ග‍්‍රාමීය පාසැල් මුලින් විවෘත කරන්න සාකච්චා.. ලයිස්තුවක්ද හදයි..

May 9, 2020 at 5:30 pm | lanka C news
ග‍්‍රාමීය පාසැල් මුලින් විවෘත කරන්න සාකච්චා.. ලයිස්තුවක්ද හදයි..

කොරෝනා ව්‍යාප්තිය නොමැති ප්‍රදේශවල ග්‍රාමීය පාසැල් මුලින් විවෘත කිරීම සඳහා රජයට යෝජනාවක් ඉදිරිපත්වී තිබේ.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා සමගින් අමාත්‍යංශ ලේකම්වරුන් හා පළාත් ආණ්ඩුකාරවරුන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත.

පවතින තත්ත්වය මත නගරාශ්‍රිත පාසල් ඉක්මනින් විවෘත කළ නොහැකි යැයි මෙහිදී අවධාරණය වී තිබේ.

ඒ අනුව පාසල් විවෘත කිරීමේ මුල් පියවර ලෙස ග්‍රාමීය පාසල් විවෘත කළ යුතු බව යෝජනා වී ඇත.

මෙම සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ නගරවල පාසල් දරුවන්ටත් අසාධාරණයක් නොවන ලෙස මෙම කටයුත්ත සිදුකළ යුතු බවයි.

එනිසා මුල් වටයේ දී විවෘත කළ හැකි පාසල් ලයිස්තුවක් අධ්‍යාපන කලාප මට්ටමින් සකස් කර ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබේ.

295 views

3 Comments to “ග‍්‍රාමීය පාසැල් මුලින් විවෘත කරන්න සාකච්චා.. ලයිස්තුවක්ද හදයි..”

  1. Love nature says:

    කරුණාකර ග්‍රාමීය පාසල් දරුවන්ට රජයෙන් හෙළ කැද ආහාරයක් නොමිලේ පාසල් දරුවන්ට ලබා දෙන්න.

    • LOMBA LOMBAA CHUUL says:

      Onna api ” kolambata kiri gamata kekiri ” sankalpayath wenaskala…….dan GUNP untayi, JPPO ntayi satan paata naa…

      • Lapaya says:

        Gamata corona denta wenta athi thananne? Monawahari kamak na…Nikan denawanan…..

Main News