasayak une danwat kola nil ratu mal bird aen karala Sinhala jatiya akata hitagata yutui ahema unit me ratata mokekutWat sellam danna ba

  8. ගෝලීය ත්‍රස්තවාදය කඩුවෙන්පරාජය ජයකල අපතයා says:

    ගෝලීය ත්‍රස්තවාදය කඩුවෙන්පරාජය ජයකල අපතයා තේමාව. ලකුණ ආප්පය කපන කඩුව.

  9. වරදට දඬුවම නියතයි says:

    අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදය මර්දනය කරන්න පෙන්දෙකුට බැහැ. සාමාන්‍ය මුස්ලිම් පුජකයනුත් කියනවනේ බෝම්බ පුපුරවපු එවුන් ස්ලාම් නොවේ අන්තවාදීන්, ඔවුන් ස්ලාම් ආගමෙන් එලවනවා කියල. එහෙමනම් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවපු වහාම තුවාලකාරයෝ ඉවත්කර සම්පුර්ණ ස්ථානයම ඌරු තෙල් වලින් ස්ප්‍රේ කලයුතුය. මරාගෙන මැරුණ එකාගේ කෑලි වෙන්කරගන්න පුලුවන්නම් ඒවා ඌරු මස් සමඟ වලදැමිය යුතුය. එතකොට ස්වර්ගය අහිමිවී නිරයට යන නිසා මරාගෙන මැරෙන එවුන් හට අරමුණ වෙනස්කරගන්න සිධවෙනවා. එවිට නොමැරී ප්‍රහාරවලට ඒවි. එවුන් අල්ලලා තුන්වේලට උරුමස්, බොකු, අශුචි, හොම්බේ සුප්, සහ බත්.

  10. 77 UNP says:

    2015 වනවිට හොඳට තිබුන රට විනාශ කරලා අන්තිමට මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ට අහිංසක ජනතාව බිලිදුන් නායකයා යන විරුදවලියත් එක්කම චන්දෙට ආවනම් බොහොම හොඳයි. අමුඩෙත් නැතිව ලක්ෂ උයනට යන්න පුළුවන්.

Leave a Comment

Main News