ඝාතන කුමන්ත්‍රණය සනාථයි.. ජනපති මෛත්රිගේ ආරක්ෂාව දැඩි කරයි..
October 20, 2018 at 3:00 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ඔහුගේ උපදේශකයන් දෙදෙනෙක් ප්‍රකාශ කළහ.
ජනාධිපතිවරයා ඝාතන කිරීමට සැලැස්මක් ඇතැයි අනාවරණය වී මසකට ආසන්න කාලයක් ගත වීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.
ජනාධිපති ඝාතන සැලැස්මට සම්බන්ධ බව කියමින් සැප්තැම්බර් 22 වැනිදා මෙරට පොලිසිය ඉන්දීය ජාතිකයකු ද අත්අඩංගුවට ගත්තේය. ශ්‍රී ලංකා සහ ඉන්දියානු මාධ්‍යය ඔහු එම්.තෝමස් යනුවෙන් හැඳින්වූ අතර ඔහු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචිකරුවකු යැයි ද වාර්තා කර තිබිණි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ උත්සහායක් තිබුණු බව ද පොලිස් නිලධාරියෙක් පැවැසීය.
“ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා” යැයි ජනාධිපති උපදේශකයකු වන ශිරාල් ලක්තිලක මහතා කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.
“අදාළ පාර්ශ්ව දැනටමත් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර කර තිබෙනවා. ඇත්තටම ඔහුගේ ආරක්ෂාව මේ වනවිට වැඩි කර තිබෙනවා. අපිට මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් අවශ්‍යයි” යැයි ද ලක්තිලක මහතා කීවේය.
ජනාධිපතිවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිබූ සැලසුම පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ සැප්තැම්බර් මාසයේ අගදීය. පොලිසියට තොරතුරු ලබාදුන් නාමල් කුමාර නැමැත්තකු ඔහු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අතර වූ දුරකතන සංවාදයක් ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟ එම තොරතුරු අනාවරණය විය.
එහි දි ජනාධිපති සිරිසේන මහතා ඝාතන තැත සම්බන්ධයෙන් ද කියැවිණි.
මෙම ඝාතන කුමන්ත්‍රණයට වෙනත් පාර්ශ්ව හෝ පුද්ගලයන් හෝ සම්බන්ධදැයි මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙම සිදුවීම නිසා ශ්‍රී ලංකාවේ සහ අසල්වැසි ඉන්දියාව අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති වීමේ අවාදනමක් ද හටගත්තේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය බුද්ධි අංශය ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ යැයි පැවැසු බවට පුවත් වාර්තා වීමත් සමඟ උග්‍ර විය.
කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එවැන්නක් ප්‍රකාශ නොකළ බව ඉන්දීය රජය මෙන්ම ශ්‍රී ලංකා රජය ද අවධාරණය කළේය.
– lankadeepa
ඉන්දියාවේ තවමත් අපේ රාවනා රජතුමාගේ පිළිරුව සැම වසරකම පුලුස්සනවා මේකම අපට අනතුරු දැන්වීමක්
මේ අවුරුද්දේ රාවනා පිලිම පුච්ව්හන්න ගිහින් 60ක් කෝච්චියට බිලි
එකසිය විසි ගානකට බරපතල තුවාල
රාවණාගේ බලය ක්‍රියාත්මක වෙනවා
අනිවාර්යයෙන්ම රාවණාගේ බලය ක්‍රියාත්මක වෙනවා
Then arrest Nalaka de Silva immediately.
Why is he attending CID call ups in his Government vehicle?
What is Shani Holmes upto? Trying to derail arrest and the Investigations ?
මේ බයට කරන වැඩ. ඔච්චර සැකනම් අර පොලිසියේ කෙනයි අර කුඩ්ඩෙක් වගේ මනුස්සයයි එදාම හරි නන් ගන්න තිවුනනේ. මේ එන්නේ වෙන පොටකට. සමහර විට චන්ද නොතියා 2025 වෙනකන් මෙයා ඉන්න හදනවා වෙන්න පුලුවන්.
මේක කරන්න අර සල්මන් මාමාට කිව්වා නම් පහළොවක් එවාවි? එතකොට සාක්කිත් නෑ. මිනිහත් නෑ නේද හුටං?
දැන් ජනාධිපති කාර්යාලයෙ නිවේදනයෙ කියනවා මොකුත් නෑ කියලා. මෙයාලට ඒක තහවුරු වෙලත් ඉවරයි.