ගෝලීය සමාජ නායක ජගත් සමුළුවට ශ්‍රී ලංකාවෙන් සිසුන් 11ක්….

July 27, 2019 at 2:12 am | lanka C news
ගෝලීය සමාජ නායක ජගත් සමුළුවට ශ්‍රී ලංකාවෙන් සිසුන් 11ක්….

එලඹෙන අගෝස්තු 4 සිට 16 වෙනිදා දක්වා එංගලන්තයේ වෙලින්ටන් දී පැවැත්වෙන ගෝලීය සමාජ නායක සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසු සිසුවියන් 11 දෙනෙකු සහභාගි වීමට සුදුසුකම් ලබා ඇත.

මෙම සිසු සිසුවියන් කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කරන අතර මෙම සමුළුව සදහා සහභාගි වන පළමු කණ්ඩායම බවට ඔවුන් පත්ව තිබේ.

වඩාත් යහපත් ලෝකයක් ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් සමාජ වෙනසක් කිරීමට බලාපොරොත්තු වන ලෝක තරුණ ප්‍රජාවගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සංවර්ධනයේ ඉලක්ක කරා ගමන් කරන බහු ආගමික හා බහු වාර්ගික රටක අනාගතය භාර ගන්නා පුරවැසියන් ලෙස තම මව්බිමට වගකීම ඉටුකිරීමේ ක්‍රියාපිළිවෙත කෙසේ විය යුතු පිළිබඳව ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම මෙම සමුළුවේදි සාකච්ඡා කිරීමට නියමිතය.

එයට අමතරව ගෝලීය සමාජය තුළ තරුණ ක්‍රියාකාරිකයින් තම සමාජ වගකීම පිළිබඳ ලබා ඇති අත්දැකීම් තුළින් ශ්‍රී ලාංකේය සමාජයට උකහාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව අධ්‍යනය කිරීමට ද මෙම සමුළුව ඔවුනට ප්‍රයෝජනවත් වනු ඇත.

කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මෙත්ලිනි පෙරියප්පෙරුම, අරින්දි ජයසිංහ , නෙහාරා රණසිංහ , සෙනුකා සෝමරත්න , යන සිසුවියන් සමග අනුරාධපුර ලයිසියම් පාසලේ ඉදුමිණ අවිනාශ් , ස්නේහා වික්‍රමසිංහ , රිසින්දි හේරත්, ආද්‍යා මනිමාරන්, ඇඩම් කේෂර , ජීත්වර ජයතිලක සහ තෙවන්මා විජයසිරි යන ශිෂ්‍ය කණ්ඩායම මෙම කණ්ඩායම නියෝජනය කරනු ලබයි.

– ජනිත් දිසානායක

5,827 Viewers
Main News